Local news

ඉරාක මුහුදු සීමාවේදී විශාල තෙල් නැව් දෙකක් ගිනිබත් කළ ඉරානය.!

ඉරාකයේ අල්-ෆවු (al-Faw) වරාය ආසන්න මුහුදු සීමාවේදී විදේශීය තෙල් නැව් දෙකක් ගිනිබත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරය සඳහා ඉරානයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය රැගත් කුඩා බෝට්ටු යොදාගෙන ඇති බව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත. අදාළ නැව්වල සිටි සේවකයින් 25 දෙනෙකු ඉවත් කිරීමට බලධාරීන් සමත්ව ඇති අතර එක් සේවකයෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.
Read More

ජීව අත්බෝම්බයක්, ගිනිඅවි සහ ජීව උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට.!

By Reporter.lk on (LK time) පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් කළ වැටලිමකදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ජීව උණ්ඩ 17ක් සමග යුද හමුදා නිල ඇඳුම් කට්ටල සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු හිඟුරක්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හිඟුරක්ගොඩ, කිඹුලාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි. මේ අතර කම්හලක් මුවාවෙන් ගිනි අවි නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු වැල්ලවාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ෂොට්ගන් එකක්, ටී කටස් ගිනි අවි දෙකක්, ජීව උණ්ඩ 12ක්, නැවත පුරවන ලද උණ්ඩ 07ක් හා ගිණි අවි නිෂ්පාදනය සඳහා යොදාගන්නා තවත් උපකරණ සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු…
Read More

පාස්කු ප්‍රහාරයට සලේගේ සෘජු සම්බන්ධය හෙළිවෙයි.. සලේට අණ දුන්නේ කවුද.?

By Reporter.lk on (LK time) පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටියි. රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ තුන්වන සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුවදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අනතුරුව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය විමසීමට නඩුව (11) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවුයේය. පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේගේ සබඳතා අනාවරණය වන කරුණු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය. කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල…
Read More

ඩුබායි ගුවන්තොටුපළ ආසන්නයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක්.!

By Reporter.lk on (LK time) ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් හතර දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතර ඉන්දීය ජාතිකයෙක්, ඝානා ජාතිකයන් දෙදෙනෙක් සහ බංග්ලාදේශ ජාතිකයෙකු වන බව ඩුබායි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් ගුවන්තොටුපළේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ඩුබායි රජය සඳහන් කළ අතර ගුවන්තොටුපළට සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තොරතුරු වාර්තා වී නැත. ලොව කාර්යබහුලම ගුවන්තොටුපළ වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට දින පහක් තුළ ඉරාන ඩ්‍රෝන යානා ළඟා වීමට සමත් වූ දෙවන අවස්ථාව මෙය වේ.
Read More

තෙල් සංචිත මුදා හැරීමට G7 රටවල් එකඟ වෙයි.!

By Reporter.lk on (LK time) මේ දිනවල මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ යන තෙල් මිල පාලනය කිරීම සඳහා සිය උපායමාර්ගික තෙල් සංචිත මුදා හැරීමට G7 රටවල් එකඟතාව පළ කර ඇත. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඉතිහාසයේ වාර්තා වන විශාලතම තෙල් සංචිත ප්‍රමාණය වෙළඳපොළට මුදා හැරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය තෙල් බැරල් මිලියන 300ක්, 400ක් දක්වා ප්‍රමාණයක් මුදාහැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර පසුගිය 2022 වසරේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ අවස්ථාවේ මුදා හැරි තෙල් ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි. කෙසේ වෙතත් බලශක්ති විශේෂඥයන් පෙන්වා…
Read More

මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය අවසන්.!

By Reporter.lk on (LK time) මේ වනවිට සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම සිරදඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීය. දින තුනක් පුරා පැවති වාචික දේශන අවසන් කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (11) දින මෙම නියෝගය නිකුත් කළේය. මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් කටයුතු කරයි. පසුගිය 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාල වලට බෙදාදීමට සතොස ආයතනය හරහා…
Read More

අමෙරිකානු යුධ නෞකා විනාශ කරනවා.. ඉරානය නැවතත් අනතුරු අඟවයි.!

By Reporter.lk on (LK time) හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා ඕනෑම අමෙරිකානු යුධ නෞකාවක් විනාශ කර දමන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය යළිත් අනතුරු අඟවා ඇත. අමෙරිකානු යුධ නෞකා සහ අමෙරිකාවේ මිත්‍ර රටවල නෞකා ද විනාශ කර දමන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදා ප්‍රධානි අලිරේසා ටැන්සරින් සඳහන් කරයි. අමෙරිකානු බලශක්ති ලේකම්වරයා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එහි නාවික හමුදාවේ ප්‍රධානි අලිරේසා ටැන්සරින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
Read More

ඥනසාර හිමිට එරෙහිව අධිචෝදනා.!

By Reporter.lk on (LK time) කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී බොදු බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට එහි මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට අධිචෝදනා ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (11) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවේ දැනුම් දුන්නේය. නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මෙම පියවර ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ ඇප මත මුදා හැර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
Read More

මාකඳුරේ මධුෂ් ඝාතනය කළේ කවුද.? CIDය විමර්ශන අරඹයි.!

By Reporter.lk on (LK time) සංවිධානාත්මක පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ අනුව පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඝාතනය වූ දින ඔහුව මාලිගාවත්තට රැගෙන ගිය නිලධාරීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලා මධුෂ්ගේ සහෝදරයෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර තිබුණ අතර අනතුරුව ඒ සම්බන්ධ විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇත. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කොළඹ අධිකරණය වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබා…
Read More