මෑත කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය නුවරඑළියෙන්.!

අද (22) දිනයේ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථාන වලින් වාර්තා වූ උෂ්ණත්ව අගයන් අනුව මෙය වාර්තා කර ඇත.

මෑත කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය මෙය වන අතර බණ්ඩාරවෙල උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක් ලෙසත්, බදුල්ලේ 15.1ක් ලෙසත්, කටුගස්තොට 15.9ක් ලෙසත් උෂ්ණත්වය සටහන්ව ඇත.

1 Comment
Most Voted
Newest Oldest