Local news

BYD ලෝකයේ පළමු තැනට.!

මෙතෙක් කලක් විදුලි වාහන කිරුළ දරා සිටි අමෙරිකාවේ ටෙස්ලා සමාගම අබිබවා 2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව ඇත. අමෙරිකාවේ ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ චීනයේ BYD සමාගම මෙලෙස ඔවුන් අබිබවා ගොස් ඇත.  අමෙරිකාවේ ටෙස්ලා සමාගම 2025 වසරේදී වාහන මිලියන 1.64ක් අලෙවි කර ඇති අතර චීනයේ BYD සමාගම 2025 වසරේදී වාහන මිලියන 2.26ක් අලෙවි කර ඇති බව නවතම වාර්තාවකින් හෙළිවී ඇත.
Read More

අවුරුදු 14ක දරුවෙක් පහරදී ඝාතනය කරයි.!

වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. එම දරුවාට පහරදෙන බවට නූරිය පොලිස් ස්ථානයට ඊයේ (02) රාත්‍රියේ පණිවුඩයක් ලැබීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පිරිමි ළමයා නිවසක් අසල වැටී සිට ඇත. අනතුරුව එම දරුවා රෝහලට ඇතුළත් කළද, ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත. මෙම මරණය සැකකටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එම මරණයට සැකපිට දරුවාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීමට වැඩ අරඹයි.!

විදෙස්ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සඳහන් කරයි. ඉදිරි මැතිවරණයකදී නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සඳහන් කරයි.
Read More

ලංකාවේ පොල් අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි.!

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇත. අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,033.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83%ක කැපී පෙනෙන වර්ධනයක් වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. එහි සුවිශේෂීත්වය වන්නේ, හුදෙක් පොල් පිටරට අපනයනය වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමය. දියරමය පොල් කිරි, පොල් තෙල්, පොල් ක්‍රීම්, විජලනය කළ පොල්, ඇක්ටිවේටඩ් කාර්බන් සහ කොකෝ පීට් වැනි නිෂ්පාදන සඳහා…
Read More

කොළඹ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි.!

අද (03) දින අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇත. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත. මෙම හදිසි බිදවැටීම යථාවත්කර අද (03) මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපේක්ෂා කරයි.
Read More

කෝටි 300ක මත්ද්‍රව්‍ය විනාශ කරයි.!

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන්ගේ මැදිහත් වීමෙන් රුපියල් කෝටි 300කට ආසන්න හෙරෝයින් හා අබිං මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පිහිටි අධි දහන උදුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝධරගම ඉදිරියේදී (02) සිදුවිය. අදාල මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් නඩු කටයුතු අවසන් වීමෙන් පසුව මෙලෙස අධිකරණ නියෝග මත විනාශ කළේය. මෙම මත්ද්‍රව්‍ය තොගය (02) දින උදෑසන කොළඹ මහසේත්‍රාත් අධිකරණයෙන් භාර ගැනීමෙන් අනතුරුව දැඩි පොලිස් හා විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මත වනාතවිල්ලුව වෙත රැගෙන ඒම සිදුවිය. අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබාදි තිබු හෙරෝයින් කිලෝ 106 ග්‍රෑම්ස් 248 හා අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම්ස් 90.5ක් මෙලෙස විනාශ කර ඇත.
Read More

සජබ චන්ඩි සභාපතිට වැඩ වැරදුන හැටි.!

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීම සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අත්අඩංගුවට ගත් සභාපතිවරයා අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන (08) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.
Read More

රජයෙන් නව ඩිජිටල් පද්ධතියක්.!

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙත කඩිනම් සහන සේවා පූර්ණ විනිවිදභාවයකින් යුතුව ලබා දීම සහතික කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් විශේෂ තොග පාලන පද්ධතියක් (Inventory Control System) ක්‍රියාවට නැංවීමට රජය පියවර ගෙන තිබේ. මෙම පද්ධතියේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ජනාධිපති කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC), ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ සයන්ටර් ටෙක්නොලොජීස් (Scienter technologies) පුද්ගලික සමාගම යන ආයතනවල නිලධාරීහු ඊට සහභාගී වූහ. ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීම මත, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) වෙත හඳුන්වා දී ඇති මෙම නව මෘදුකාංග පද්ධතිය මගින් ආපදා සහන බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කෙරේ.…
Read More

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජනපතිගේ අධීක්ෂණයට.!

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම එම ව්‍යාපෘතිවල කටයුතු එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අද (02) දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 2026 අයවැය ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 10,200ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය සහ…
Read More

දිට්වාගෙන් බැට කෑ ජනතාවට ඇස් ලෙඩින් පීඩා.!

රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් සිදු කරමින් පවසන්නේ දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාව රඳවා සිටින ආරක්ෂිත මධ්‍යස්ථාන සහ කඳවුරු තුළ අක්ෂි රෝග පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවයි. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහත්මිය අවධාරණය කර සිටියේ නිවැරදි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම තුළින් මෙම තත්ත්වය කල්තියා වළක්වා ගැනීමට හැකියාව පවතින බවයි. විශේෂයෙන්ම විශාල පිරිසක් එකම ස්ථානයක සමූහ වශයෙන් රැඳී සිටින මෙවැනි අවස්ථාවලදී බෝවන රෝග ව්‍යාප්තියේ අවදානම ඉහළ මට්ටමක පවතින බව වෛද්‍යවරිය පෙන්වා දුන්නාය. සාමාන්‍ය ව්‍යවහාරයේ ‘ඇස් ලෙඩ’ (Sore eyes) යනුවෙන් හඳුන්වන ඇස් රතුවීමේ රෝගී තත්ත්වය මෙහිදී ප්‍රධාන වශයෙන්…
Read More