අරගලය පැවති දිනයේදී පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්තී අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (14) ගම්පහ මහාධිකරණයේදී ප්රකාශයට පත් කිරීමට නියමිතය.
නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ජයන්ත ගුණවර්ධනට පහරදී ඝාතනය කළ බවට පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.
මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව දීර්ඝ කාලයක් පුරා විභාග කෙරිණී.
