14
Jan
ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සහ උද්‍යෝගයෙන් සමරන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී ඇත. සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට සහාය වූ හිරු දෙවියන්ටත්, ගව මහේෂාධී සත්වයන්ටත්, සොබාදහමටත් කෘතවේදීත්වය පිරිනැමීම තෛපොංගල් උත්සවයේදී සිදු කෙරේ. සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවකි. මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව, ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, මහත් පරිශ්‍රමයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට අපි එක්ව උර දී සිටින්නෙමු. එකී වැඩපිළිවෙළ සමග තව තවත් ශක්තිමත්ව ඇත්වැල් බැඳ ගැනීමට පෙරට එන…
