Local news

හිටපු ඇමති ජොන්ස්ටන් තාමත් අතුරුදන්.!

ස.තො.ස ආයතනයේ වාහන අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන නමුත් ඔහු සිටින තැනක් සොයාගැනීමට පොලීසියට නොහැකිවී ඇත. කෙසේ වෙතත් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය තවදුරටත් විමර්ශන ආරම්භ කර ඇත. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ දුරකතනය විසන්ධි කර ඇති අතර ඔහු සැඟවී ඇතැයි සැක කරන ස්ථාන කිහිපයක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇත. මේ අතර හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු වත්තල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස (09) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Read More

හෙට සිට වැස්ස වැඩි වෙයි.!

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව හෙට (05) සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුව බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු පළාතේත්, අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ…
Read More

වෙනිසියුලාවේ පාලනය අමෙරිකාව යටතට ගනී.!

වෙනිසියුලාවේ ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරයි. ඒ අනුව ආරක්ෂිත නිසි සහ විචක්ෂණශීලි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු අමෙරිකාව විසින් වෙනිසියුලාව පවත්වාගෙන යන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. ජනාධිපති මධුරෝ සහ ඔහුගේ බිරිඳ දැන් අමෙරිකානු යුක්තියට මුහුණ දීමට නියමිත බවත් එක්සත් ජනපදයට සහ එහි පුරවැසියන්ට එරෙහිව මාරාන්තික මත්ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් නිව්යෝර්ක් හීදි අධිචෝදනා ගොනු කර ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. තවද වෙනිසියුලාවට එරෙහිව දෙවන හා ඊටත් වඩා විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපදය සූදානම් බවත් පළමු ප්‍රහාරයේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් දැන් එය එසේ…
Read More

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍ය චාරිත්‍රය ඉටුකරයි.!

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදු කෙරෙන සතර මහා මංගල්‍යයන් අතරින් නව වසරේ පළමුවෙන්ම යෙදෙන අලුත් සහල් මංගල්‍ය පෞරාණික චාරිත්‍රානුකූලය හා ආගමික වතාවත් අනුව අද (03) දුරුතු පුර පසළොස්වක පොහෝ දින සිදුකරන ලදී. පසුගියදා ශ්‍රී දළදා මාලිගය වෙත රැගෙන ආ අලුත් සහලින් පිසූ දානය චිරාතග සම්ප්‍රදායානුකූලව පුජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ මේධංකර නාහිමිපාණන් වහන්සේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රමුඛ නිල රාජකාරිකරුවන්ගේ සහභාගීත්වයෙන් දළදා හාමුදුරුවන් වහන්සේට පූජා කරන ලදී. නව වසරේ නැවුම් සහලින් ශ්‍රී දළදා සමිඳුන් පිදීම පෙර රජ දවසේ සිටම සෑම වසරකම දුරුදු පුන් පොහෝ දින සිදුකරනු ලබයි. ශ්‍රී දළඳා මාළිගාවට අයත් කෙත් වතුවලින් නෙලා ගන්නා වී අස්වැන්නේ අග්‍රඵලය පල්ලේකැලේ…
Read More

ප්‍රශ්නගත හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය.!

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් කළ මූලික පරික්ෂණයේ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට භාරදී ඇත. තවද, එම සිදුවීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය විසින්ද, වෙනම පරික්ෂණයක් මේ වනවිට සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි. මෙම සිද්ධියට වගකිව යුත්තන් සොයා තවත් පරික්ෂණ කමිටුවක් කඩිනමින් පත් කරන බවද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි. හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය බෙදාහැරීමට පෙර සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂඥයින්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයිද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනූව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ…
Read More

වෙනිසියුලා ජනපතිට සහ ඔහුගේ බිරිඳට අධි චෝදනා ගොනු කෙරේ.!

මේ වනවිට අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා සම්බන්ධව නඩු ගොනු කර අධි චෝදනා ගොනු කරන බව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳට මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම, එම ආයුධ මගින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත නිව්යෝර්ක් හිදී අධි චෝදනා ගොනු කර ඇත.
Read More

ගාල්ල නගර සභාවේ මන්ත්‍රීවරියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා.!

ගාල්ල මහ නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි. ගාල්ල මහ නගර සභාවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස දැඩිව අවධානය යොමු කර ඇති බවත් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි. ඊයේ (02) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.
Read More

වෙනිසියුලා ජනාධිපති සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ අත්අඩංගුවට.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග අනුව අමෙරිකානු හමුදා විසින් වෙනිසියුලාවට ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත. අනතුරුව වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් පිටතට රැගෙන ගොස් ඇත. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.  අමෙරිකානු නීති අංශ සමඟ ඒකාබද්ධව සිදුකළ මහා පරිමාණ මෙහෙයුමකින් පසුව මදුරෝ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන වෙනිසියුලාවෙන් පිටතට රැගෙන ගොස් ඇති බව එම සටහන මගින් සඳහන් කර ඇත.
Read More

පොලීසියට මුදල් දෙන්න අවශ්‍ය නෑ.. 15 වැනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි.!

එළැඹෙන (15) වනදායින් පසුව දිවයින පුරා Govpay හරහා රථ වාහන වැරදි සඳහා වන දඩ ගෙවීමට හැකියාව සලසන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි. නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ, "(15) වැනිදාට පෙර රට පුරා අවසන් කරනවා. Govpay හරහා Online හරහා දඩ ගෙවිය හැකියි. නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. රස්තියාදු වෙන්න අවශ්‍ය නෑ. රියදුරන් පොලීසියට මුදල් දෙන්න අවශ්‍ය නෑ. අල්ලස් දීම හා ලබාගැනීම වරදක්. අපරාධ නීතිය යටතේ කටයුතු කරනවා. පොලීසිය ඉදිරියේදී චෝදනාවන්ට ලක්වන එකක් නෑ."
Read More

සුපිරි චන්ද්‍රයා සහ උල්කාපාත වර්ෂාවක්.!

2026 වසරේ දර්ශනය වීමට නියමිත ප්‍රධාන උල්කාපාත වර්ෂා වලින් එකක් අද (03) සහ හෙට (04) රාත්‍රියේ දර්ශනය වීමට නියමිත බව ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය සඳහන් කරයි. හෙට අලුයම 4.00ත් 5.00ත් අතර කාලය තුළ ඊසානදිග අහසේ මෙම උල්කා වර්ෂාව දර්ශනය වනු ඇති බවද ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය සඳහන් කරයි. එම මධ්‍යස්ථානයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ, "දැන් ජනවාරි මාසේ ගත්තොත් විශේෂයි. දැන් මේ සුපිරි හඳක් ගැන අපි කතා කරනවා බොහෝ දෙනෙක්. ඊට අමතරව ජනවාරි තුන, හතර, සෙනසුරාදා, ඉරිදා දවස්වල රාත්‍රී අහස බැලුවොත් ප්‍රධාන උල්කා වර්ෂාවලින් එකක් අපිට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන්…
Read More