Local news

අමෙරිකාවේ දැවැන්ත නෞකාවක හදිසි ගින්නක්.!

By Reporter.lk on (LK time) ඉරානයට එරෙහි යුද්ධයේ රතු මුහුදේ ක්‍රියාත්මක වන අමෙරිකානු USS Gerald R. Ford (CVN 78) ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ හදිසි ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ගින්න සටන් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නොවන බවත් එම ගින්න පාලනය කිරීමට කටයුතු කළ බවද අමෙරිකානු මධ්‍යම හමුදා අධිකාරිය (U.S. Central Command) සඳහන් කරයි. මෙම ගින්නෙන් නෞකාවේ එන්ජින් ක්‍රියාකාරිත්වයට හෝ ප්‍රචාලන පද්ධතියට කිසිදු හානියක් සිදුවී නොමැති බවත් එම ගින්නෙන් නෞකාවේ නාවිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් කරයි.
Read More

අධිකරණයට ආ කපිල චන්ද්‍රසේන බන්ධනාගාරයට.!

By Reporter.lk on (LK time) ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ගත් බවට වූ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබන (19) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) පස්වරුවේ නියෝග කළේය.
Read More

ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට.!

By Reporter.lk on (LK time) එයාර් බස් ගනුදෙනුවකට සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද (12) දින ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම වෙත පැමිණි අතර දීර්ඝ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
Read More

පාස්කු ප්‍රහාරයට නම ගෑවුණ සලේ ගැන මහින්ද කතා කරයි.!

By Reporter.lk on (LK time) හිටපු බුද්ධි අංශ නිලධාරියා කළ සේවය අගය කළ යුතු බවත් අගය කරන්නේ නැතිව හිර නොකළ යුතු බවත් මෙම කාලය හිරකරන කාලයක් නොවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.  මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ, "ඔහු කරපු සේවය අගයන්න ඕනේ. මිස හිර කරන්න නෙවෙයි තියෙන්නේ. ඔහුගේ සේවය අගය කරන්න ඕන. හිර කරන කාලයක් නෙවෙයි මේක." තිස්සමහාරාම, අකුරුගොඩ සිරි මංගලාරාමය විහාරස්ථානයේ උත්සවයකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කරයි.
Read More

අයිස් සහ හෙරොයින් තොගයේ දළ වටිනාකම රුපියල් බිලියන 10ක්.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකාවට දකුණු වෙරළට ඔබ්බෙන් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන එන ලද අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් බිලියන 10ක් බවට ඇස්තමේන්තු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ, "මේ ඔබ දකින්නේ ඉතාම හොඳන් සැලසුම් කරන ලද සහ දින ගණනාවක් මුහුදේ ආවේක්ෂණ කටයුතු කරන ලද මෙහෙයුමක ප්‍රතිඵල. ඒක එක රැයකින් කරපු දෙයක් නෙමෙයි. දේශීය මෙන්ම විදේශීය ආයතනවල සහාය ඇතුව කරපු දෙයක්. මත්ද්‍රව්‍ය, ගිනිඅවි, චන්ද්‍රිකා දුරකථන සහිත ධීවර යාත්‍රා 2ක්. මේකේ අරමුණ මොකක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්." ශ්‍රී…
Read More

ඉන්ධන රැගත් නෞකා 4ක් මෙරටට.!

By Reporter.lk on (LK time) මෙම මාසය තුළ මෙට්‍රික් ටොන් 35000ත් 40000ත් අතර ඉන්ධන රැගත් නෞකා 4ක් මෙරටට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා සඳහන් කරයි. එම නෞකා මෙම මාසයේ 14 - 15 දිනවලදී, 17 - 18 දිනවලදී‍ 21 - 22 සහ 29 - 30 අතර දිනවලදී මෙරටට පැමිණීමට නියමිත බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා සඳහන් කරයි. පළමු නෞකා තුනේ පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම අඩංගු අතර අවසන් නෞකාවේ ඩීසල් පමණක් රැගෙන එන බවද සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා සඳහන් කරයි. අප්‍රේල් මස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවත් එම ඉන්ධන තොග, ගොඩබෑමේදී…
Read More

කෝටි 184ක මුදල කබ්රාල් ගෙවා ඇත්දැයි අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසයි.!

