Local news

අගමැති හරිනිට පිලිපීනයේදී විශේෂ සම්මානයක්.!

By Reporter.lk on (LK time) කාන්තාවන් විසින් පවුල වෙනුවෙන් සිදු කරනු ලබන, එහෙත් බොහෝ විට ඇගයීමට ලක් නොවන වැටුප් නොලබන ගෘහස්ථ කාර්යයන් පවුලට මෙන්ම ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු (ADB) මූලස්ථානයේ  ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය. කාන්තා නායකත්වය සහ සවිබල ගැන්වීමට සිදුකරන ලද සුවිශේෂී කැපවීම අගයමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට පිලිපීනයේ මැනිලා නුවරදී “ෂීරන් ලටීෆ් කාන්තා නායකත්ව සම්මානය” (Shireen Lateef Women’s Leadership Award) පිරිනැමීය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට සඳහන් කළේ, "කාන්තාවන් විසින් සිදු කරන ගෙදරදොර…
Read More

ලිට්‍රෝ ගෑස් මිල දැනෙන්න ඉහළ⁣ට.. නව මිල ගණන් මෙන්න.!

By Reporter.lk on (LK time) අද (10) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ නංවන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි.
Read More

බහුදින ධීවර යාත්‍රාවේ ආයුධ සහ මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක්.!

By Reporter.lk on (LK time) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබෙන බවට සැක පිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව තුළ මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි. එම බහුදින ධීවරය යාත්‍රාව ඉදිරි දින දෙක තුළ ගොඩබිමට රැගෙන ඒමට නියමිත බවත් එම යාත්‍රාව තුළ සැලකිය යුතු ආයුධ ප්‍රමාණයක් තිබී ආරක්ෂක අංශ භාරයට ගත් බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
Read More

මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථයක් ධාවනය කරන්න කිසිසේත් ඉඩ දෙන්නේ නෑ.!

By Reporter.lk on (LK time) ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුතු ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජය මේ වන විට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. නිසි ප්‍රමිතියෙන් යුතු බස් රථ අලුතින් ධාවනයට එක් කිරීමට සහ පැරණි බස් රථ ක්‍රමානුකූලව ප්‍රවාහන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා වූ සැලසුම් රජය මේ වනවිට සකස් කරමින් තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බඳවාගත් නවක රියදුරු මහතුන් 199ක් සහ කොන්දොස්තර…
Read More

ඉරානයට දරුණුතම ප්‍රහාර එල්ල කරන දිනය අදයි.!

By Reporter.lk on (LK time) ඉරානය වෙත එල්ල කරන දරුණුතම ප්‍රහාර එල්ල කරන දිනය අද (10) වනු ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇත. පෙන්ටගනයේ අද (10) පැවති පුවත්පත් සාකච්ඡාවකදී අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මේ බව සඳහන් කරයි.
Read More

යළි ඉපදෙන ආසියාවේ උසම ඇතා නැදුන්.!

By Reporter.lk on (LK time) වසර 16කට අධික කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිරි දළදා කරඬුව වැඩම කරවූ නැදුන්ගමුව විජය රාජා හස්තියාගේ පිළිරුව අද (10) දින කොළඹ ජාතික කොතුකාගාරයේදී නිරාවණය කළේය. 2022 මාර්තු (07) වනදා සඳහටම දෑස් පියාගත් ආසියාවේ උසම ඇතා වන නැදුන්ගමුවේ විජය රාජා, ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම එම හස්තියාගේ හිමිකරු වූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජයගේ දැනුම්දීම මත ශ්‍රී දළදා මාලිගාව සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව භාර ගැනුණා.  නැදුන්ගමුවේ විජය රාජා සමුගෙන වසර 04 ක් ගත වූ තැන ජාතික කෞතුකාගාරයේදී අද (10) දින විවෘත වන්නේ මතු පරම්පරා ගණනාවකට ඒ සද්ධන්ත ඇත් ස්වරූපය දැක බලාගැනීමට ඉඩ සලස්වමින්. ඒ අනුව…
Read More

කිසිදු රටකට බොරතෙල් අපනයනය කරන්න දෙන්නෑ.. ඉරානයෙන් රතු එළියක්.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය තවදුරටත් ඉරානය වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් මැදපෙරදිග කලාපයේ කිසිදු රටකට බොරතෙල් අපනයනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බව ඉරාන විප්ලවීය හමුදාව සඳහන් කරයි. මැදපෙරදිග කලාපය ආශ්‍රිතව පවතින යුද තත්ත්වය අවසන් කළ යුත්තේ, ඉරානය බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය හමුදාව මේ බව සඳහන් කර ඇත. එනිසා තවදුරටත් ඉරානය වෙත අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වුවහොත් මැදපෙරදිග කලාපයෙන් බොරතෙල් ලීටරයක් හෝ අපනයනය කිරීමට අවස්ථාව හිමිනොවනු ඇති බවද ඉරාන විප්ලවීය හමුදාව සඳහන් කරයි. මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවත් එය මෙම සතිය තුළ…
Read More

හදිසියේම ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ඇමති නලින්ද හෙළිකරයි.!

By Reporter.lk on (LK time) හදිසියේම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු අනාවරණය කිරීමක් සිදුකළේය. අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, "ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩි වීම දළ වශයෙන් 37.76%ක් වෙනවා. පිරිපහදු තෙල්වල වැඩි වීම ඔටෝ ඩීසල් 99.99ක්%, සුපර් ඩීසල් 99.6%ක්, 92 ප්‍රෙට්‍රල් 75%ක් 95 පෙට්‍රල් වැඩිවීම 79%දක්වා වැඩි වීමක් වෙලා තියෙනවා. එකක් තමයි ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සහ පිරිපහදු තෙල් වැඩි වීම සැලකිල්ලට ගත්තා. ඒකට හේතුව වෙන්නේ අපි ගාව සංචිත තිබුණා. අපි ඇණවුම් කළ තොග ලැබෙමින් පවතිනවා. ඇනවුම් කිරීමේදි මිල තීන්දු වෙන්නේ ගොඩබාන දවසට…
Read More

හිටපු නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට.!

By Reporter.lk on (LK time) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. සිදුකරන විමර්ශන වලට බාධාකිරීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Read More

යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි.!

By Reporter.lk on (LK time) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් පෞද්ගලික බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 17ක මුදලක් බැර වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පවරා තිබූ නඩුවක අධි චෝදනා භාරදීම අද (10) දින සිදුවිය. එහිදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රීෂාන්ති අමරතුංග නියෝග කළාය. මාර්තු මස (19) දින සිට විදෙස් ගමන් තහනමක් පැනවීමටත් සෑම මසකම පළමු ඉරිදා සහ තුන්වන ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද හෝමාගම මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
Read More