Local news

බිත්තර මිල කඩිනමින් පහත බහිනවා.!

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා පවසන්නේ වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති බිත්තර මිල තව සති දෙකක් හෝ තුනක් වැනි කාලයක් තුළ අනිවාර්යයෙන්ම පහළ යනු ඇති බවයි. එමෙන්ම පසුගියදා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බිත්තර දමන කිකිළියන් ලක්ෂ තිහකට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බවට ඇතැම් පිරිස් විසින් සිදු කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බවත් ඔහු පැවසීය. මිල ඉහළ යෑමට හා නිෂ්පාදනය පහත වැටීමට බලපෑ සැබෑ හේතුව සතුන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ සතියක පමණ කාලයක් පුරා නිසි පරිදි ලබා දීමට නොහැකි වීම බවත් ඒ මහතා පෙන්වා දෙයි. පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය නිසා මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් කල්මුණේ සහ මඩකලපුව…
Read More

ශ්‍රී ලංකාවට ණය දෙන්න එපා.. මාර්ක් ඇන්ඩ්‍රි ෆ්‍රැන්වේ ජාත්‍යන්තරයට පවසයි.!

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය අලුත්වැඩියා කිරීමට ලබාදෙන මුදල් ප්‍රදානයන් ලෙස ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාව දැනටමත් ණය බරින් පීඩා විඳිමින් සිටින මේ අවස්ථාවේ තවත් ණය ලබාගැනීම අපහසු කාරණයක් වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රි ෆ්‍රැන්වේ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වෙනුවෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන රුපියල් කෝටි 1090 ක මුදලද ලබා දෙන්නේ ප්‍රදානයක් වශයෙන් බවත් එම මුදල මෙරට ණය බරට එකතු නොවන බවත් ඔහු සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ප්‍රජාවන්ට ඉදිරි මාස හතර සඳහා අවශ්‍ය කඩිනම් ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය…
Read More

ජපානය – අමෙරිකාව දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි.!

By reporter.lk on (LK time) අමෙරිකාව විසින් ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹී ඇති අතර ආනයනික භාණ්ඩ සඳහා 15%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇත. මෙම ගිවිසුම ජපානයේ ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ සිදුකිරීමට නියමිත බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කරයි. තවද එම තීරණය හේතුවෙන් අමෙරිකාවට යහපත් කාලයක් උදාවන බවත් එය ජපානය සමඟ ඇති සම්බන්ධතාව වර්ධනය කරගැනීමට හේතුවක් වන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. මෙම ගිවිසුම අනුව ජපානය විසින් අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල්, ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා 15%ක බද්දක් අඩුකර ඇත.
Read More

වසර 30ක් වයසැති ලොව වයෝවෘද්ධම බිළිඳා උපත ලබයි.!

ඇමරිකානු එක්සත් ජනපදයේදී ලොව වයස්ගතම බිළිඳා උපත ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තැඩියස් ඩැනියෙල් පියර්ස් නැමති මෙම බිළිඳා 2025 ජූලි 26 වන දින මෙලොව එළිය බලනු ලැබුවේ වසර 30 කට වැඩි කාලයක් ශීතකර ගබඩා කර තිබූ කලලයකින් බව වාර්තා වෙයි. 1994 දී මෙම කලලය නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි. කලලය 1994 සිට එක්සත් ජනපදයේ ඔහායෝ හි ජීවත් වන ලින්ඩ්සේ සහ ටිම් පියර්ස් විසින් දරුකමට හදා ගැනීමට ඡීව විද්‍යාත්මක මවගෙන් ලබා ගෙන ඇති අතර 2024 නොවැම්බර් මාසයේදී ලින්ඩ්සේගේ ගර්භාෂයට කලලය මාරු කර තිබෙයි. දරුවාගේ ජීව විද්‍යාත්මක මව සහ පියා 1990 ගණන්වලදී IVF ප්‍රතිකාර ලබා ගෙන ඇති බව විදෙස්…
Read More

අවුරුදු 16ට අඩු ළමුන්ට YouTube තහනමක්.!

ලෝකයේ පළමු වතාවට ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා එරට රජය විසින් පනවන සමාජ මාධ්‍ය තහනමට Youtube ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම තහනම යටතේ නව යොවුන් වියේ පසුවන්නන්ට තවමත් YouTube වීඩියෝ නැරඹීමට හැකි ඇති අතර YouTube වීඩියෝ උඩුගත කිරීමට හෝ වේදිකාවේ අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය වන ගිණුමක් තබාගැනීමට අවසර නොලැබේ. ඔස්ට්‍රේලියානු රජය විසින් මීට පෙරද සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් සඳහා ලබාදී තිබූ නිදහස් කිරීම ඉවත් කිරීමෙන් පසුව මෙම තීරණ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව TikTok, Instagram, Facebook, X සහ Snapchat සීමා කෙරෙන අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත බව විදෙස්…
Read More

දෑස් නොපෙනෙන සැමට AI තුළින් පෙනීම.!

