Local news

නුවරඑළිය ග්‍රෙගරි වැවට ප්ලේන් එකක් කඩා වැටෙයි.!

අද (07) දින දහවල් 12.30ට පමණ නුවරඑළියේ ග්‍රෙගරි වැවට සී ප්ලේන් එකක් කඩා වැටී ඇත. ගොඩබැස්වීමකට සුදානමින් තිබූ මෙම සී ප්ලේන් එක හදිසියේම නුවරඑළියේ ග්‍රෙගරි වැවට කඩා වැටී ඇත. එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත. නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේදී මෙලෙසෙ අනතුරට ලක්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
Read More

අමෙරිකානු තානාපති ජුලි චන්ග් ලංකාවෙන් සමුගනී.!

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් වසර හතරකට ආසන්න කීර්තිමත් සේවා කාලය නිමා කරමින් ජනවාරි (16) වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි.
Read More

අගමැති හරිනිට එරෙහි විශ්වාසභංගයට විපක්ෂය අත්සන් කරයි.!

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අත්සන් කරයි. අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් කරයි.
Read More

විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.!

අද (07) දින ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් මෙම පනත් කෙටුම්පත අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read More

අගමැති හරිනිට එරෙහිව විශ්වාසභංගයක්.!

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය පිළිබඳ ගැටලුව මුල් කර ගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අදාළ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් පවත්වා ඇත. ඒ අනුව අද (07) දිනයේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම ආරම්භ කරන බවත් මේ සතිය තුළ එම යෝජනාව කතානායකවරයාට බාර දීමට කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සඳහන් කරයි.
Read More

මතභේදාත්මක 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය ගැන තීරණයක්.!

අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළේ මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ එම පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි. ඊයේ (6) දිනයේ ඊට අදාල එම අනුමැතිය ලබාදුන් බව අද පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Read More

පාසල් සිසුන්ට සුබ ආරංචියක්.!

පාසල් සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් බෙදා හැරීමට අවශ්‍ය නිල ඇඳුම් තොග දිවයිනට ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි. ඒ අනුව පාසල් නිල ඇඳුම් බෙදා දීම ලබන (15) වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි. මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල පළමු ශ්‍රේණිය පන්ති ආරම්භය ලබන (29) වැනිදා සිදු කෙරේ.
Read More

වීථි ලාම්පුවල විදුලි බිල ගමේ ජනතාවට.?

විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසන්නේ යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා කර ඇති බවයි. මෙම අගය විදුලි පාරිභෝගිකයාගේ බිලෙන් සියයට 2.2 නොවැඩි වියයුතු බවටද දැනුම් දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.    "යම්කිසි ප්‍රදේශයක භාවිත කරන විදුලි බල්බ්වල වොට් ප්‍රමාණය ගණනය කරලා, ඒ ප්‍රදේශයේ වෙසෙන ජනතාව අතර බෙදලා විදුලි බිලට එකතු කරන්න හදනවා. ඒ එකතු කරන අගය තමුන්ගේ විදුලි බිලේ වටිනාකමින් 2.2% නොවැඩි අගයක් විය යුතුයි කියලත් කියලා තියෙනවා." වීථි ලාම්පු කළමණාකරණ කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට ඇති බලය ඉවත් කර වෙනත් ආයතනයකට…
Read More

ඉන්දීය හමුදාපති ශ්‍රී ලංකාවට.!

ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි අද (07) දින දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙරටට පැමිණීමෙන් අනතුරුව ඉන්දීය හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකයින් රැසක් හමුවීමට නියමිතය. එහිදී පුහුණු සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සංචාරය අතරතුරදී ඉන්දීය හමුදාපතිවරයා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) නිලධාරීන් හමුවීමටත්, බුත්තල හමුදා යුද විද්‍යාලයේ නිලධාරීන් සහ පුහුණුවන්නන් හමුවීමටද නියමිතව ඇත.
Read More

තාත්තා හොරකම් කලා කිවුවාම පුතා ඔව් ඔව් කියලා සාදු කිව්වා.!

වත්මන් ආණ්ඩුව පැමිණි පසුව පොලිසිය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විවේචනය කිරිමට පෙර, වසර දෙකකට පමණ පෙර පොලිසිය කටයුතු කල ආකාරය ජනතාවට මතක තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නජිත් ඉන්දික සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නජිත් ඉන්දික (06) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, "නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා වගේ කෙනෙක් කිව්වාම පොලීසිය ඉන්නේ ආණ්ඩුවට කඩේ යන්න නෙමෙයි කියලා, දේශබන්දු මහත්තයා ඉනට අත්දෙක තියාගෙන හිනාවෙනවා ඇති. මේ අවුරුදු දෙකයි, තුනයි නේ තාම. තමන්ගේ අර හත් දවසේ මඟුල් කාලා, මගුල් ගෙදර බිල ගෙවපු යාළුවා සනත් නිශාන්තත් එක්ක කරේ අතදාගෙන ඇවිල්ලා, අර සාමකාමී උද්ඝෝෂණේ ඉන්න මිනිස්සුන්ට ගැහුවේ. ඔන්න පොලීසිය කටයුතු කරපු විදිහ. මිහින්තලේ ගියපු කතාවක් අපිත් දැක්කා.…
Read More