By Reporter.lk on (LK time) ග්‍රීක බැඳුම්කර නඩුවේ එකඟතා මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගෙවිය යුතු රුපියල් කෝටි 184කට අධික මුදල ගෙවා ඇත්දැයි, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහ බැංකුවෙන් විමසා ඇත. අදාළ මුදල ගෙවා නොමැති නම්, පනතේ විධි විධානවලට අනුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි. 2025 වසරේ දෙසැම්බර් (10) වනදා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කොන්දේසි සහිතව නිදහස් කිරීමටත්, සෙසු විත්තිකරුවන් තුන්දෙනා කොන්දේසි රහිතව නිදහස් කිරීමටත් කොළඹ මහාධිකරණය නියෝග කළේය.  කබ්රාල් නිදහස් කළ කොන්දේසිය අනුව මෙම ගනුදෙනුවෙන් සිදුවූ රුපියල්…
Read More

මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ප්‍රවාහනය කළ යාත්‍රා දික්ඕවිට වරායට රැගෙන එයි.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක අද (12) දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් ඇත. මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ප්‍රවාහනය කරමින් තිබියදී දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත. එක් බහුදින ධීවර යාත්‍රාවක තිබි මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එම තොගයේ බර කිලෝග්‍රෑම් 600කට අධික බව වාර්තා වේ. එමෙන්ම එම යාත්‍රාවේම තිබී පිස්තෝල ගිනිඅවි 8ක්, ඒවාට යොදන මැගසින්, T56 ගිනිඅවි 2ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් නාවික හමුදා භාරයට…
Read More

මැදපෙරදිග යුද ගැටුමෙන් දරුවන් 1100ක් මියගොස් හෝ තුවාල ලබයි.!

By Reporter.lk on (LK time) මේ වනවිට අමෙරිකාව, ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය මැදපෙරදිග පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ට විනාශකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය සඳහන් කරයි. මෙම යුද ගැටුම් හේතුවෙන් මිලියන සංඛ්‍යාත දරුවන්ට අධ්‍යාපනය අහිමි වී ඇති අතර නොනවත්වා එල්ල වන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී සිටින බවද සඳහන් කරයි. පසුගිය පෙබරවාරි (28) වනදා සිට මේ දක්වා පැවති ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දරුවන් 1,100කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව වාර්තා වී ඇති බව එම සංවිධානය සඳහන් කරයි. ප්‍රහාර හේතුවෙන් මියගිය දරුවන් අතර ඉරානයේ 200ක්, ලෙබනනයේ 91ක්, ඊශ්‍රායලයේ සිව්දෙනෙක් සහ…
Read More

ලංකාව අසල ගිල්වා දැමූ ඉරාන යුද නෞකාව.. “එය විනෝදජනකයි” ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකාව අසල ජාත්‍යන්තර මුහුදේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ ඉරාන නෞකාව අත්පත් කර ගන්නවා වෙනුවට එය විනාශ කළේ මන්දැයි තමන් හමුදා නිලධාරීන්ගෙන් විමසූ බව කෙන්ටකි ප්‍රාන්තයේ පැවැති රැලියකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත. "මම ඇහුවා ඇයි අපි ඔවුන්ව ඝාතනය කළේ කියලා. ඇයි අපිට බැරි වුණේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න.?" නෞකාව අත්පත් කර ගැනීමට වඩා එය ගිල්වා දැමීම යෝග්‍ය බව ජෙනරාල්වරයෙකු තමන්ට පැවසූ බවත් ඔහු එය හැඳින්වූයේ "සර්, එය වඩාත් විනෝදජනකයි" යනුවෙන් බවද ජනාධිපති ට්‍රම්ප්…
Read More