Local news

ඉරානයේ නව උත්තරීතර නායකයා පත් කරයි.!

By Reporter.lk on (LK time) පසුගියදා ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්ටාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්කරගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර ඇත. අධිකරණයේ සහ ආරක්ෂක හමුදාවේ බලය හිමි, ඉරාන පාලන තන්ත්‍රයේ ඉහළම තනතුර ලෙස, "උත්තරීතර නායකයා" සැලකේ. 1969 සැප්තැම්බර් (08) වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ. 56 හැවිරිදි මොජ්ටාබා හමනේයි, 1980 දශකයේ ඉරාක ඉරාන යුද්ධයේදී, ඉරාන හමුදාව වෙනුවෙන් සටන් කළ අයෙකි. කෙසේ නමුත් ඔහු කිසිදු අවස්ථාවක මහජන ඡන්දයක් සඳහා පෙනී සිට නොමැති අතර ප්‍රසිද්ධ දේශනා පැවැත්වීමෙන්ද වැළකී සිටි අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Read More

අමෙරිකානු දැවැන්ත ගුවන් යානා දෙකක් බ්‍රිතාන්‍යයට.!

By Reporter.lk on (LK time) අමෙරිකානු ගුවන් හමුදාවට අයත් දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් බ්‍රිතාන්‍යයේ ගුවන් කඳවුරක් වෙත ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C-17A Globemaster සහ Lockheed C-5 Galaxy යන යානා මෙලෙස බ්‍රිතාන්‍යයේ ෆෙයාර්ෆෝර්ඩ් 'RAF Fairford' කඳවුර වෙත පැමිණ ඇත. මෙම ගුවන් යානා පැමිණීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා ඇත.
Read More

ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්.!

By Reporter.lk on (LK time) ඉරානයට එරෙහිව පවතින යුද්ධය අවසන් කරන්නේ බලයේ සිටින සියලු නායකයින් මුලිනුපුටා දැමීමෙන් අනතුරුව බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, "හොදයි හැම අවුරුදු 10කට වරක් පැමිණ මේ දේ සිදු කරන්න නැවත ඉඩ දෙන්න ඕනේ නැහැ. එයයි බලාපොරොත්තුව ඒ නිසා අපි තෝරා ගන්න ඕනේ ඉරානය නැවත යුද්ධයකට රැගෙන යන්නේ නැති නායකයෙක්." "ඔවුන් දැනටමත් විනාශ වෙලයි ඉන්නේ. මම හිතන්නේ නැහැ ඔවුන් යටතේ වෙනවා කියලා කියන්න එක්කෙනෙක්වත් තවත් ඉතුරු වෙයි කියලා."
Read More

යුද්ධය වහාම නතර කරන්න.. සාමයට ඉඩ දෙන්න.!

By Reporter.lk on (LK time) මේ වනවිට ඉරානයේ පවතින යුද්ධය වහාම නතර කරන ලෙසත් මෙම ගැටුම හේතුවෙන් ලෙබනනය ඇතුළු සමස්ත මැදපෙරදිග කලාපයම අස්ථාවර විය හැකි බව 14 වන ලියෝ පාප් වහන්සේ පවසයි. ඉරානයෙන් සහ මැදපෙරදිග කලාපයෙන් ලැබෙන පුවත් තමන් තුළ දැඩි කම්පනයක් ඇති කර ඇති බව Angelus යාඥාවෙන් පසුව බැතිමතුන් අමතමින් උන්වහන්සේ පවසයි. ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර එය නතර කිරීමේ සදාචාරාත්මක වගකීම සියලු පාර්ශවයන් සතු බවද පාප් වහන්සේ අවධාරණය කර ඇත. "වෛරය සහ බිය රජයන මෙවන් වටපිටාවක, මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වී ලෙබනනය වැනි රටවල් යළිත් අස්ථාවරත්වයට පත්වනු ඇතැයි යන බියක් පවතිනවා,"  "බෝම්බ වල බයංකාර හඬ නතර වේවා, අවි ආයුධ…
Read More

ඉරාන වැසියන් නිවෙස් තුළට වී සිටින්න.. අමෙරිකාව අනතුරු අඟවයි.!

By Reporter.lk on (LK time) අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ඉරානයේ වෙසෙන සිවිල් වැසියන්ට තම නිවෙස් තුළම රැඳී සිටින ලෙසට අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර ඇත. අමෙරිකාවේ මධ්‍යම අණදෙන මූලස්ථානය 'CENTCOM' නිවේදනයක් නිකුත් කරමින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත. ඉරාන හමුදා විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා එරට ජනාකීර්ණ ප්‍රදේශ භාවිතා කරන බවත් ඉරාන රජයේ මෙම තීරණය එරට සිවිල් වැසියන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කරන බවද ඔවුන් සඳහන් කරයි. අමෙරිකාවේ මධ්‍යම අණදෙන මූලස්ථානයේ අණදෙන නිලධාරී අද්මිරාරල් බ්‍රැඩ් කූපර් සඳහන් කළේ, "ඉරානයේ ත්‍රස්තවාදී පාලන තන්ත්‍රය තමන්ගේම ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙළමින්, ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීම හරහා සිවිල්…
Read More

T20 ලෝක කුසලානය ඉන්දියාව දිනා ගනී.!

