19
Jan
දුරකථන ඇමතුම් ලබාදෙමින් සහ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් වංචනික ලෙස ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි. තවද රැකියා අවස්ථා ලබාදෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට, අසත්‍ය චෝදනා යොමු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බවටද පවසා විවිධ ගිණුම් වෙත වංවනික ලෙස මුදල් බැර කර ගැනීම් සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි. විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද (OTP), හා QR කේතක්ත ආදී රහස්‍ය තොරතුරු ලබාගැනීම මගින් හා අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේද මෙම වංචාවන් සිදු කරන බවට නිරීක්ෂණය…
