09
Mar
By Reporter.lk on (LK time) උතුම් දළදා වහන්සේ වැඩම කරවූ නැඳුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය එළැඹෙන (11) වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එළැඹෙන (11) වැනි දින සිට කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී ප්‍රතිනිර්මාණය කරන ලද මෙම හස්තියාගේ රුව නැරඹීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සනුජා කස්තුරිආරච්චි සඳහන් කළාය. අද (09) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සනුජා කස්තුරිආරච්චි මේ බව සඳහන් කළාය. චර්ම ශිල්පී ක්‍රමවේදය අනුව සංරක්ෂණය කළ සත්වයෙක් වසර 500ක් දක්වා කාලයක් තබා ගත හැකි බවත් ඒ අනුව ප්‍රතිනිර්මාණය කළ නැඳුන්ගමුවේ…
