නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද (10) පෙ.ව. 11.30 පමණ වනවිට මුලතිව් සිට කිලෝමීටර 20ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද සවස් කාලයේ මුලතිව් ආසන්නයේ වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති අතර එය හෙට (11) දින වනවිට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට හැකියාව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.
උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවත් පුත්තලම, මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවර ඵළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තද සුළං ඇති විය හැකි බවද සඳහන් කරයි.


