Local news

සැගවී සිටින පාතාල කෙරුමෝ 95කට රතු නිවේදන.!

මේ වනවිට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 කට එරෙහිව මේ වනවිට රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි. අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, "2024 වසරේදී අපිට පුළුවන් වුණා රතු නිවේදන හරහා සැකකරුවන් 10 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න. ඒ වගේම 2025 වසරේදී අපිට හැකියාව ලැබුණා සැකකරුවන් 11 දෙනෙකු ගෙන්වා ගන්න. ඒ වගේම 2024-2025 වසරේ අපිට උදර්පන නීතිය හරහා සැකකරුවන් 21 දෙනෙක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා.  ඒ වගේම මේ වන විටත් රටෙන් බැහැරව සිටින, සැඟව සිටින සහ විදේශගතව සිට ජාලගත අපරාධ මෙහෙයවන අපරාධකරුවන් රාශියක් අපි හඳුනාගෙන…
Read More

ආරක්ෂාවට දෙකයි.. ජනපති තල් අරන මැදින් දුවයි.!

යාපනය පලාලි ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටිනා ජනපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ පමණක් ආරක්ෂාව යටතේ එම ප්‍රදේශයේ මහා මාර්ගයක ඇවිද යමින් ව්‍යායාමය නිරත වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි අවධානයට ලක්ව තිබේ. ජනාධිපතිවරයා සැහැල්ලු ඇඳුමකින් සැරසී මහා මාර්ගය ඔස්සේ ඇවිද යන ආකාරයත් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් එක් පුද්ගලයෙක් පමණක් ජනපතිවරයා සමග ගමන් ගන්නා ආකාරයත් එම වීඩියෝවේ දැක්වෙයි. ඒ අතරින් ගිනි අවියක් අතැතිව පවතින්නේ එක් හමුදා නිලධාරියෙක් අත පමණි. එහිදී මාර්ගය අසල සිටි පුද්ගලයෙකු ජනාධිපතිවරයාට "Good Morning" සර් යනුවෙන් පවසමින් සුබ පතා ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා දෙමළ භාෂාවෙන් "නාන් පෝයිට්ටු වාරේන්" යනුවෙන්…
Read More

අද සිට සියලුම ගොවීන් Online.!

මෙරට සියලුම ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිලිවෙලක් අද (16) දින ආරම්භ වන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කරයි. ඒ අනුව WWW.FAMERNET.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි වීම සිදු කළ හැකි බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය සහය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හා කෘෂිකර්ම නිෂ්පාදන හා පර්යේෂණ සහයක නිලධාරීන් මාර්ගයෙන් ලබාගත හැකි බවද කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කරයි.
Read More

ඩුබායි හැංගිලා හිටපු පාතාල අපරාධකරුවන් ලංකාවට කුදලාගෙන එයි.!

ඩුබායි හි සැගවී සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව සිටි කාන්තාවක් විශේෂ පොලිස් නිලධාරීවරුන් විසින් අද (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය. දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද (16) අලුයම 05.20ට පමණ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය. 52 හැවිරිදි රවීන් චමින්ද වීරසිංහ නොහොත් පුංචා නැමති ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී නැමැත්තා කඳාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වන්නෙකි. අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සදහා…
Read More

කිරි තේ මිල අඩු කරයි.!

කිරිපිටි මිල අද (16) දිනයේ සිට අඩු කිරීමට ගෙන ඇති තීරණය අනුව කිරී තේ කෝප්පයක මිල අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි ඒ අනුව අද (16) දිනයේ සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් දහයකින් අඩු කීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read More

කලාඔය සැඩ පහරට හසුවූ බස් රථයේ රියැදුරාට මිනී මැරුම් චෝදනා.!

පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් මගීන් 68 දෙනෙකු රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් එම බස් රථයේ රියැදුරා ජනවාරි (21) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නොච්චියාගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. පොලිස් නිලධාරීන්ගේ අවවාද සහ මහ ජනතාවගේ ඉල්ලීම් නොතකමින් මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු රැගත් පෞද්ගලික බස් රථය, ධාවනය කර බස් රථය සැඩ පහරට ගසාගෙන යාමට සලස්වා එම මගීන් පිරිස අනතුරක හෙළීමට අදාළ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කළේය. මෙම පෞද්ගලික බස් රථ රියැදුරාට ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ…
Read More

පාතාලයේ දෙදෙනෙක් ඩුබායිවලදී කොටුවෙයි.!

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු හා වංචා කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ කාන්තාවක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් රැගෙන ඒමට කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු ඩුබායි රාජ්‍ය බලා මේ වනවිට පිටව ගොස් ඇති බව වාර්තා වේ. හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට කඳානේදී වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවූ රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජි නම් අපරාධකරුගේ ප්‍රධානතම ගෝලයා වන චූටි මල්ලී නැමැත්තා එම පිරිස අතර සිටින බව වාර්තා වේ. තවද ඇල්පිටියේ සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ඌරගත ඉන්දික නම් අපරාධකරුගේ සමීපතමයෙක් වන රවීන් චමින්ද වීරසිංහ හෙවත් පුංචා නම් අපරාධකරු එම පිරිස අතර සිටින බව පොලීසිය සඳහන් කරයි.…
Read More

මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.!

රට පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වීම මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ සලසා දීම ව්‍යාපෘතියේ අරමුණයි. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාවසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (15) සිදු විය. මන්නාරම ස්වභාවික සුළං බලය උපයෝගී කරගත් අති නවීන තාක්ෂණයෙන් යුතු මෙම සුළං බලාගාරය සුළං ටර්බයින 10කින් සමන්විත වන අතර වාර්ෂිකව බලශක්ති නිෂ්පාදනය විදුලි ඒකක කිලෝවොට් පැය 207,000,000කි. විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 0.0465කට, එනම් ශ්‍රී ලංකා රුපියල් 14.37කට ලබා දීම විශේෂත්වයක්…
Read More

මතට ඇබ්බැහි වූවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන 3ක්.!

එක් දින ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 3ක් මතට ඇබ්බැහි වූවන් වෙනුවෙන් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි. මඩකලපුව, කුරුණෑගල හා යාපනය ප්‍රදේශවල එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිත බව එහි ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්‍යක්ෂ ශාන්ත ගමගේ සඳහන් කරයි. මඩකලපුව එක් දින ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථාන ලබන සතියේ විවෘත කිරීමට නියමිත අතර මෙම මධ්‍යස්ථාන මගින් රෝගීන්ට නේවාසිකව නවාතැන් නොගෙන එක් දින ප්‍රතිකාර සේවාවන් ලබාගත හැකිය.
Read More

CIDය ඉදිරිපිටදී මතුවු ලක්ෂ 62ක ස්නයිපර් අවිය.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැදී සිටි කොමාන්ඩෝ සෙබලුන් දෙදෙනා සතුව තිබී හමුවූ "ස්නයිපර් අවිය" වෙනත් අපරාධයන් සදහා භාවිතා කර තිබේදැයි පරීක්ෂා කරන්නැයි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය (14) දින නියෝග කළේය. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට මාර්ගයේ හාබර් මාස්ටර් කාර්යාලයට ඇතූළුවන වරාය ගේට්ටුව අසන්නයේදී ස්නයිපර් අවියක් සමග සැකකටයුතු දෙදෙනෙකු පසුගිය ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය. මෙම පුද්ගලයින් දෙදෙනා සිවිල් ඇදුමින් සැරසී කළු රෙදි කැබැල්ලකින් ආවරණය කර අදාළ අවිය ළග තබාගෙන සිටි බවත් අනන්‍යතාව තහවුරු කල හැකි කිසිදු ලේඛනයක් ඔවුන් සතුව නොතිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙම ස්නයිපර් අවිය රුපියල් ලක්ෂ 62ක් වටිනාකමකින් යුතු බව බව අපරාධ…
Read More