28
Jan
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලන්ඩන් සංචාරයට අදාළ නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස (11) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (28) නියම කළේය. සැකකාර සමන් ඒකනායක නිල නොවන සංචාරයකට නිල භාවයක් ලබාදීමට කටයුතු සලස්වා ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් (28) දින අධිකරණයේදී හෙළිකරයි. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, "ස්වාමීනී මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස හිටපු ජනාධිපති ලේකම් සොමිසාර ඛණ්ඩාර ඒකනායක එහෙම නැත්නම් ඔහුව හඳුන්වන්නේ සමන් ඒකනායක කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න නීතීපතිවරයා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ස්වාමීනී පසුගිය (22) වැනිදා මේ සැකකරු…
