14
Dec
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා පවසන්නේ වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති බිත්තර මිල තව සති දෙකක් හෝ තුනක් වැනි කාලයක් තුළ අනිවාර්යයෙන්ම පහළ යනු ඇති බවයි. එමෙන්ම පසුගියදා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බිත්තර දමන කිකිළියන් ලක්ෂ තිහකට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බවට ඇතැම් පිරිස් විසින් සිදු කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බවත් ඔහු පැවසීය. මිල ඉහළ යෑමට හා නිෂ්පාදනය පහත වැටීමට බලපෑ සැබෑ හේතුව සතුන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ සතියක පමණ කාලයක් පුරා නිසි පරිදි ලබා දීමට නොහැකි වීම බවත් ඒ මහතා පෙන්වා දෙයි. පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය නිසා මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් කල්මුණේ සහ මඩකලපුව…
