Local news

ලොව පළමු AI අමාත්‍යවරිය.

කෘතීම බුද්ධියෙන් ක්‍රියාත්මක ලොව පළමු කැබිනට් අමාත්‍යවරිය ඇල්බේනියා නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම AI අමාත්‍යවරිය ‘ඩියෙල්ලා’ ලෙස නම් කර ඇති අතර ඇල්බේනියානු භාෂාවෙන් “සූර්යයා” යන අර්ථය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇල්බේනියාව දුෂණයෙන් තොර රටක් බවට පත් කිරීම සහතික කිරීමට මෙම ක්‍රියාමාර්ගය සිදුකර ඇති බවත් දූෂණය මැඩපැවැත්වීමේ කාර්යය අමාත්‍යවරියට පැවරී ඇත. AI විසින් ප්‍රායෝගිකව නිර්මාණය කරන ලද පළමු කැබිනට් අමාත්‍යවරිය සංකේතාත්මක තනතුරක් වන අතර ඇය සාම්ප්‍රදායික ඇල්බේනියානු ඇඳුමින් සැරසී සිටියි. එරට නිල සංඛ්‍යාලේඛන වලට අනුව මේ දක්වා අමාත්‍යවරිය ඩිජිටල් ලේඛන 36,600 ක් නිකුත් කිරීමට උදව් කර ඇති අතර වේදිකාව හරහා සේවා 1,000 කට ආසන්න ප්‍රමාණයක් ලබාදී…
Read More

අමෙරිකානු ඩොලර් මිලියන 2.3ක මුදලකට අලෙවි වූ ඔරලෝසුව.!

එංගලන්තයේ පැවති වෙන්දේසියකදී ඔරලෝසුවක් අමෙරිකානු ඩොලර් මිලියන 2.3කට අධික මුදලකට වෙන්දේසි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1912 වසරේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ ගමන් ගත් අමෙරිකානු ව්‍යාපාරිකයකුට අයත් ඔරලෝසුවක් මෙලෙස වෙන්දේසි වී ඇත. එම ව්‍යාපාරිකයාගේ මළ සිරුර අත්ලාන්තික් සාගරයේ තිබී දින කිහිපයකට පසුව සොයාගෙන තිබූ අතර ඔහු සතුව තිබූ රන් ඔරලෝසුව මෙලෙස වෙන්දේසියට ඉදිරිපත් කර ඇත.
Read More

අමෙරිකානු ජනපතිට චීනයෙන් ඇරයුම්.!

ලබන වසරේ නිල සංචාරයක් සදහා චීනයට පැමිණෙන්නැයි, චීන ජනාධිපතිවරයා කළ ආරාධනාවක් තමන් පිළිගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් සමඟ ඊයේ (24) දින පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි. රාජ්‍ය නායකයින් දෙදෙනා පැයක පමණ කාලයක්, රුසියානු – යුක්‍රේන යුද්ධය, මත්ද්‍රව්‍ය මෙහෙයුම් හා දෙරට අතර අඛණ්ඩ සන්නිවේදන සබදතා පවත්වාගැනීමේ ඇති අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කළ බව ධවල මන්දිරය නිවේදනය කරයි.
Read More

මව්කිරිවල යුරේනියම්.. ළදරුවන්ගේ ජීවිත අනතුරේ.!

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයක කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි ලීටරයක යුරේනියම් මෛක්‍රෝ ග්‍රෑම් (ug/L) 5.25ක් අන්තර්ගතව පවතින බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ, මහාවීර් පිළිකා ආයතනයේ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මව්කිරි හරහා යුරේනියම් නිරාවරණය වීම ළදරුවන්ට සැලකිය යුතු පිළිකා කාරක නොවන සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බවයි. කිරි දෙන මව්වරුන් 40 දෙනෙකුගෙන් මව්කිරි විශ්ලේෂණය කළ අධ්‍යයනයෙන් සියලුම සාම්පලවල යුරේනියම් (U-238) සොයාගත් බවත් ළදරුවන්ගෙන් 70%ක් විභව පිළිකා කාරක නොවන සෞඛ්‍ය අවදානමක් පෙන්නුම් කළ බව වෛද්‍ය අශෝක් ෂර්මා සඳහන් කරයි. සමස්ත යුරේනියම් මට්ටම් අවසර ලත් සීමාවන්ට වඩා අඩු වූ අතර මව්වරුන්ට සහ ළදරුවන්ට අවම සැබෑ සෞඛ්‍ය බලපෑමක් ඇති කරනු ඇතැයි…
Read More

හොංකොං නිවාස සංකීර්ණයේ ගින්නෙන් විශාල පිරිසක් මරුට.!

