Local news

හෙට සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්.!

හෙට සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්.!

හෙට (23) දින උදෑසන 8.00 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව එම සංගමය සඳහන් කරයි. කෙසේ වෙතත් මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය සඳහන් කරයි.
Read More
රනිල් ළගට ගිය රමේෂ් නැවතත් පොහොට්ටුවට.!

රනිල් ළගට ගිය රමේෂ් නැවතත් පොහොට්ටුවට.!

පසුගිය ජනාධිපතිවරයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වු හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත් කර ඇත. ඊට අදාළ පත්වීමේ ලිපිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අතින් පක්ෂ කාර්යාලයේදී අද (22) ලබාගෙන ඇත.  තවද රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෞඛ්‍ය වෘත්තියකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසද පත්වීම් ලැබීය. 
Read More
Rebuilding Sri Lanka අරමුදලට මිලියන 25ක්.!

Rebuilding Sri Lanka අරමුදලට මිලියන 25ක්.!

‘Rebuilding Sri Lanka’ අරමුදලට COLOMBO STOCK EXCHANGE (GL 12) වෙතින් රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ඊට අදාළ චෙක්පත COLOMBO STOCK EXCHANGE (GL 12) හි සභාපති දිමුතු අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක සහ ජ්‍යෙෂඨ උප සභාපති කුසල් නිශ්ශංක විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙනු ලැබීය.
Read More
මහනුවර මැණිකෙට වටිනාකමක් නොමැති බව තහවුරු වෙයි.!

මහනුවර මැණිකෙට වටිනාකමක් නොමැති බව තහවුරු වෙයි.!

මීට දින දෙකකට පෙර, මහනුවර ගලහා දෙල්තොටවත්ත කල්ලන්තැන ශ්‍රී මුතුමාරි අම්මන් දේවාලයේ අසල සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය දැනුම් දී තිබේ. කළුගලක නිල් පැහැති මැණික් ගලක් සේ දිස්වෙන පාෂණයක් එහිදී ප්‍රදේශවාසීන් හඳුනාගෙන තිබූ අතර පසුව එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය විසින් සිදුකරන ලදී. කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසා ඇත්තේ, පර්වතයේ ධාරක පර්වතයක් තුළ  "Labradorite" ලැබ්‍රඩෝරයිට් නම් ඛනිජය කුඩා ප්‍රමාණයක් තැන්පත් වී ඇති බවය. ලැබ්‍රඩෝරයිට් ඛනිජය අර්ධ වශයෙන් වටිනාකමක් උසුලන මැණික් පාෂාණයක් ලෙස වර්ගීකරණය කර ඇති බව එහි සඳහන් වේ. නමුත් එම පාෂාණය සඳහා ඉහළ වාණිජ…
Read More
මෑත කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය නුවරඑළියෙන්.!

මෑත කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය නුවරඑළියෙන්.!

අද (22) දිනයේ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථාන වලින් වාර්තා වූ උෂ්ණත්ව අගයන් අනුව මෙය වාර්තා කර ඇත. මෑත කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය මෙය වන අතර බණ්ඩාරවෙල උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක් ලෙසත්, බදුල්ලේ 15.1ක් ලෙසත්, කටුගස්තොට 15.9ක් ලෙසත් උෂ්ණත්වය සටහන්ව ඇත.
Read More
නීතිය ක්‍රියාත්මකයි.. අහඹු පරීක්ෂණයෙන් 10ක් මාට්ටු.!

නීතිය ක්‍රියාත්මකයි.. අහඹු පරීක්ෂණයෙන් 10ක් මාට්ටු.!

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනයේ යෙදෙන රියදුරන්, රිය සහයකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් සේවයේ යෙදවීම ඊයේ (21) දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම්පළේදී ආරම්භ කළේය. රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් පරීක්ෂණය සඳහා යොමුකළ දුරගමන් හා කෙටිදුර බස් රථ රියදුරන් 59 දෙනෙකු අතරින් 10 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් ලෙස හඳුනාගැනීමට හැකි වු බව පොලීසිය සඳහන් කරයි. එම වාර්ථා අනුව ඉන් 08 දෙනෙකු භාවිතා කර ඇත්තේ ගංජා වන අතර දෙදෙනෙක් හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට අනාවරණය වු බවද පොලීසිය සඳහන් කරයි.
Read More
ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනවා.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනවා.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

තමා ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනු ඇති බවත් තමන් ඒ සඳහා උපදෙස් ලබාදී තිබෙන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. නිවුස් නේෂන් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කළේය. තමා ඝාතනය කිරීමට ඉරානය උත්සාහයක් ගතහොත් තෝරාගත් ඉලක්ක වලට පමණක් නොව මුළු ඉරානයටම ඇමෙරිකාව පහර දෙනු ඇතැයිද අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සඳහන් කළේ, "කවදා හෝ කුමක් සිදු වුවද, මුළු රටම පුපුරුවා හරිනු ඇත. මම ඔවුන්ට තදින් පහර දෙන්නෙමි. නමුත් මට ඉතා දැඩි උපදෙස් තිබේ." "ජනාධිපතිවරයෙකුට ජනාධිපතිවරයෙකු ආරක්ෂා කිරීමට සිදු වේ."
Read More
T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය ඇරඹේ.!

T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය ඇරඹේ.!

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (21) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. අද (21) සිට (24) දක්වා දින හතරක් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී මෙය ප්‍රදර්ශනය කෙරෙන අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා– එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට මෙම රන් කුසලානය සමීපව දැකබලා ගැනීමට අවස්ථාව හිමි වේ. ඉන් අනතුරුව, මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර කරා ද කුසලානය රැගෙන යාමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩා ලෝලීන්ටද ලෝක…
Read More
“අස්වැසුම” පාර්ලිමේන්තුවට.!

“අස්වැසුම” පාර්ලිමේන්තුවට.!

අස්වැසුම සඳහා වත්මන් රජය බලයට බලයට පත්වූ පසුව අයදුම්පත් කැඳවූ අවස්ථාවේ අයදුම්පත් ලක්ෂ අටක් ඉදිරිපත් වු බවත් ඒ අතුරින් දෙලක්ෂ අසූහත් දහසක් දෙවැනි වටයෙන් සුදුසුකම් ලබා ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි. රටේ අස්වැසුම ප්‍රතිලාභීන් දහසය ලක්ෂ පනස් හත්දහස් හයසිය විසි එකක් සිටින බවද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි. තවද අස්වැසුම ඉල්ලා ඇති අය අතරින් තෝරා ගත්තු නැති ලොකු පිරිසක් සිටින බවත් එම පිරිස මේ දිනවල තේරීම් ක්‍රියාවලියට ලක් වෙමින් සිටින බවද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.
Read More
පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය.!

පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය.!

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා 2026.01.20 දින සිය සහතිකය සටහන් කළ බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. මෙම පනත් කෙටුම්පත 2025.12.05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026.01.07 වන දින විවාදයට ගෙන පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත, 2021 අංක 11 දරන මුල් පනත සංශෝධනය කිරීමේ අරමුණින් ගෙනන ලද අතර, එහිදී අක්වෙරළ බැංකු කටයුතු සහ බදු අනුකූලතාවය සම්බන්ධයෙන් නියාමන අධීක්ෂණය වැඩිදියුණු කිරීමටත්, උපාය මාර්ගික වැදගත්කමේ ව්‍යාපාර (BSI) සඳහා වන නිර්ණායක තවදුරටත් සංශෝධනය කර පැහැදිලි කිරීම අරමුණු කර ඇත. මෙම සංශෝධ පනත මගින් කලාපය…
Read More