Local news

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුට දුන් නියෝගය.!

රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගාල්ල ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ස.තො.ස හිටපු ප්‍රවාහන කළමණාකරු ඉන්දික රත්නමලල අද (04) වත්තල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළේය. වත්තල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ස.තො.ස හිටපු ප්‍රවාහන කළමණාකරු ඉන්දික රත්නමලල ජනවාරි (09) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ ස.තො.ස ආයතනයේ ප්‍රවාහන කලමනාකාරවරයා ලෙස කටයුතු කර ඇති සැකකරු 2012 වර්ෂයේදී අදාල ආයතනය සතු ලොරි රථයක් පෞද්ගලික ආයතනයක පරිහරණයට ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත්තේය.
Read More

ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි.!

පසුගිය වසරේදි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වසරක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත ආදායම ලෙස රුපියල් මිලියන 1688ක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසුව සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 1688ක් පසුගිය 2025 වර්ෂයේදී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇත.  ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නව නිෂ්පාදන 07ක් හඳුන්වාදීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් එම සංස්ථා පරිශ්‍රයේ පැවැති උත්සවයේදී මෙම කරුණු අනාවරණය විය. 
Read More

මේ වසරේ නව ඖෂධ 10ක් වෙළෙඳපොළට.!

2026 වසරේ නව ඖෂධ 10ක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහන් කරයි. මේ වන විට ඖෂධ වර්ග 70ක් නිෂ්පාදනය කරන බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ජයන්ත විජයබණ්ඩාර සඳහන් කරයි. රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයට නුදුරින් ඉදිවෙමින් පවතින මහල් දෙකකින් යුත් ඖෂධ ගබඩා සංකීර්ණය ලබන මාර්තු මාසයේ විවෘත කිරීමට සැලසුම් කර ඇත. තවද හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ ගබඩා සංකීර්ණයක් සහ ඖෂධ නිෂ්පාදන සහ ඇසුරුම් සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
Read More

ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක කිරීම කල් දමයි.!

ආහාර උපදේශන කමිටුවෙන් විමසීමෙන් අනතුරුව, ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ ඇති නියෝග කිහිපයක් බලාත්මක වන දිනය කල් දැමීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පියවර ගෙන ඇත. ඒ අනුව 2023 පෙබරවාරි මස (14) වන දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක කිරීම ලබන ජුලි මස (01) වන දින දක්වා කල් දැමීමට පියවර ගෙන ඇත. ආහාර ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ නියෝගය, දියර ආහාරවල සීනි මට්ටම සදහා වර්ණ සංකේතවත් කිරීමේ නියෝගය, ආහාර සදහා ලුණු අයඩීනිකරණය කිරීමේ නියෝගය සහ ට්‍රාන්ස් මේද පිළිබඳ නියෝගය යන නියෝග බලාත්මක කිරීම ජුලි මස (01) වන…
Read More

වෙනිසියුලා ජනපති රැඳවුම් මධ්‍යස්ථානයට.!

අමෙරිකානු ආරක්ෂක අංශ සිය භාරයට ගත් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මේ වනවිට බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙනවිත් ඇත. අලුයම ඔහු එක්සත් ජනපදයේ හමුදා කඳවුරකට රැගෙන ඒමෙන් පසුව බලධාරීන් ඔහුව නිව්යෝර්ක්හි එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන කාර්යාලයට ගෙන ගියේය. නිකොලස් මදුරෝට මත්ද්‍රව්‍ය සහ ආයුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර පසුව බෘක්ලින්හි රැඳවුම් ස්ථානයකට මාරු කරන ලදී.  මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක්හි විනිසුරුවරයෙකු ඉදිරියේ නඩු විභාගයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read More

කෝටි ගණනක බඩුත් සමඟ මාට්ටු වු ගුවන් සේවිකාව.!

ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නිතීවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ පෞද්ගලික ගුවන් සමාගමක ශ්‍රී ලාංකික ගුවන් සේවිකාවක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ රන් භාණ්ඩ තොගය සිය ගමන් මල්ලේ සඟවා මෙරටට රැගෙන විත් ඇති අතර ගුවන් යානා කාර්යය මණ්ඩල සදහා පිටතට පැමිණීමේ දොරටුවෙන් ඇය පිටව යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ගුවන් සේවිකාවගේ ගමන් මල්ලේ තිබී කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 163ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් සොයාගත් බව ගුවන් තොටුපල රේගුව සදහන් කරයි. රුපියල් හාර කෝටි පනස් නව ලක්ෂ විසි හය දහස් නවසිය පනස් හතක් වටිනා එම තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරි 27 හැවිරිදි කොළඹ…
Read More

සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට සූදානම්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එම ධූරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එම ධුරයෙන් ඉවත්වීමට නියමිතය. ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුණද ප්‍රධාන පුහුණුකරු ධුරයේ රැදී සිටීමේ අදහසක් සනත් ජයසූරියට නොමැති බව ප්‍රකාශ කර ඇත.
Read More

වෙනිසියුලාවට නොමිලේ Starlink සේවා.!

වෙනිසියුලාවට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට ඊලෝන් මස්ක්ගේ Starlink පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සේවාවන් සඳහා වෙනිසියුලානු ජනතාවට නොමිලේ ප්‍රවේශය ලබා දීමට පියවර ගන්නා බව, X සටහනක් තබමින් Starlink සඳහන් කරයි. Starlink වෙතින් මෙම පියවර ගෙන ඇත්තේ, වෙනිසියුලාව රජයේ දැඩි රෙගුලාසි මෙන්ම රට පුරා විසන්ධි කිරීම් සහ මන්දගාමී අන්තර්ජාල සේවාවක් සම්බන්ධව දිගු ඉතිහාසයක් පවතින පසුබිමක වේ.
Read More

පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්.!

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් ආරම්භ කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් කරයි. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් හෙට (05) දිනයේ සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස (09) වනදා නිකුත් කරනු ලැබු චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
Read More

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට.!

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ස.තො.ස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල අත්අඩංගුවට ගෙන ඇත. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් එම ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
Read More