මේ වන විට ලෝකයේ කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගනිමින් AI  කණ්ණාඩි නිපදවීම අරඹා තිබේ. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මෙම රේ-බෑන් කණ්නාඩි තුළ හඬ-සක්‍රිය කර ඇති අතර පරිශීලකයාට තම කාර්යයන් ඉටු කර ගැනීම සඳහා කෘතිම බුද්ධි තාක්ෂණය සමඟ කතා කළ හැකි බව ඒ සමාගම පවසයි. විශේෂයෙන් මෙම කණ්ණාඩි මගින් පෙනීම නොමැති පුද්ගලයන් හට ඉදිරියේ ඇති බාධක හදුනා ගැනීමට උපකාරී වන අතර කණ්ණාඩි රාමුවේ ඇති කැමරාව සහ කුඩා ස්පීකර් මගින් මාර්ගය පෙන්වීම, බාධක ගැන දැනුම්වත් කිරීම, කණ්ණඩිය සමග කතා කළ හැකි නිසා මාර්ගය පිළිබදවත් බාාධක පිළිබදවත් විමසීමට ද කළ හැකි ය. අන්ධභාවයෙන් ලියාපදිංචි වී මෙම…
Read More

ශිනවාත්‍රා පාලන යුගය අවසන්.. අගමැතිනී ධුරයෙන් පහකෙරේ.!

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක හඬපට නිකුත් වීමත් සමග ඇතිවූ මහජන විරෝධය මත සේවය අත්හිටවූ තායිලන්ත අග්‍රාමාත්‍ය පේටොංටර්න් ෂිනවාත්‍රා ධුරයෙන් පහකර ඇත. සේවය අත්හිටවූ තායිලන්ත අග්‍රාමාත්‍ය පේටොංටර්න් ෂිනවාත්‍රා ධුරයෙන් පහකිරීමේ තීන්දුව තායිලන්ත ව්‍යවස්ථාදායක අධිකරණය මගින් නිකුත් කළේය. ඒ අනූව පසුගිය දශක දෙක තුළ තායි දේශපාලනයේ ආධිපත්‍ය දැරූ ප්‍රබල ශිනවාත්‍රා පරපුරේ ධුර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වන තුන්වැනි නායකයා බවට ඇය පත්වනු ඇති. 38 හැවිරිදි පේටොංටර්න් ෂිනවාත්‍රා, තායිලන්ත ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයක් දැරූ ළාබාලතම පුද්ගලයායි.
Read More

අමෙරිකානු රජය විසින් දැඩි නීතී ක්‍රියාත්මක කරයි.!

විදේශ සේවකයින් සඳහා අමෙරිකානු රජය විසින් දැඩි නීතී ක්‍රියාත්මක කරන බව ධවල මන්දිර ප්‍රකාශිකා ඇබිගේල් ජැක්සන් සඳහන් කරයි. ඕනෑම ව්‍යාපෘතියක් සඳහා අමෙරිකාවට එන විදේශීය සේවකයන් නීත්‍යානුකූලව නිසි අවසරයකින් යුතුව සිය රටට ඇතුළු විය යුතු බව ඇබිගේල් ජැක්සන් සඳහන් කරයි. ඇමරිකාවේ එක් ස්ථානයක සිදු කළ දැවැන්තම වැටලීම් මෙහෙයුම ලෙස ජෝර්ජියාවේ හුන්ඩායි මෝටර් රථ කම්හලක සිදුකළ වැටලීමත් සමග එම නීති ක්‍රියාත්මක කිරීම දැඩි කළේය. එහිදී නීති විරෝධී රැකියා සහ සංක්‍රමණ නීති උල්ලංඝණය හේතුවෙන් එහි සිටි කම්කරුවන් 475ක් පමණ අත්අඩංගුවට ගත් අතර ඉන් බොහෝ පිරිසක් දකුණු කොරියානුවන් වේ.
Read More

ප්‍රංශ ආණ්ඩුව කඩා වැටෙයි.!

ප්‍රංශ අගමැති ෆ්‍රැන්කොයිස් බයිරූ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්ව තිබේ. ප්‍රංශ නීති සම්පාදකයින් විසින් අගමැතිවරයාව බලයෙන් පහ කිරීම සදහා ඡන්දය ප්‍රකාශ කර ඇත. ඒ අනුව අගමැති බයිරූට එරෙහිව මන්ත්‍රීවරු 364ක් සහ  පක්ෂව ඡන්ද 194ක් ලබා දී ඇති අතර මේ ප්‍රංශ අගමැතිවරයාගේ පරාජය හමුවේ ප්‍රංශ ආණ්ඩුව කඩා වැටී තිබේ.
Read More

නේපාලය දරුණු තීරණයක.. සන්නද්ධ හමුදා සූදානමින්.!

නේපාලයේ ඇතිව තිබෙනා අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ඊයේ (09) රාත්‍රී 10 සිට එරට නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම සන්නද්ධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. දිගින් දිගටම වර්ධනය වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් නේපාල හමුදාව සඳහන් කරයි. මේ අතර නේපාල හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක්ව විරෝධතාකරුවන් විසින් පුළුස්සා මරා දමා තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ,  හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන Rajyalaxmi Chitrakar ය.  ඇයව විරෝධතාකරුවන් විසින් නිවසේ සිර කර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වෙයි.  මෙම සිදුවීම සිදුව ඇත්තේ කත්මණ්ඩු අගනුවරදීය.  පසුව හිටපු අගමැති බිරිඳ වන Chitrakar මහත්මියව කීර්තිපූර් බර්න් රෝහලට වහාම…
Read More