නවතම පුවත්

ZOOM නිවේදනය කර ඇත්තේ ස්තූති පළ කිරීමේ දිනය (Thanksgiving Day) යෙදෙන අද (නොවැම්බර් 26දා) දිනයේ ඔවුන් නොමිලේ ලබාදෙන මිනිත්තු 40ක වීඩියෝ ඇමතුම් කාලය, සීමාවකින් තොරව ලබාදීමට කටයුතු කරන බවය. කොරෝනා වසංගතය හමුවේ ස්තුති පළ කිරීමේ දිනයේදී එකිනෙකා අතර සබඳතා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් පවත්වා ගැනීම සඳහා මෙම අවස්ථාව ලබාදී ඇති

අපොස උසස් පෙළ (2019) විභාගයට නව සහ පැරණි විෂය නිර්දේශයන් යටතේ පෙනී සිට සමත් වූ සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා යොදාගත් ක්‍රමවේදය අවලංගු කරන්නැයි ඉල්ලා සිසුන් 42කු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ඊයේ (21 වැනිදා) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ සිය ප්‍රකාශයට පත් කිරීම මෙම 23 වැනිදාට

අ.පො.ස. (උ.පෙළ) විභාගයට 2019 වර්ෂයේ පෙනී සිට සමත්වූ තමන් භෞතිකවිද්‍යා සහ ඉංජිනේරු පාඨමාලා හැදෑරීමට රජයේ විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේදී බලවත් අසාධාරණයක් වුණැයි කියමින් සිසුන් විශාල පිරිසක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එහි සභාපති ජ්‍යෙෂ්ඨ

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන සංචාරක ඇමැති කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට ඇමැති ප්‍රසන්න රණතුංග තීරණය කර ඇත. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 25 වැනි මහලේ දැනට පවත්වාගෙන යන සංචාරක ඇමැති කාර්යාලය වෙනුවෙන් විශාල මුදලක් වැය වන නිසා මෙම තීරණය ගත් බව ඇමැතිවරයා ප්‍රකාශ කර සිටී. කොළඹ රක්ෂණ මන්දිරයේ මෙතෙක්