ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදි පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තීන්දුවක් ගත් බව එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.
ඒ අනුව නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතුරින් වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් සියලු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන බව මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.
අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට නීත්‍යානුකූලව විනය පරීක්ෂණයක් පවත්වා පසුව නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කරන බවද මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.
අද (10) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කරයි.
