ඉරානයේ නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්.!

පසුගියදා අමෙරිකානු ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්ටාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස තෝරා ⁣පත්කරගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ඊයේ නිවේදනය කළේය.

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්ටාබා කමේනි පත්කර පැය කිහිපයකට පසුව ඔහු ඉලක්ක කරගෙන අමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

එම ප්‍රහාරය හේතුවෙන් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ අතර අමෙරිකාව දිගින් දිගටම ප්‍රකාශ කළේ, කවුරු උත්තරීතර නායකයා ලෙස පත් කළත් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව විසින් තෝරා පත්කර ගන්නා නායකයෙක් යටතේ පාලනය වන රාජ්‍යයක් උදාවන තුරු කිසිදු පුද්ගලයෙක්ට එම තනතුරට පත්වීමට ඉඩ නොදෙන බවයි.

2 Comments
Most Voted
Newest Oldest