Local news

මම ට්‍රම්ප්ට බය නෑ.. අපි හැප්පිලා බලමු.!

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ අනතුරු ඇඟවීමට පෙරළා අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. අමෙරිකානු හමුදාව ආක්‍රමණයක යෙදීමට තීරණය කළහොත්, රටේ ආරක්ෂාව සඳහා "ආයුධ අතට ගැනීමට" තමන් සූදානම් බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කර ඇත. වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ පැහැරගත් ආකාරයට අමෙරිකන් හමුදා තමන්ව පැහැර ගැනීමට පැමිණෙන්නේ නම්, අමෙරිකාව සමඟ යුද්ධයකට යෑමට තමන් පසුබට වන්නේ නැති බවද ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කර ඇත. ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කළේ, "ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මටත් චෝදනා කරනවා. මට පිස්සෙකු යැයි දොස් නගා තිබෙනවා. වෙනිසියුලා ජනාධිපති මදුරෝට සිදුවුණු ආකාරයේ ඉරණමකට මටත් මුහුණ දෙන්න වේවි යැයි ට්‍රම්ප් කියනවා. ඒත් මා ට්‍රම්ප්ට…
Read More

බළංගොඩ නගර සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි.!

අද (06) දින බළංගොඩ නගර සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. බළංගොඩ නගර සභාවේ සහාපති කේ.ජී. පේමදාස අද දින මාසික සභා අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වී ඇත. තම පෞද්ගලික හේතුවක් මත සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව සභාපතිවරයා සඳහන් කර ඇත.
Read More

මහ වැස්සෙන් ගාල්ල යටවෙයි.!

අද (06) දින ගාල්ල ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. ඒ අනුව ගාල්ල - වක්වැල්ල මාර්ගය ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති අතර ඒ හේතුවෙන් ගාල්ල - වක්වැල්ල මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.
Read More

ආපදාවෙන් බලපෑමට ලක්වූ වගාවන් සඳහා රජයෙන් දීමනාවක්.!

අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් කෙටිකාලීන වගාවන් සඳහා ගොවීන්ට සහන සැලසීම පිණිස අවශ්‍ය අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 08/2025 (i) මගින් මේ වන විට නිකුත් කර ඇත. ඒ අනුව ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. ආපදාවෙන් හානි වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 425,000ක දීමනාවක් එම වගාවන්හී නිතර ගොවීන්ට ගෙවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. එම වගාවන් හී පාළු සිටුවීමට සහ නැවත වගාවට අවශ්‍ය පැළ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩසටහන් මගින්…
Read More

නිවසට ගිනි තැබූ ඛේදවාචකයේ මවටත් දිවි අහිමි වෙයි.!

පවුල් ආරවුලක් හේතුවෙන් අද (06) අලුයම ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසකට එම නිවසේ හිමිකරු විසින් ගිනිතැබීමක් සිදුකර ඇත. එම පුද්ගලයා පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා තිබූ අතර එම ගින්නට හසුවී 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේ දීම මියගොස් ඇත. මෙම ගින්නට හසුවු 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි බිරිඳගේ මව පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළේය. කෙසේ වෙතත් තුවාල ලබා රෝහල්ගත කර සිටි 36 හැවිරිදි බිරිඳ මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුණුවැව පොලීසිය සඳහන් කරයි. ගින්නට හසුවු 15…
Read More

රන් මිල තවත් ඉහළ⁣ට.!

අද (06) දින උදෑසන ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක් ඩොලර් 4,461ක් ලෙස දැක්වුණ අතර මෙරට රන් මිලද රුපියල් 3,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (06) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 337,600ක් දක්වා ඉහළ ගොස් ඇත. තවද කැරට් 24 රන් පවුමක මිල රුපියල් 365,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More

මත්පැන් වර්ගයක් පානය කළ 5ක් මරුට.!

වෙන්නප්පුව මාරවිල ප්‍රදේශයේදී මත්පැන් බවට සැකකෙරෙන දියරයක් පානය කිරීමෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු නිවසක් තුළ තිබියදී සොයාගෙන ඇත. එම මත්පැන් වර්ගය පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවු තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙන්නප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. ඒ අනුව මත්පැන් වර්ගයක් විෂ වීමෙන් පස් දෙනෙකු මියගොස් ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Read More

පෙට්‍රල් දමා නිවසට ගිනි තබයි.. පියා සහ දියණිය මරුට.!

අද (06) අලුයම ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසකට එම නිවසේ හිමිකරු විසින් ගිනිතැබීමක් සිදුකර ඇත. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම පුද්ගලයා පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා ඇති අතර ගින්නට හසුවී එම පුද්ගලයාත් ඔහුගේ 13 හැවිරිදි දියණියත් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ගින්නට හසුවු 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි බිරිඳගේ මව පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. නිවසට ගිනි තබන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් වන අතර පිරිමි දරුවා සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණ ඇත. පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් වෙන්ව තම දරුවන්…
Read More

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව රැස්වෙයි.!

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් 2026 වසර සඳහා පළමුවරට පාර්ලිමේන්තුව අද (06) රැස්වීම නියමිතව ඇත. අද දිනයේදී ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතය.  ඊට අමතරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පසුගිය දෙසැම්බර් (28) වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතව ඇත.
Read More

මම අහිංසක යහපත් මිනිසෙක්.. තවමත් වෙනිසියුලාවේ ජනාධිපති.!

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ අමෙරිකාවේ නිව්යෝර්ක් නගර අධිකරණයට ප්‍රථම වරට ඉදිරිපත් කළ අවස්ථාවේදී සඳහන් කළේ, තමා "අහිංසක" සහ "යහපත් මිනිසෙකු" බවයි. තමන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ගොනුකර ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර කරන බවත් තමා තවමත් රටේ ජනාධිපතිවරයා බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. ජනාධිපති නිකොලාස් මදුරෝ තවදුරටත් සඳහන් කර ඇත්තේ, අම‍ෙරිකා එක්සත් ජනපදය විසින් තමාට එල්ල කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් බරපතළ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බවයි.
Read More