Local news

ජනපති සහ විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති අතර සාකච්ඡා සාර්ථකයි.!

By Reporter.lk on (LK time) ලංකා විදුලිබල මණ්ඩලයේ සිටි සියලු සේවකයන්ගේ ගැටලුවලට හැකි ඉක්මණින් විසඳුම් ලබාදීම රජයේ අපේක්ෂාව බවත් එතෙක් සියලු පාර්ශ්වයන් මනා අවබෝධයෙන් කටයුතු කරමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට රජයට සහාය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි. ලංකා විදුලි බල මණ්ඩලය තුළ හිමිවු සියලු සේවක අයිතිවාසිකම් ඒ අයුරින්ම නව සමාගම් තුළ තහවුරු කිරීමත්, සමාගම් යටතේ සේවක අයිතින් සුරක්ෂිත කිරීමත් රජයේ ස්ථාවරය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම අන්තර්කාලීන අවස්ථාවේ අවබෝධයෙන්…
Read More

නව මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කරයි.!

By Reporter.lk on (LK time) නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් පත් කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (13) ජනාධිපති කාර්යාලයේදී එස්. සතීස්තරන් වෙත භාර දෙන ලදී. අධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන එස්. සතීස්තරන්, චාවක්කච්චේරී දිසා විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කළේය.
Read More

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ හේමසිරි – පූජිත්.!

By Reporter.lk on (LK time) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තියේ සාක්ෂි ලබන (26) වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. මෙම නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අධිකරණය හමුවේ පෙනී සිටියේය.
Read More

නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කරයි.!

By Reporter.lk on (LK time) අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් වනාතවිල්ලුව ලැක්ටොවත්ත දහන උඳුනේදී අද (13) දින විනාශ කෙරුණි. කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ අධිකරණයෙන් අද (13) අලුයම පිටතට ගනු ලැබීය. ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 40යි ග්‍රෑම් 539ක්, කැතීන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132ක්, කොකේන් ග්‍රෑම් 55ක් හා මත්පෙති 3,482ක් වූ බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි. එම කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ අධීක්ෂණයෙන් පසු මෙම මත්ද්‍රව්‍ය හා මත්පෙති වනාතවිල්ලුව ලැක්ටොවත්ත දහන උඳුනේදී විනාශ කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මධ්‍යයේ රැගෙන…
Read More

රටේම ජනතාවට අනතුරු ඇඟවීමක්.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. ඉදිරි උත්සව සමයත් සමඟ අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධව සැලකිලිමත් වන ලෙසට දැනුම් දී ඇත. මේ වසරේ ගතවූ මාස දෙක තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ සිදුවීම් කිහිපයක්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වෙත වාර්තා වී ඇති බව එම සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල සඳහන් කරයි. ඉදිරියේ පැමිණෙන උත්සව සමයත් සමඟ, විශේෂයෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය තුළ වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලෙස පෙනෙන ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ ලින්ක් අන්තර්ජාලය හරහා පැතිර යාමේ අවදානම වැඩි බවද සඳහන් කරයි.…
Read More

ශෂීන්ද්‍ර ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් බව දැනුම් දෙයි.!

දූෂණ චෝදනාවකට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (13) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත. මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙන බවත් එම කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුලි මස (10) වනදා කැඳවන ලෙස නියම කළේය. අදාළ නඩුකරය කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටින සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිස අධිකරණය…
Read More

අමෙරිකානු හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි.. වගකීම ඉරාක සන්නද්ධ කණ්ඩායමකට.!

By Reporter.lk on (LK time) අමෙරිකාව විසින් ඉරානයට එරෙහි යුද්ධයේ මෙහෙයුම් සඳහා යොදාගත් අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටී ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කරයි. 'Boeing KC-135 Stratotanker' වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර "එපික් ෆියුරි" මෙහෙයුම අතරතුර මිත්‍රශීලී ගුවන් අවකාශයේදී මෙම අනතුර සිදුව ඇත. අමෙරිකානු හමුදාවට අයත් 'Boeing KC-135 Stratotanker' යානය ඉරාකය තුළදී අනතුරට ලක්වීමේ සිදුවීමේ වගකීම ඉරානයට හිතවත් ඉරාක සන්නද්ධ කණ්ඩායමක් විසින් බාරගෙන ඇත. කෙසේ වෙතත් මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ තම හමුදා වෙතින් එල්ල වූ ප්‍රහාරයක් නොවන බවත් ඉන්ධන පිරවීමේදී ඇති වූ සිදුවීමක් බව අමෙරිකානු හමුදාව සඳහන් කරයි. බටහිර ඉරාකයේ…
Read More

ඉරාන පාපන්දු කණ්ඩායම⁣ට ට්‍රම්ප් අනතුරු අඟවයි.?

By Reporter.lk on (LK time) පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත. අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සත්කාරකත්වයෙන් මෙවර පාපන්දු ලෝක කුසලානය ජුනි මස (11) වනදා දින ආරම්භ වීමට නියමිතය. මෙවර ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ඉරාන පාපන්දු කණ්ඩායම සිය රටට සාදරයෙන් පිළිගන්නා නමුත් ඔවුන් තරග කිරීම සුදුසු යැයි තමා විශ්වාස නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. සිය Truth Social හි සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, "ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයට සාදරයෙන් පිළිගන්නවා. නමුත් ඔවුන්ගේ ජීවිතය සහ ආරක්ෂාව සඳහා ඔවුන් එහි…
Read More

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් කරන්න සජබ දිනයක්.!

By Reporter.lk on (LK time) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම ලබන (17) වැනිදා සිදු කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. අනතුරුව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන (18) වැනිදා කතානායකවරයා වෙත බාරදීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
Read More