Local news

වෙනිසියුලාවේ ජනාධිපති අල්ලා ගත් ආකාරයට නෙදන්යාහු පැහැර ගන්න.!

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ රඳවා තබාගත් ආකාරයටම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැහැර ගෙන ගොස් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කරයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මනුෂ්‍යත්වයේ දරුණුතම අපරාධකරු බවත් අමෙරිකාවට සහ තුර්කියට බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගත හැකි බවත් පකිස්ථානයේ ජනතාව එය සිදුවීමට යාඥා කරන බවද ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කරයි. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරන අපරාධ සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය, නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර ඇති බවද ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කරයි. එරට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් මේ බව සඳහන් කරයි.…
Read More

එකට ඉදලා අතට එරෙහි වු මන්ත්‍රීවරුන් පක්ෂයෙන් අයින් කරනවා.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදි පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තීන්දුවක් ගත් බව එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි. ඒ අනුව නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතුරින් වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් සියලු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන බව මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි. අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට නීත්‍යානුකූලව විනය පරීක්ෂණයක් පවත්වා පසුව නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කරන බවද මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි. අද (10) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී චාමර සම්පත් දසනායක…
Read More

රාමසාන් සමයේ විශේෂ නිවාඩු.!

රාමසාන් සමය පෙබරවාරි (19) වන දින සිට මාර්තු (21) වන දින දක්වා පැවැත්වීමට නියමිත බැවින් එම කාල සීමාව තුළ මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත. අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් අදාළ දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.
Read More

පීඩන අවපාතයේ අලුත්ම තත්ත්වය.!

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද (10) පෙ.ව. 11.30 පමණ වනවිට මුලතිව් සිට කිලෝමීටර 20ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද සවස් කාලයේ මුලතිව් ආසන්නයේ වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති අතර එය හෙට (11) දින වනවිට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට හැකියාව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන්…
Read More

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඉතා ආසන්නයි.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

ඉරානයට අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කිරීමට ඉතාම ආසන්න බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. මේ අතර ඉරාන උද්ඝෝෂකයින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුටු කිරීමට උත්සහ කරන කරදරකාරයින් පිරිසක් බව අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සඳහන් කරයි. ඉරාන රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි මේ බව සඳහන් කර ඇත. එය ප්‍රතික්ෂේප කරන පිරිස් ඉදිරියේ පසුබට වීමට සිය රජය සූදානම් නොමැති බවත් ජනරජය බලයට පත්වූයේ ගෞරවනීය පුද්ගලයින් ලක්ෂ ගණනකගේ රුධිරයෙන් බව සියලු දෙනාම දැන ගත යුතු බවද ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සඳහන් කරයි.
Read More

ලංකාවේ ජනගහනයෙන් 4න් 1ක් දරිද්‍රතාවයෙන් පෙළෙයි.!

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ ODI Global ආයතනයේ අනුග්‍රහය යටතේ ස්වාධීන කණ්ඩායමක් විසින් සකස් කළ "ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030" වාර්තාව එළි දැක්වීම පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරිණි. එහිදී ODI Global ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ආචාර්ය ගනේෂන් විග්නාරාජා සඳහන් කළේ, ලංකාවේ ජනගහණයෙන් 4න් 1කට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සිදු කළ සමීක්ෂණ මගින් හෙළිවන බවයි. එනිසා ශ්‍රි ලංකාව මේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණයන්ට ලක්කළ යුතු බවද ODI Global ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ආචාර්ය ගනේෂන් විග්නාරාජා සඳහන් කරයි.
Read More

චීනය සහ රුසියාවට පෙර ග්‍රීන්ලන්තය අයිති කර ගත යුතුයි.!

රටවල් ආරක්ෂා වන්නේ ගිවිසුම් මගින් නොව අයිතිවාසිකම් මගින් බැවින් රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි අයිතිය ලබා ගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත. ඒ හේතුවෙන් ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට සරළ ක්‍රමයකින් හෝ දැඩි ක්‍රමයකින් ක්‍රියා කළ යුතු බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත වැසියන් පවසන්නේ, ග්‍රීන්ලන්තය යනු විකිනීමට ඇති භූමියක් නොවන බවයි. ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට යුද ක්‍රියාමාර්ග ගතහොත් එමගින් නේටෝ සංවිධානයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවද එරට වැසියන් සඳහන් කරයි.
Read More

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න බෑ.. මාධ්‍යට යළිත් රතු එළියක්.!

රටේ ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහතික කිරීම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමාට වගකීමක් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. රූපවාහිනී ආයතන වලට තාවකාලික බලපත්‍ර ලබාදී තිබෙන බවත් ජාතික ආරක්ෂාව සෞඛ්‍ය වැනි කාරණාවලදී ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න ඔවුන් කොන්දේසි වලින් බැදී සිටින බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස (09) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, "ජනමාධ්‍ය ඇමති ලෙස මට වගකිමක් තියනවා ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහතික කරන එක. ඒ වගේම මේ රූපවාහිනී ආයතනවලට තාවකාලික බලපත්‍ර ලෙස තමයි ලබා දීලා තිබෙන්නෙ. ඒ අය කොන්දේසි වලින් බැඳෙනවා විශේෂයෙන් ජාතික ආරක්ෂාව සෞඛ්‍ය වැනි කාරණාවලදී ජනතාවට සත්‍ය තොරතුරු…
Read More

රටේ අපරාධ යට ගහන්න යොදාගත් සංකේතයක් තමයි දේශබන්දු තෙන්නකෝන්.!

පහුගිය කාලයේ විපක්ෂ කණ්ඩායම් ඔක්කොම එකතු වී අපරාධ පරීක්ෂණ යට ගැසීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය අමු අමුවේ යොදාගත් බව ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි. අමාත්‍ය බිමල් රත්නායක (09) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, "දැන් එහෙනම් තියෙන එකම අරමුණ මොකක්ද.? තමන්ට නඩු වැටිලා තියෙනවා, තමන්ගේ නඩු ටික බේරගන්න ඕන. බේරගන්න තියෙන එක එක ක්‍රම හොයනවා. එකක් තමයි, දැන් මේගොල්ලන් පහුගිය කාලේ මොකක්ද කළේ මේ කණ්ඩායම් ඔක්කොම එකතු වෙලා. සම්පුර්ණයෙන්ම මේ අපරාධමය පරීක්ෂණ, පරීක්ෂණ කරන්න තියෙන ආයතන ඔක්කොම පරීක්ෂණ යට ගැසීම සඳහා පාවිච්චි කරා. ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය අමු අමුවේ යොදාගත්තා. ඒකෙ එක සංකේතයක් විතරයි ඔය දේශබන්දු තෙන්නකෝන් කියන්නේ. මේ…
Read More

කොණ්ඩ රංජි ඩුබායිහිදී අත්අඩංගුවට.!

අපරාධ කල්ලි සාමාජික කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු, හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයෙකු බව සඳහන් වේ. අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට ඩුබායි හි මූලස්ථාන පොලිසියේ රඳවා සිටින බව වාර්තා වේ.
Read More