හොංකොං හි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නෙන් විශාල පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් ඇති බවත් තවත් පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගින්න නිවා දැමීම සඳහා ගිනිනිවන භටයින් 800කට වැඩි පිරිසක් මේ වනවිට සේවයේ යොදවා ඇති බවත් ගින්න නිවා දැමීමේ හදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවද සඳහන් කරයි.
Read More

යුක්‍රේන හමුදා වහාම ඉවත් වෙන්න.. පුටින් අනතුරු අඟවයි.!

යුක්‍රේනයට අයත් වන ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරයි. එනිසා යුක්‍රේනය හමුදාව නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශයෙන් ඉවත්විය යුතු බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් අනතුරු අඟවා ඇත. යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට අදාළ තමන්ට අවාසි සියලු සම්මුතීන් ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරයි. ඉන්දියාවේ සංචාරයක නිරත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් එරට පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව සඳහන් කරයි. කෙසේ වෙතත් මේ වනවිට ඩොන්බාස් වලින් 85%ක් පමණ රුසියාව විසින් පාලනය කරන අතර එහි නැගෙනහිර ප්‍රදේශයේ පමණක් යුක්‍රේනය හමුදා රැඳී සිටියි.
Read More

පුරවැසිභාවය අහෝසි කරන ට්‍රම්ප්ගේ නියෝගය.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ම පුරවැසිභාවය අහෝසි කිරීමේ විධායක නියෝගයකට පසුගියදා අත්සන් කළේය. එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගත් විධායක නියෝගයට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සමක් සලකා බැලීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එම පෙත්සම විභාග කිරීම සඳහා දිනයක් නියම කර නොමැති අතර අමෙරිකානු ‍පහළ අධිකරණය කිහිප වතාවක් එම විධායක නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට ප්‍රකාශ කළේය. එම විධායක නියෝගය මගින් නීතිවිරෝධී ලෙස අමෙරිකාවේ සිටින හෝ තාවකාලික වීසා මත රට තුළ සිටින පුද්ගලයින්ට උපදින දරුවන්ට පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ශේප කිරිමයි.
Read More

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් මියගිය ගණන 900 ඉක්මවයි.!

පසුගිය දිනවල ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 916ක් මියගොස් ඇති බවත් 274 දෙනෙකු අතුරුදන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ගංගා ඉවුරු බිඳී ගොස් ගංවතුර කඳුකර ගම්මාන හරහා ගලා ගොස් ඇති අතර ඒ හේතුවෙන් දහස් ගණනක් නිවාස සහ ගොඩනැගිලි ජලයෙන් යට වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විටත් ඉන්දුනීසියාවේ ගලවා ගැනීමේ නිලධාරීන් විසින් මළ සිරුරු සොයා මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More

සාම ගිවිසුම අවසන්.. නැවතත් ගුවන් ප්‍රහාර.!

තායිලන්තය හා කාම්බෝජය අතර දේශසීමා ගැටුම් මධ්‍යයේ තායිලන්තය විසින් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙරට අතර සටන් විරාම ගිවිසුමක් කඩ කළ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙලෙස ප්‍රහාර දියත් කළ බව තායි හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (08) දින ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් නැවත මෙම ප්‍රහාර එල්ල කිරීමත් සමග දෙරට අතර අත්සන් කර ඇති සාම ගිවිසුම බිඳ වැටීමේ අවධානමක්ද මේ වන විට මතුව ඇත. දේශසීමා ගැටුම් අවසන් කිරීම සඳහා පසුගිය ඔක්තෝම්බර් (26) වැනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෙරට අතර සාම ගිවිසුමකට අත්සන් කරනු ලැබුවේය.
Read More

භූකම්පනයෙන් පසු ජපානයට සුනාමි තත්ත්වයක්.!

ජපානයේ රික්ටර් මාපකයේ 7.6 අගයක් ගත් භූමිකම්පාව හට ගැනීම හේතුවෙන් හොක්කයිඩෝ පළාතේ උරකාවා නගරයට සහ අමෝරි පළාතේ මුට්‌ට්සු ඔගවාරා වරායට සෙන්ටිමීටර 40ක උසින් යුත් සුනාමි රළ කඩා වැදී තිබූ බව එරට බලධාරීහු සඳහන් කරයි. රික්ටර් මාපකයේ 7.6 අගයක භූමිකම්පාව හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර එක් රළක් රාත්‍රී 11:43ට පමණ මිසාවා පිහිටා ඇති අමෝරි හි උතුරු කලාපයේ වරායකට පහර දී ඇත. හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ පළාත් සඳහා මෙම සුනාමි අනතුරු ඇඟවීම කාලගුණ විද්‍යා ඒජන්සිය නිකුත් කර තිබූ අතර අඩි 10ක් දක්වා සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබුණේය. කෙසේ වෙතත් මේ වනවිට ජපානය සුනාමි…
Read More