Local news

ඉරාන නාවිකයන්ගේ සිරුරු තානාපති කාර්යාලයට.!

By Reporter.lk on (LK time) ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කළ ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84 ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාරදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත අද (11) නියෝග කර ඇත. ගාල්ල වරාය පොලීසිය විසින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර මිල ගණන් ඉහළ⁣ට.!

By Reporter.lk on (LK time) අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩි කරන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ගෑස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩි කර ඇත. ඒ අනුව, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින්, බත් සහ කොත්තු රුපියල් 25කින් වැඩි කර ඇත.
Read More

ඉරානය වහාම ඉවත් වෙන්න.. නැතිනමි ප්‍රහාර විසිගුණයකින් වැඩි කරනවා.!

By Reporter.lk on (LK time) හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමන් කිරීමට ඉඩ නොදෙන්නේ නම් ඉරානයට එල්ල කරන ප්‍රහාර විසිගුණයකින් ඉහළ දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ යුදා නෞකා තබා ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි. ඉරානය මේ වනවිට හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රීතව බෝම්බ අටවා ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. එහෙත් ඉරානය බෝම්බ ඇටවීමක් කළොත් ඉරානයට පෙර නොවූ විරූ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවන බවද ජනාධිපති ඩොනල්ඩ්…
Read More

අමෙරිකාවෙන් ඉරාන නෞකා රැසකට දැවැන්ත ප්‍රහාර.!

By Reporter.lk on (LK time) ඉරාන නාවික හමුදාවට අයත් නෞකා සහ යාත්‍රා 16ක් විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී එම ඉරාන නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රා 16ක් විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය සඳහන් කරයි. ලෝකයේ ප්‍රධානතම තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන බලශක්ති මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානය යුද නෞකා ඇති බවට ලද බුද්ධි තොරතුරු අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
Read More

රාජකාරි පැහැර හැරියොත් වැඩ වරදී.!

By Reporter.lk on (LK time) ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිම්ටඩ් සහ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිම්ටඩ් යන සමාගම් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.  ඒ අනුව සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට නව සමාගම් දෙකක් විසින් විදුලි සේවකයින්ට දැනුම්දී ඇත. සිය රාජකාරී ඉටු කිරීම පැහැර හැරීම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ බරපතළ වරදක් බවත් ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බැවින් වහාම විදුලිබල සැපයුම් සේවාව තුළ පැවරී ඇති රාජකාරී ඉටු කරන ලෙසද දැනුම්දී ඇත.
Read More

ජනපති අනුරගෙන් සහතිකයක්.!

මේ මාස දෙකේ බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදෙන්න අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, "මම හිතන්නේ කිසිදු ජගතෙකුට පුරෝකථනය කරන්න පුළුවන් තත්ත්වයක් ලෝකයේ නැහැ. යුද්ධයට මැදිහත් වෙලා ඉන්න පාර්ශවකරුවන්ටත් පුරෝකථනය කරන්න බැහැ. මාස දෙකකට වඩා වැඩිය යුද්ධය යනවා. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්නම්. මේ මාස දෙකේ බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදෙන්න අපි වගවෙනවා. මිල උච්චාවචනය විය හැකියි. මම තෙල් ළිං අයිතිකාරයෙක්, මට ලාභ ගන්න වැඩි කරනවා නෙමෙයි මේ. එහෙම නැත්නම් තෙල් සමාගමක ඒජන්තයෙක් මට ලාභ ලාබාගනීම සඳහා තෙල් වැඩිකරනවා නෙමෙයි. මම තෙල් සමාගම නෙමෙයි කවර සමාගමකවත් ඒජන්තයෙක් නෙමෙයි. හැබැයි අපිට වගකීමක්…
Read More

රටවල් රැසක ඉන්ධන මිල ගණන් ඉහළ⁣ ගිය හැටි මෙන්න.!

By Reporter.lk on (LK time) මේ දිනවල මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව, චීනය, අමෙරිකාව ඇතුළු රටවල් රැසක ඉන්ධන මිල ගණන් ඉහළ⁣ දැමීමට එරට රජයන් තීරණය කර ඇත. ඒ අනුව පාකිස්තානය (Pakistan) 21% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත. වියට්නාම් (Vietnam) 19% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත. යුක්‍රේනය (Ukraine) 15% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත. නයිජීරියා (Nigeria) 12% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත. අමෙරිකාව (America) 13% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත. චීනය (China) 10% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත. ශ්‍රී ලංකාව (Srilanka) 8% කින් ඉන්ධන මිල ගණන්…
Read More

ගෝඨාභය නැවතත් අල්ලස් කොමිසමට කැඳවයි.!

By Reporter.lk on (LK time) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන (17) වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇතැයි වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වා ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නැවත දැනුම් දී ඇත. මීට පෙර දිනයක ගෝඨාභය රාජපක්ෂට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණද එදිනට පැමිණීමට නොහැකි බවට ලිඛිතව කොමිසමට දැනුම් දී තිබුණේය. එනිසා ප්‍රකාශයක් ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ එම ලිපිය යොමු කරමින් කොමිසමෙන් ඉල්ලීමක් කළේය.
Read More

රටවල් කිහිපයක් Work From Home අරඹයි.!

By Reporter.lk on (LK time) මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ඉන්ධන මිල ගණන් ඉහළ⁣ ගොස් ඇත. ඉන්ධන මිල ඉහළ යෑමත් සමග ලොව පුරා රටවල් කිහිපයක් සිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට ඉන්ධන ඉතිරි කිරීමේ අරමුණින් නිවසේ සිට රාජකාරි කිරීමට (Work from home) අවස්ථාව ලබාදී ඇත. පාකිස්තානය, වියට්නාමය, පිලිපීනය, තායිලන්තය වැනි රටවල් මෙම තීරණය ගෙන ඇති බවත් කුවේටයේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවද බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල සඳහා නිවාඩු ලබාදී ඇති බවත් පාකිස්තානයේ ඊද් මුබාරක් නමැති උත්සවය දින තෙක් සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදී ඇති බවද සඳහන් කරයි.
Read More

තම දරුවාගේ පියා චාමික.. ගුවන් නියමුවරියකගෙන් පෙත්සමක්.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න දාව තම දරුවා ඉපදුණු බවට සහ දරුවාගේ පියා ඔහු බවටත් ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක් කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඊයේ (10) දින සලකා බැලුවේය. ආර්යන් කරුණාරත්න නමැති තම බාල වයස්කාර දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව 2025 වසරේ සැප්තැම්බර් මස (29) වනදා ඉපදුණු බව පෙත්සම්කාර සෙව්වන්දි සේනාධීර සඳහන් කර ඇත. පසුගිය 2023 වසරේ හෝ ඊට ආසන්න කාලයක ක්‍රීඩක චාමික කරුණාරත්න තමා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අතර ලිංගික සම්බන්ධතා සඳහා පොලඹවා ගත් බවත් ඇය පෙත්සමේ සඳහන් කර ඇත. අනතුරුව තමා ගැබ් ගැනීමෙන් පසුව චාමර කරුණාරත්න තමන්…
Read More