By Reporter.lk on (LK time) 2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 255ක් රැස්කරගැනීමට සමත් වු අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 159ක් පමණි. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කරමින් විස්සයි විස්ස ලෝක ශූරයන් ලෙසින් කිරුළු පැලදීමට ඉන්දියාව සමත් විය. ඉන්දියාව විස්සයි විස්ස ලෝක ශූරයන් බවට අඛණ්ඩව පත්වූ දෙවන අවස්ථාව මෙය වන අතර මේ දක්වා ඔවුන් තෙවරක් ලෝක ශූරයන් බවට පත්ව ඇත.
Read More

ලංකාවේ සිටින ඉරාන නාවිකයන් ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්.!

By Reporter.lk on (LK time) ඉරාන යුධ නෞකා සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිලිබඳව ශ්‍රී ලංකාවට බලපෑමක් කිරීමට කටයුතු නොකරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, අමෙරිකාව පිළිගන්නා අතරම එම ස්ථාවරයට ගරු කරන බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත. ඉරානයට අයත් IRINS Bushehr නෞකාවේ සහ IRIS Dena නෞකාවේ සිට මුදාගත් ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දේශීය නීතිය හා ජාත්‍යන්තර බැදීම් අනුව අවසන් වශයෙන් තීරණය කළ යුතු බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත. අමෙරිකාව මේ සම්බන්ධවෙන් ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සංවාදයක නිරත වන බවද රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත.…
Read More

ඉරානයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැල්ලක්.!

By Reporter.lk on (LK time) අද (08) දිනයේ උදෑසන සිට ගල්ෆ් කලාපය පුරා රටවලට එල්ලකරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර ඉරානය විසින් වැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉන්ධන ගබඩාවක් ඉලක්ක කර ඩ්‍රෝන යානා රැසක් එල්ල කළ බවත් එම ප්‍රහාර ව්‍යාර්ථ කිරීමට සමත් වු බව කුවේටය සඳහන් කරයි. එහෙත් මහල් 22කින් යුත් එරට සමාජ ආරක්ෂණය සඳහා වූ මහජන ආයතනයේ ගොඩනැගිල්ලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර අද අලුයම ඩ්‍රෝන ප්‍රහාර වලට මුහුණ දුන් බවත් අවම වශයෙන් ඩ්‍රෝන යානා 21ක් විනාශ කළ බවද සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More

පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත් කිරීම ගැන දැනුම්දීමක්.!

By Reporter.lk on (LK time) පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුම්දීමක් කර ඇත. දේශීය හා විදේශීය පුරවැසියන් විවිධ අවශ්‍යතා සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම හා ඊට අදාළවන ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් නිරන්තරයෙන් විමසීම් සිදුකරන බව සඳහන් කරයි. අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවියට පිවිස www.police.lk හරහා E-service යොමුවට පිවිස Clearance Certificates යන්න තෝරාගෙන අදාළ අයදුම්පත සම්පූර්ණ කර නිෂ්කාශන වාර්තා ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට ඉඩ සලසා දී ඇත. ශ්‍රී ලංකා පොලිසිය විසින් විදේශගතව සිටින පුරවැසියෙකු පොලිස් නිශ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා සඳහා රුපියල් 5,100ක මුදලක් ගෙවිය යුතු වේ. ඊට අදාල මුදල්…
Read More

ඉරානයෙන් නවතම ප්‍රතිප්‍රහාර මාලාවක්.. කුවේටයටත් මිසයිල ප්‍රහාර.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලයට එරෙහිව ඉරාන හමුදාව විසින් නවතම ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව වාර්තා වේ. ඉරාන හමුදාව විසින් මෙම නවතම ප්‍රහාරය "ටෲ ප්‍රොමිස් (Operation True Promise) මෙහෙයුමේ 27 වන රැල්ල" ලෙස හඳුන්වාදී ඇත. කුවේටයේ පිහිටි 'අරිෆ්ජාන්' (Arifjan) අමෙරිකානු හමුදා කඳවුරේ මූලස්ථානය ඉලක්ක කර ගනිමින් ඉතා නිවැරදි ඉලක්ක වෙත පතිත වන මිසයිල (precision-strike missiles) ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව සඳහන් කරයි.
Read More