රටේ අපරාධ යට ගහන්න යොදාගත් සංකේතයක් තමයි දේශබන්දු තෙන්නකෝන්.!

පහුගිය කාලයේ විපක්ෂ කණ්ඩායම් ඔක්කොම එකතු වී අපරාධ පරීක්ෂණ යට ගැසීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය අමු අමුවේ යොදාගත් බව ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක (09) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“දැන් එහෙනම් තියෙන එකම අරමුණ මොකක්ද.? තමන්ට නඩු වැටිලා තියෙනවා, තමන්ගේ නඩු ටික බේරගන්න ඕන. බේරගන්න තියෙන එක එක ක්‍රම හොයනවා. එකක් තමයි, දැන් මේගොල්ලන් පහුගිය කාලේ මොකක්ද කළේ මේ කණ්ඩායම් ඔක්කොම එකතු වෙලා.

සම්පුර්ණයෙන්ම මේ අපරාධමය පරීක්ෂණ, පරීක්ෂණ කරන්න තියෙන ආයතන ඔක්කොම පරීක්ෂණ යට ගැසීම සඳහා පාවිච්චි කරා. ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය අමු අමුවේ යොදාගත්තා.

ඒකෙ එක සංකේතයක් විතරයි ඔය දේශබන්දු තෙන්නකෝන් කියන්නේ. මේ සමස්ත අපරාධ යට ගහන්න, සාක්ෂිකරුවන් හංගන්න, සාක්ෂි විනාශ කරන්න, පොත්වල පිටු ඉරන්න පාවිච්චි කළේ, අපරාධකරුවා ආරක්ෂා කරමින් අපරාධය යට කරන්න.

ඒක නිශ්චිත කරුණක්. ඒව නිකන් මේ හා කොහොමද කියන්න බෑ. ඒක දේශබන්දුගේ අපි මෙතන පාර්ලිමේන්තුවම එකතු වෙලා දේශබන්දුව අයින් කළේ ඒ නිසා.

ඒ වගේම තමයි හිටපු පොලිස්පතිතුමා ලියලා කිවුවා, OIC ලා 184න් 182ක් එහෙම තමයි පත් කරේ දේශපාලන විදිහට මේගොල්ලන්. ඒ විතරක් නෙමෙයි, පාස්කු ප්‍රහාරය වගේ ගත්තොත් ගෝඨාභය රාජපක්ෂලා දිනපු ගමන්ම මුළු පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ කරපු බොහෝ නිලධාරීන් මාරු කරා.

සමහරු හිරෙත් දැම්මා. ඒ නිසා පරීක්ෂණ යට ගැසීම වෙනුවෙන් තමයි පරීක්ෂණ ආයතන ඔක්කොම කළේ. ඒ වගේම අධිකරණයටත් යම් යම් බලපෑම් කරලා, ඉතාම නරකම සංකේතයක් තමයි අග්‍රවිනිශ්චයකාරතුමියට හිටපු ශිරානි බණ්ඩාරනායක මැතිනියට කරපු දේ.”

1 Comment
Most Voted
Newest Oldest