ලංකාවේ ජනගහනයෙන් 4න් 1ක් දරිද්‍රතාවයෙන් පෙළෙයි.!

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ ODI Global ආයතනයේ අනුග්‍රහය යටතේ ස්වාධීන කණ්ඩායමක් විසින් සකස් කළ “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030” වාර්තාව එළි දැක්වීම පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරිණි.

එහිදී ODI Global ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ආචාර්ය ගනේෂන් විග්නාරාජා සඳහන් කළේ, ලංකාවේ ජනගහණයෙන් 4න් 1කට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සිදු කළ සමීක්ෂණ මගින් හෙළිවන බවයි.

එනිසා ශ්‍රි ලංකාව මේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණයන්ට ලක්කළ යුතු බවද ODI Global ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ආචාර්ය ගනේෂන් විග්නාරාජා සඳහන් කරයි.