Local news

යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ ඉරානය.. අමෙරිකාවට අනතුරු අඟවයි.!

By Reporter.lk on (LK time) ඉරානයේ මෙහෙයුම අති සාර්ථක බවත් අමෙරිකානු හමුදාවට තවත් ඉරානයේ ඉලක්ක ඇති නමුත් ඒවා එක් දිනකින් විනාශ කළ හැකි ඒවා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරානය සඳහන් කළේ, යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නේ තමන් බවයි. අමෙරිකානු සහ ඊශ්‍රායලය ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ තමන් බවද ඉරානය සඳහන් කරයි. කලාපයේ අනාගතය දැන් ටෙහෙරානයේ හමුදාවන්ගේ අතේ බව ඉරානයේ ස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අවධාරණය කර ඇත. තවද අමෙරිකාවේ නාවික බලඇණි කලාපයට එන තෙක් ඉරාන හමුදා මගබලා සිටින බවද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ…
Read More

ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් 5කට ඔස්ට්‍රේලියාවේ රැකවරණය.!

By Reporter.lk on (LK time) තම මව් රටේ පවතින තත්ත්වයට දැඩි විරෝධය පෑ ඉරාන කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට ඔස්ට්‍රේලියාව විසින් මානුෂීය වීසා බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇත. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔස්ට්‍රේලියාව විසින් රැකවරණය ලබාදුන් ක්‍රීඩිකාවන් වන්නේ, සාරා සර්බාලි අලිෂා (Zahra Sarbali Alishah), මොනා හමූදි (Mona Hamoudi), ෆාතිමා පසන්දිදේ (Fatemeh Pasandideh), සාරා ගන්බාරි (Zahra Ghanbari), අතේෆේ රමසානිසාදේ (Atefeh Ramezanizadeh) ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටි ඉරාන කාන්තා කණ්ඩායම, දකුණු කොරියාවට එරෙහිව පැවති තරගයේදී ඉරාන ජාතික ගීතය ගායනා…
Read More

අවි ආයුධ – මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් භාරයට ගෙන ඇත. නාවික හමුදාව භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව සඳහන් වේ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කළාපයන් ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරයි.
Read More

අද සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට.!

By Reporter.lk on (LK time) අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල සංශෝධනය වුවද රටේ පැවති තත්ත්වය හමුවේ ප්‍රවාහන ගාස්තුවල වෙනසක් සිදු නොකළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු සඳහන් කරයි. කෙසේ වෙතත් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු සඳහන් කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු සඳහන් කළේ, "නිදාගෙන නැගිටිනකොට හදිසියේ තෙල් මිල ඉහළ ගිහින්. අප ප්‍රවාහන සංගමයක් විදියට තීරණයක් ගත්තා 5%…
Read More

ඉරානයේ නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්.!

By Reporter.lk on (LK time) පසුගියදා අමෙරිකානු ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්ටාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස තෝරා ⁣පත්කරගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ඊයේ නිවේදනය කළේය. ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්ටාබා කමේනි පත්කර පැය කිහිපයකට පසුව ඔහු ඉලක්ක කරගෙන අමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. එම ප්‍රහාරය හේතුවෙන් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි තුවාල ලබා ඇති බව වාර්තා වේ. මේ අතර අමෙරිකාව දිගින් දිගටම ප්‍රකාශ කළේ, කවුරු උත්තරීතර නායකයා ලෙස පත් කළත් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව විසින් තෝරා පත්කර ගන්නා නායකයෙක් යටතේ පාලනය වන රාජ්‍යයක් උදාවන තුරු කිසිදු පුද්ගලයෙක්ට එම…
Read More

රුපියල් කෝටි 9ක් විනාශ කළ ගබඩා 11ක්.!

රුපියල් කෝටි 9ක් පමණ වැය කර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ සහ ක්ෂේත්‍ර  භෝග වගාකරුවන්ගේ බෝග ගබඩා කිරීම සඳහා ඉදිකළ ගබඩා 11ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පවරාදී තිබුණද ඒවා භාවිත කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. ලෝක බැංකු ආධාර යටතේ බෝග ගබඩා කිරීම සඳහා රුපියල් කෝටි නවයක් පමණ වැය කරමින් දිස්ත්‍රික්ක හයක මේවා ඉදිකර ඇති බවත් අවශ්‍යතා හඳුනා ගැනීමෙන් තොරව ඉදිකිරීම හේතුවෙන් මේවා වල් බිහි වී ඇති බවද සඳහන් වේ. අනුරාධපුර මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රුපියල් ලක්ෂ 24කට වැඩි මුදලක් වැය කර ඉදිකරන ලද ගබඩාවේ කටයුතු තවදුරටත් අවසන් කර නොතිබුණු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
Read More

අද සිට වැඩි කළ දීමනාව.!

By Reporter.lk on (LK time) වෙළද, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි මාසයට අදාළ රුපියල් 10,000ක් දක්වා වැඩි කළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව අද (10) සිට බැංකුගත කරන බවයි. 2026 වසරේ අයවැය යෝජනා අනුව වැඩි කළ ලලිත් ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ජනවාරි මාසයේ සිට බලාත්මක කර තිබුණි.
Read More

පොහොට්ටුවේ මැයි රැළිය නෑ.. වෙනත් දිනයක පවත්වනවා.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය එළඹෙන මැයි (01) වනදා නොපැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි. එනිසා මැයි මාසයේ වෙනත් දිනයක කම්කරු අයිතිය වෙනුවෙන් දැවැන්ත මැයි රැළියක් පැවැත්වීමට තීරණය කළ බවද නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි. මැයි (01) වැනිදා පොහොය දිනය යෙදී ඇති බවත් බොහෝ ස්වාමීන් වහන්සේලා එම පොහොය දිනය වෙසක් පොහොය ලෙස සලකන බවද නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.
Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි.!

By Reporter.lk on (LK time) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් දෙදෙනා ජාතික රාජකාරිය ඉටු කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත. දිවි පිදූවන් දෙදෙනාගේ පවුල්වලට සිය ගැඹුරු ශෝකය සහ අනුකම්පාව පළ කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. 
Read More

ඉන්ධන මිල ඉහළට.. නව මිල ගණන් මෙන්න.!

By Reporter.lk on (LK time) අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317කි.  ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303කි.  
Read More