Local news

ඕනෑම ආපදාවකට මුහුණ දීමට සියලු කටයුතු සූදානම්.!

පවතින වැසි තත්ත්වය හමුවේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත. තවද බදුල්ල, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහාද නායයෑම් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කරයි. මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරයි.
Read More

ට්‍රම්ප්ගේ මීලග ඉලක්කය මොකක්ද.? අවධානය යොමුවූ රටවල් 5ක්.!

අමෙරිකානු හමුදාව වෙනිසියුලාව තුළ සිදුකළ මෙහෙයුමෙන් පසුව පැය කිහිපයකින් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට "පරිස්සම් වෙලා ඉන්න" යනුවෙන් අනතුරු ඇඟවීය. කොලොම්බියාව, වෙනිසියුලාවේ බටහිර කලාපයේ අසල්වැසියා වන අතර සැලකිය යුතු තෙල් සංචිත වලට හිමිකම් කියන අතර ප්‍රධාන පෙළේ රන්, රිදී, මරකත, ප්ලැටිනම් සහ ගල් අඟුරු නිෂ්පාදකයෙක් වේ. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තවත් රටවල් කිහිපයක් වෙත අවධානය යොමුකර ඇත. ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව ඇති රටවල් පහතින්.. *කොලොම්බියාව *කියුබාව *ග්‍රීන්ලන්තය *මෙක්සිකෝව *ඉරානය මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාවට අනතුරු ඇඟවීමක් සිදු කළේය. "කියුබාව කඩා…
Read More

කාලගුණය කැළඹෙයි.. දිස්ත්‍රික්ක රැසකට තද වැසි.!

දිවයිනට ගිණිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් හෙට (08) සිට දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම…
Read More

වතුර රත් වෙනවා.. කකුළුවා දිය කෙලිනවා.!

මෙරටට ඇති වූ ගංවතුර ආපදා තත්වයෙන් පසුව කලපුවල සිටි කකුළුවන් මේ වන විට සිටින්නේ මහ මුහුදේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ (06) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි. මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ, "දැන් මේ කකුළුවන් ගැන කතා කරනවනේ. ආණ්ඩුවත් ඒ වගේ තමයි. හරහටමයි යන්නේ. වතුර රත් වෙනවා හැබැයි කකුළුවා දිය කෙලිනවා. මොකද කකුළුවන් දන්නේ නෑ රත් වෙනවා කියලා. දැන් පහුගිය කාලේ ගංවතුර ආවා. නාය ගියා. දැන් මේ කලපුවල කකුළුවෝ දැන් ඉන්නේ මහ මුහුදේ. දැන් ඒවා ගොඩනගන්න ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකක්ද." මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ එම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් සඳහන් කළේ. "දැන් කකුළුවෝ ගැන කතා කරා. ඔහු කියනවා කකුළුවෝ ගංවතුරට…
Read More

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන තීරණයක්.!

විදේශයන්හිදී නිකුත් කර ඇති රියදුරු බලපත්‍ර මත පදනම්ව මෙරටදී තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මඟින් සිදු කරන ලද අතර, 2025-08-03 දින සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා කවුළුවක් මඟින් එම කාර්යය සිදු කිරීම ආරම්භ කරනු ලැබ ඇත. (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදනු ලැබ ඇති 2022 අංක 03 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර අයභාර) නියෝග මඟින් එලෙස තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු ප්‍රකාශයට පත් කර තිබේ. කෙසේ වුවද, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කවුළුවක් විවෘත කර අවශ්‍ය පහසුකම් සැපයීමේදී ඒ…
Read More

රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීමට සියලුදෙනා වගකීම් ඉටු කරමු.!

රටේ භෞතික සංවර්ධනය මෙන්ම සමාජයේ යහ-පැවැත්ම සහ ස්ථාවරභාවයද ඉතා වැදගත් බවත්, ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර මෙම ව්‍යසනයෙන් මුදා ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ගොඩනඟන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසිය ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් අද (06) ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමිනි. දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාළ කිරීම, වැටලීම් පුළුල් කිරීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම අරමුණු කරගත් නිවාරණ…
Read More

පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩගනී.!

මඩකලපුව, වාකරේ, අඹන්තනාවේලි ප්‍රදේශයේ කුඹුරක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (06) දින සොයාගෙන ඇත. ඒ අනුව RPG 38ක්, චාර්ජස් 38ක් සහ අත්බෝම්බ 05ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.
Read More

වාහන අංක තහඩු මුද්‍රණය ගැන දැනුම්දීමක්.!

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 04ක් ඉදිරිපත් වී ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබාදී ඇති නිර්දේශ මත පදනම්ව වසර 05ක කාලසීමාවක් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය M/s South Asian Technologies (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Read More

ඇමති නිල නිවාස සහ බංගලා සම්බන්ධයෙන් රජය ගත් තීරණය.!

අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන ලද බංගලා, නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම රජය සතු ඌන උපයෝජනයක් සහිත නිවාස හා පරිශ්‍ර ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. එම නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව මඟින් තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍යතාන්ත්‍රික භාවිතයන්, රජයේ හා රජයට අනුබද්ධිත ආයතන මෙන්ම High-end Restaurant/Boutique Hotel සහ වඩාත් ඵලදායී ආයෝජන ව්‍යාපෘති සඳහා එකී බංගලා නිවාස උපයෝජනය කිරීම නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, මූලිකව හඳුනාගනු ලැබ ඇති බංගලා නිවාස 24ක්, එම බංගලා…
Read More

අක්කා නගෝ කෝටි 50ක බඩුත් සමග අත්අඩංගුවට.!

කටුනායක ගුවන් තොටුපොළ තුළදී රුපියල් කෝටි 50ක වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අද (06) අත්අඩංගුවට ගෙන ඇත. තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක වෙත පැමිණි සැකකරුවන් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පලායමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගයෙක් වන අතර ඔවුන් අතරින් එක් කාන්තාවක් සමග එම පිරිමි පුද්ගලයා විවාහ වී සිටින අතර අනෙක් කාන්තාව ඔහුගේ නැගණියයි. මෙම මත්ද්‍රව්‍ය තොගය මෑත කාලයේ කටුනායක ගුවන් තොටුපොළින් සොයාගත් ප්‍රමාණයෙන් වැඩිම සහ වටිනාකමින් ඉහළම මත්ද්‍රව්‍ය තොගය බව වාර්තා වේ.
Read More