Local news

අපේ සහාය නෑ.. විශේෂඥ වෛද්‍යවරුන් පෙරට.!

වෛද්‍යවරුන් පවත්වන වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිදු සහභාගීත්වයක් නැතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න සඳහන් කරයි. රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් බැවින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිම සාමාජිකයෙක් වර්ජනයට සහභාගී නොවන බවද මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න සඳහන් කරයි. විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් සැලසුම් කර තිබෙන සේවා ව්‍යවස්ථාවට විරුද්ධව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය කෙරෙන බැවින් ඊට කිසිම සහයක් නොදෙන බවද මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න සඳහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මේ බව සඳහන් කරයි.
Read More

මතුගම පොලීසියේ ගිනි අවියක් සහ උණ්ඩ 10ක පතරොම් ගැබක් අතුරුදන්.!

මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ 10ක් සහිත පතරොම් ගැබක් අස්ථාන ගත වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි. පසුගිය ජනවාරි (26) වන දින සිට අදාළ අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බවට ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී ඇති අතර මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Read More

කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි.!

කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ ‍යෙදවීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිළිබද පනතට සංශෝධනයක් සිදුකරමින් කම්කරු අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් මෙම අවසරය ලබාදී ඇති බව වාර්තා වේ. 1974 මැයි (10) වැනි දින අංක 111 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මගින් සංශෝධිත, 1954 ඔක්තෝබර් මස 15 වැනි දින අංක 10724 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයේ පළ කරන ලද 1954 සාප්පු සහ කර්‌යාලයීය සේවක (සේවය හා චේතන විධිමත් කිරීමේ) නියෝගවල 3 වන නියෝගය, එම නියෝගයේ "හෝ කාන්තා වැසිකිළි සේවිකාවක් වශයෙන් අවුරුදු දහ අටට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුවද පෙරවරු හයට හෝ…
Read More

බස් ගාස්තු වැඩි කරන්න සැරසෙන ගැමුණු.!

ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බවත් එළැඹෙන ජූලි මාසයට පෙර බස් ගාස්තු වැඩි කිරීමට අවශ්‍ය බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, "මෙතන ලොකු ගැටලුවක් තියෙනවා කඩිනමින් බස් ගාස්තු වැඩි කරන්න අපිට බොහෝ දුරට ඉල්ලීමක් කරන්න වෙනවා. මොකද ලබන ජුලී මාසේ වෙන්න ඉස්සෙල්ලා අපිට ඉල්ලීමක් කරන්න වෙනවා ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට අවශයයි කියලා. හේතුව තමයි ලංකාවේ ධානය කරන්නේ කෙටි ගමන් සේවා බස් රථ. ලංකාවේ 13,000- 14,000ක බස් රථ බල ඇණියක් තියනවා ලංකාවේ. සාමාන්‍යයෙන් 6,000- 7,000ක වැඩිපුර බස් රථ. දැන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ගමනාගමනය කරන්න…
Read More

අද සවස ප්‍රදේශ රැසකට වැසි.!

අද (01) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු පළාතේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් ඌව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තවද දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More

උනාකූරුවේ ශාන්තගේ ගෝලයා ලක්ෂ 50ක අයිස් සමග මාට්ටු.!

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උනාකූරුවේ ශාන්ත නැමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සහ ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක් සොයාගෙන ගෙන ඇත. අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උනාකූරුවේ ශාන්ත නැමැත්තා විසින් අලුත්මග හා වැලිපැන්න ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් මත කළුතර අපරාධ කොට්ඨාසය විසින් මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මෙම අයිස් මත්ද්‍රව්‍ය වෙනත් පුද්ගලයෙකුට ලබා දීමට මෙම ස්ථානයේ සිටින්නට…
Read More

සැගවී සිටින ඇල්ටෝ ධර්මේගේ තියුණු ආයුධ කල්ලිය අත්අඩංගුවට.!

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි ලියනගේ නොහොත් ඇල්ටෝ ධර්මේගේ තියුණු ආයුධ කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. විදේශගතව සැඟවී සිටින ධර්මසිරි ලියනගේ නොහොත් ඇල්ටෝ ධර්මේගේ සාහාජිකයන් සතුව තිබී කඩු 3ක්, රුපියල් ලක්ෂ 25ක් වටිනා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන සහ අඟුලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මේ සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Read More

නාමල් CIDයට කැඳවයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබන (03) වැනිදා පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තා වේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට එදිනම උදේ 9.30ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂට එරෙහි පැමිණිල්ල කුමක්දැයි මෙතෙක් දැනුම් දී නැතැයි වාර්තා වේ.
Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු.!

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර ඇත. නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ. සේරම් ගාල්ල දිසාව සිට බඳවාගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත. නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇත. ගම්පොළ කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ටී.එච්.ඊ.එල්. පෙරේරා කොළඹ උතුර කොට්ඨාසයට මාරුකර යවා ඇත. ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන මොනරාගල කොට්ඨාසයේ සිට පොලිස් මූලස්ථානයට මාරුකර යවා ඇත. ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ආර්. පුෂ්පකුමාර කොළඹ උතුර කොට්ඨාසයේ සිට විශේෂිත ගුවන්තොටුපොළ කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලෙසත් මාරුකර යවා ඇත. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ…
Read More

ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ භූකම්පනයක්.!

අද (31) දින පස්වරුවේ ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ භූකම්පන තත්ත්වයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි. මැග්නිටියුඩ් ඒකක 3.5ක සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි. මෙම භූ කම්පන තත්ත්වය අසල ගොඩබිමේ සිටින පිරිස් වෙතද දැනී ඇති බවද වාර්තා වේ.
Read More