05
Jan
අද (06) දිනයේ සිට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය අද (06) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම විශේෂ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත. තනි පිඟානකට හොදි, එළවළු. මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට: බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර, යනාදිය වෙන වෙනම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක…
