Local news

රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාව අමෙරිකාව භාරයට ගනී.!

රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාව අමෙරිකාව භාරයට ගනී.!

අද (07) දින අමෙරිකානු හමුදා විසින් ලුහුබැඳගිය රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාව සිය භාරයට ගත් බව අමෙරිකාව නිල වශයෙන් තහවුරු කර ඇත. සති දෙකක් පුරා ලුහුබැඳීමෙන් අනතුරුව උතුරු අත්ලාන්තික් සාගරයේදී මෙම නෞකාව අමෙරිකාව සිය භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කිරීම, අමෙරිකානු සම්බාධක කඩකර ඉරාන තෙල් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා රැසක් මෙම නෞකාවට එල්ල වී ඇත. අමෙරිකානු හමුදා මෙම නැව ලුහුබඳිමින් සිටින බව දැනගැනීමෙන් අනතුරුව එම නෞකාවේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාවෙන් සබ්මැරීනයක් සහ යුධ නෞකාවක් යොදවා තිබුණි.
Read More
ආපදා දීමනා ගෙවීමට මාර්ගෝපදේශ නිකුත් කරයි.!

ආපදා දීමනා ගෙවීමට මාර්ගෝපදේශ නිකුත් කරයි.!

ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීම සහ නායයෑම් අධි අවධානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇත. ''දිට්වා සුළි කුණාටුව'' හේතුවෙන් පැන නැඟුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ වල බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, 2025-12-05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 2025-12-20 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 (i) මඟින් යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා ඇති නිවාස හානි සඳහා දීමනා ලබාදීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අදාල උපදෙස් සහ පැහැදිලි කිරීම් ලබා දීම සඳහා මෙම මාර්ගෝපදේශය නිකුත් කර ඇත. ඒ අනුව, 2025 නොවැම්බර් මස (21) වන දින සිට…
Read More
දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන්.. නීතිය සම්මත වු පසු විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නෑ.!

දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන්.. නීතිය සම්මත වු පසු විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නෑ.!

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව කිසිදු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමි නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ, "ඉදිරියේදී එය දෙවැනිවර සහ තුන්වනවර කියවීමෙන් පසු එය නීතිය බවට සම්මත කරනවා. එය නීතියක් බවට සම්මත වුණාට පසුව එතැන් සිට කිසිම අයෙකුට එම විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් මේ පනත සම්මතවීමට පෙර ලබාගත්ත විශ්‍රාම වැටුප්වලට අගතියක් වෙන්නේ නෑ. ඒවා නැවත ගෙවන්න ඕනි කියලා එකක් මේ පනතේ නෑ. මේ පනත සම්මත වන දිනයේ සිට වෙනදේ තමයි විශ්‍රාම වැටුප් ගෙවන එක…
Read More
හෙට මි.මී 100ට වැඩි තද වැසි.!

හෙට මි.මී 100ට වැඩි තද වැසි.!

හෙට (08) නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු පළාතෙත් අනුරාධපුරය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම…
Read More
මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම ගැන රන්ජන්ගෙන් ප්‍රකාශයක්.!

මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම ගැන රන්ජන්ගෙන් ප්‍රකාශයක්.!

රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශයක් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා රජය ගත් පියවරට ප්‍රසාදය පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි. ලෝකයේ කිසිදු රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසර 5කින් පසුව විශ්‍රාම වැටුපක් හිමි නොවන බවත් විශ්‍රාම වැටුප් අහෝසි කිරීම විය යුතු දෙයක් බවද හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි. මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම, ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාවට වුණු පොරොන්දු ඉටු කිරීමක් බවද හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි. හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කළේ, "පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ගරු වෘත්තීයක්. ජනතා…
Read More
දෙවසරකට පසුව ඩොලරය රුපියල් 310 පනී.!

දෙවසරකට පසුව ඩොලරය රුපියල් 310 පනී.!

අද (07) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 310.02ක් ලෙස වාර්තා වී තිබේ. ඒ අනුව 2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව සඳහන්. ඒ අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 306.28ක් හා විකුණුම් මිල රු. 313.81ක් ලෙසින් සටහන් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ පසුගිය 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද…
Read More
පොලිස් නිලධාරීන්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට.!

පොලිස් නිලධාරීන්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට.!

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් තම දිනක වැටුප වශයෙන් රුපියල් මිලියන 50ක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර ඇත. ඊට අදාළ චෙක්පත පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ජනාධිපති කාර්යාලයේදී (06) දින පස්වරුවේ පිළිගන්වනු ලැබීය. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මෙම අවස්ථාවට එක්ව සිටියේය.
Read More
විපතට පත් ජනතාවට සහන සැලසීමට මිලියන 400ක මූල්‍ය පරිත්‍යාගයක්.!

විපතට පත් ජනතාවට සහන සැලසීමට මිලියන 400ක මූල්‍ය පරිත්‍යාගයක්.!

දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්‍රමුඛ සමාගම් විසින් රුපියල් මිලියන 400ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ඒ අනුව, South Asia Gateway Terminals (SAGT) රුපියල් මිලියන 100ක්ද, Nations Trust Bank රුපියල් මිලියන 100ක්ද, Lanka Marine Services Pvt Ltd රුපියල් මිලියන 50ක්ද, Jaykay Marketing Services Pvt Ltd රුපියල් මිලියන 50ක්ද, Union Assurance රුපියල් මිලියන 50ක්ද, Elephant House රුපියල් මිලියන 50ක්ද වශයෙන් පරිත්‍යාග කර ඇත. ඊට අදාළ චෙක්පත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ඩී. ගුණතිලක, South Asia Gateway Terminals හි ප්‍රධාන විධායක…
Read More
Duplicate සෙව්වන්දි රිමාන්ඩ්.!

Duplicate සෙව්වන්දි රිමාන්ඩ්.!

අද (07) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ආධාර අනුබලදීම සහ නවාතැන් පහසුකම් සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි නන්ද කුමාර් තක්ෂි සහ තවත් සැකකරුවෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට පමුණුවනු ලැබීය. එහිදී අදාළ සැකකරුවන් ජනවාරි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Read More
සාරා ජෙස්මින් මියගොස් නෑ.. ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.!

සාරා ජෙස්මින් මියගොස් නෑ.. ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.!

මරාගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගොස් නැති බවට වන කරුණු මේ වනවිට විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි. සාරා ජස්මින් මෙරටින් පලාගොස් ඇති බවට සැක පවතින පසුබිමක ඇය සම්බන්ධයෙන් පවතින විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල අද (07) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරයි. සාරා ජස්මින් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය වන්නේ නම් විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඇය ඉන්දියාවේ රැඳී සිටින බවට මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති වුවද, ඒ…
Read More