අද (07) දින දහවල් 12.30ට පමණ නුවරඑළියේ ග්‍රෙගරි වැවට සී ප්ලේන් එකක් කඩා වැටී ඇත.
ගොඩබැස්වීමකට සුදානමින් තිබූ මෙම සී ප්ලේන් එක හදිසියේම නුවරඑළියේ ග්‍රෙගරි වැවට කඩා වැටී ඇත.
එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.
නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේදී මෙලෙසෙ අනතුරට ලක්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
