Local news

අමෙරිකානු මෙහෙයුමේදී කියුබානු ජාතිකයින් 32ක් ජීවිතක්ෂයට.!

අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ අල්ලා ගැනීමේ මෙහෙයුමේදී කියුබානු පුරවැසියන් 32ක් ජීවිතක්ෂයට පත්වූ බව කියුබානු රජය සඳහන් කරයි. මෙම මෙහෙයුමේදී කියුබානු පුරවැසියන් 32ක් ජීවිතක්ෂයට පත්වීමට ශෝකය පළ කරමින් කියුබාව තුළ අද (05) සහ හෙට (06) දින ජාතික ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත. මෙම ක්‍රියාව ආක්‍රමණශීලි සහ රාජ්‍ය ත්‍රස්තවාදයේ අපරාධකාරී ක්‍රියාවක් ලෙස තමන් දකින බව කියුබානු රජය චෝදනා කරයි.
Read More

ජොන්ස්ටන් FCIDයට පැමිණෙයි.!

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ඇත. ස.තො.ස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ⁣මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (05) දිනය තුළ නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගන්නා බවද පොලීසිය ඊයේ දින දැනුම් දුන්නේය.
Read More

ප්‍රවීණ ගී පද රචක, ලේඛක චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.!

ප්‍රවීණ ගී පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු මියයන විට වයස අවුරුදු 71කි. 1944 වසරේ තලංගමදී උපන් ඔහු, පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය 1980 වසරේදී ආරම්භ කරන අතර පසුව චන්ද්‍රෙස්න තලංගම ලෙස, කලා ලෝකය තුළ ජනාදරයට පත්වුණි. ජීවිතේ සැඳෑ වියේදී ගී පද රචකයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්නට සමත් වූ චන්ද්‍රෙස්න තලංගමයන් වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක්ය. නූතන සංගීතයේ ජනප්‍රිය තරුවක් වන චරිත අත්තලගේ එම පද මාලා රසපූර්ණ ගීත බවට පත් කිරීමට මුල් වන්නේ, ඔහුගේ ජීවිතයට යළි වසන්තය රැගෙන එමිනි. පසුගිය 2017 වසරේදී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමයන්ගේ පළමු ගීතය, සංසාරයේ මා නැමැති ගීතයයි. එතැන්…
Read More

අද සිට වැස්ස වැඩි වෙයි.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහල වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වී පවතින බවයි. මේ හේතුවෙන් අද (05) සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි. නැගෙනහිර පළාතේත් නුවරඑළිය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන…
Read More

අමෙරිකාවේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකියි.. අනතුරු අඟවයි.?

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමට හේතු වූ හමුදා මෙහෙයුමක් අමෙරිකාව විසින් සිදු කිරීමෙන් දිනකට පසු, එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කියුබාවට අනතුරු ඇඟවීමක් කර ඇත. අමෙරිකානු ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බවට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අනතුරු ඇඟවීමක් කර ඇත. රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කළේ, “මේ සම්බන්ධයෙන් අපගේ අනාගත පියවර මොනවාද සහ අපගේ ප්‍රතිපත්ති මොනවාද යන්න ගැන මම ඔබ සමඟ කතා නොකරමි. නමුත් අපි කියුබානු පාලන තන්ත්‍රයේ විශාල රසිකයන් නොවන බව අභිරහසක් යැයි මම නොසිතමි, ඔවුන් මදුරෝට සහාය දුන් අයයි.”
Read More

අලුත්ම වෙනසකින් අද සිට පාසල් ආරම්භ කරයි.!

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් අද (05) දිනයේ සිට ආරම්භ කරයි. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද (05) දින සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් මස (22) වනදා සහ මුස්ලිම් පාසල් සඳහා දෙසැම්බර් මස (26) වනදා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණා. මේ අතර, පාසල් වල අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඒ අනුව ගුරුවරයෙකු සතියකට ආවරණය කළ යුතු මුලු කාලපරිච්ඡේද සංඛ්‍යාව 35ක්. ඉන් කාර්යබද්ධ නිදහස් කිරීම් වලදී හැර ගුරුවරයෙකු අවම…
Read More

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප ඉවත් කරයි.!

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර ඇත.
Read More

සැගවී සිටින ජොන්ස්ටන්ට වැඩ වරදී.. හෙට අත්අඩංගුවට.?

ස.තො.ස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් දැනුම්දීමක් කරමින් පොලීසිය සඳහන් කළේ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට (05) දිනය තුළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙසයි. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට (05) දිනය තුළ නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගන්නා බවද පොලීසිය දැනුම් දෙයි.
Read More

නව විෂය මාලාව ආරම්භ කරන්නේ මෙහෙමයි.!

පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි (29) වනදාත් 6 වන ශ්‍රේණියේ දරුවන්ට ජනවාරි (21) වනදාත් නව විෂය මාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළාය. නව විෂය මාලාව හඳුන්වා දීම පමණක් නොව ඊට සමගාමීව මෙම අලුත් ක්‍රමයට දරුවන් හුරු කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කර ඇති බවත් දෙමාපියන් සඳහා එම හඳුන්වාදීම සිදු කිරීමට නව වැඩසටහන් සංවිධානය කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. විෂය මාලාව ක්‍රියාත්මක කරන ගුරුවරුන් සඳහා පුහුණුව ලබාදී ඇති අතර මේ වන විට පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් 7,181ක් සිදු කර ගුරුවරු 132,580ක ප්‍රමාණයට පුහුණුව ලබාදී ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. මෙම නව මොඩියුල සමග එම විෂයන් උගන්වන…
Read More

වෙනිසියුලා ගැටුම උඩු දුවයි.. චීනයෙන් සැර ප්‍රකාශයක්.!

අමෙරිකාව විසින් වෙනිසියුලාවට එල්ල කළ දැවැන්ත මිලිටරි ප්‍රහාරය 'ජාත්‍යන්තර නීතිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක්' බව චීනය සඳහන් කරයි. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ වහාම නිදහස් කරන ලෙසත් වෙනිසියුලාවේ රජය පෙරළා දැමීම නවත්වන ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපති මධුරෝ සහ ඔහුගේ බිරිඳ රැගෙන ගොස් රටින් පිටුවහල් කළ බව අමෙරිකාව තහවුරු කිරීමෙන් පසු චීනය නිකුත් කළ දෙවන ප්‍රකාශය මෙය ලෙස සැලකෙයි. වෙනිසියුලාවේ විශාලතම තෙල් ගැනුම්කරුවා වන්නේ චීනය.
Read More