Local news

නන්දන ගුණතිලක ජීවිතයෙන් සමුගනී.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී ඇත. නන්දන ගුණතිලක රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු මියයන විට 63 වියේ පසුවිය. ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු ඔහු පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය සමග එක්විය.
Read More

මහින්දානන්ද සහ දුමින්ද සිටින වාට්ටුවේ දුරකථන ඇතුළු උපාංග තොගයක්.!

හිටපු අමාත්‍යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවක සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් සොයා ගෙන ඇත. මේ වනවිට එම වාට්ටුවේ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලීන් ප්‍රනාන්දු, එස්.එම් රංජිත් සහ දුමින්ද සිල්වා යන අය රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ස්මාර්ට් ජංගම දුරකථන, දුරකථන චාඡර්, ජංගම දුරකථන ඇතුළු උපාංග සොයාගත් භාණ්ඩ අතරට ඇතුළත් වන අතර එම ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More

රටවල් කිහිපයකට ට්‍රම්ප් අමතර තීරු බද්දක් පනවයි.!

පෙබරවාරි (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය සහ අනෙකුත් යුරෝපීය රටවලට නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත. ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගනුදෙනුවකට එළැඹෙන තාක් මෙම තීරු බද්ද ක්‍රියාත්මක වන බව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ඒ අනුව එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම හෝ ඕනෑම භාණ්ඩයක් සඳහා 10%ක නව තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර ඇත. ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල්වලින් අමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරනු ලබන ඕනෑම භාණ්ඩයක් සඳහා මෙම 10%ක තීරු බද්ද පැනවෙනු ඇත.
Read More

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ නිවේදනයක්.!

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි (24) දින සිට පෙබරවාරි (02) දින දක්වා දිවයින පුරා පිහිටුවනු ලබන පරීක්ෂණ මධ්‍යස්ථාන 42කදී පැවැත්වීමට කටයුතු සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ අයදුම්පත්‍රවල සඳහන් ලිපිනයටත් තැපැල් මාර්ගයෙන් යොමු කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රවේශපත්‍ර තැපැල් මගින් නොලැබුණු අපේක්ෂකයින් සඳහා 2026 ජනවාරි (19) දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත්‍ර බාගත…
Read More

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි.. යැපෙන 182කගේ පැන්ෂන් එකත් කපයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම නතර කරනු ලැබූ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නියමය පරිදි ගැසට් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රි විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත යනුවෙන් නම්කර ඇති නව පනත මගින් ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත අහෝසි වනු ඇත. මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත සම්මත වීමෙන් පසු එම විශ්‍රාම වැටුප අහිමි වන පිරිස අතර හිටපු මන්ත්‍රීවරුන්ගේ (බිරිඳ හෝ සැමියන්) 182ක් සිටින බව වාර්තා වේ. මෙම විශ්‍රාම වැටුප අහිමිවන පිරිස අතර රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වුණු 50කට ආසන්න පිරිසක් සිටින බවද වාර්තා වේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප…
Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට මොකද වෙන්නේ.? රජයෙන් තීරණයක්.!

ආණ්ඩුව රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්කගතව තිබූ බැවින් රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. එවැනි සමාජීය පරිවර්තන සිදුකිරීමේදී සුළුතර පිරිසකගේ ප්‍රතිවිරෝධතා මතුවිය හැකි බවත්, කෙසේ වුවද ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තාවකාලිකව අත්හිටුවීමෙන් අසාධාරණයට ලක්වූ සිසුන් හට ඉක්මනින්ම සාධාරණයක් ඉටුකිරීමට කටයුතු කරන බවත් වෙනසක් කරා අධ්‍යාපනය රැගෙන යන මෙම ගමනේදී ඒ සඳහා ජනතාවගේ පිළිගැනීම අතිශය වැදගත් බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරි…
Read More

සංවිධානාත්මක අපරාධකරු ‘ගම්පහ බබාට’ දුන් නියෝගය.!

කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය, සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර හෙවත් ගම්පහ බබා අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර හෙවත් ගම්පහ බබා ලබන (28) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත. ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන, ඉෂාරා සෙව්වන්දි සමග සිටියදී නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග මත පෑලියගොඩ පොලීසිය භාරයේ රඳවා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇත.
Read More

අමානුෂික ලෙස වද දුන්න පොලිස් පරීක්ෂක වසර 7ක් සිරගෙට.!

2020 වර්ෂයේ හම්බේගමුව පොලිස් ස්ථානයේදී පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීම හා කෲර ලෙස වද හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 7ක සිර දඬුවමක් නියම කර ඇත. මොනරාගල මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර විසින් මෙම නියෝගය ලබාදී ඇත. මෙම පුද්ගලයාට වසර 7ක සිර දඬුවමට අමතරව රු. 10,000/- ක දඩයක් නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් මාස 06ක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් ද නියම කර ඇත. මෙලෙස සිර දඬුවම් නියම වූයේ මේ වන විට සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් පරීක්ෂකවරයෙකුට වේ.
Read More

ජින්තුපිටියේ වෙඩි තැබීමක්.!

අද (16) රාත්‍රියේ වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය විථිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති අතර එහිදී එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර එම වෙඩි තැබීමේ සිද්ධියේදී කුඩා පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකු සුළු තුවාල ලබා ඇත.
Read More

ජනපති අනුර නාගදීපයට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (16) නාගදීප රජමහා විහාරය වෙත ගොස් එහි විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. අද උතුරේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගීවන අතරතුර ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර විහාරාධිපති හිමියන් මෙහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ. ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී විහාරස්ථානයට පැමිණ සිටි ජනතාව සමඟද සුහද කතා බහක නිරත විය.
Read More