රාමසාන් සමයේ විශේෂ නිවාඩු.!

රාමසාන් සමය පෙබරවාරි (19) වන දින සිට මාර්තු (21) වන දින දක්වා පැවැත්වීමට නියමිත බැවින් එම කාල සීමාව තුළ මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.

අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් අදාළ දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.