03
Jan
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් කළ මූලික පරික්ෂණයේ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට භාරදී ඇත. තවද, එම සිදුවීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය විසින්ද, වෙනම පරික්ෂණයක් මේ වනවිට සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි. මෙම සිද්ධියට වගකිව යුත්තන් සොයා තවත් පරික්ෂණ කමිටුවක් කඩිනමින් පත් කරන බවද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි. හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය බෙදාහැරීමට පෙර සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂඥයින්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයිද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනූව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ…
