Local news

කිසිවෙකුටත් යටත් නොවු එඩිතර මාධ්‍යවේදී ලසන්ත ඝාතනය කර අදට වසර 17ක්.!

කිසිවෙකුටත් යටත් නොවු එඩිතර මාධ්‍යවේදී ලසන්ත ඝාතනය කර අදට වසර 17ක්.!

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ මෙන්ම එඩිතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 17ක් සපිරෙයි. 2009 වසරේ ජනවාරි මස (08) වැනිදා රත්මලාන අත්තිඩියේදී නාඳුනන පිරිසක් විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේය. ආන්දෝලනාත්මක වංචා, දූෂණ ගණනාවක් සම්බන්ධයෙන් පැවැති රජයන් කිහිපයකට චෝදනා එල්ල කරමින් ලිපි ගණනාවක් ලියූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග විකාශකයෙක් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙසද කටයුතු කළේය. කෙසේ වෙතත් අද දිනට වසර 17 සපිරෙන මොහොතේ සිහිපත් කරන්නේ, දේශපාලන වේදිකාවල පොරොන්දු වලට සීමාවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඉටුවිය යුතු සාධාරණය මේ බිමේ සැබෑවක් කිරීම වත්මන් පාලකයන්ට අත්හළ නෙැහැකි වගකීමකි.
Read More
ජනතාවට විශේෂ නිවේදනයක්.!

ජනතාවට විශේෂ නිවේදනයක්.!

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කරයි. ඉදිරි පැය 24 තුළදී මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එවැනි තත්ත්වයක් ඇති වුවහොත් උතුර, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම යන ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවද අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කරයි. ඒ අනුව උතුරු පළාතේ මුලතිව්, යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන ප්‍රදේශවලට මි.මී 75 - 100ත් අතර, වැසි ලැබිය හැකි බව කාලගුණ…
Read More
ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල ගණන්.!

ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල ගණන්.!

ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දීමක් කර ඇත. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694කි.
Read More
සජිත් දිලිසෙමින් පෙනෙන්නට නැත්තේ විපක්ෂයේ භූමිකාව නාමල් ලස්සනට කරන නිසයි.!

සජිත් දිලිසෙමින් පෙනෙන්නට නැත්තේ විපක්ෂයේ භූමිකාව නාමල් ලස්සනට කරන නිසයි.!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිලිසෙමින් ඔබට පෙනෙන්නට නැත්තේ විපක්ෂයේ භූමිකාව නාමල් රාජපක්ෂ ලස්සනට කරන නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කරයි. හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කළේ, "සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාව ඒ තරම් දිලිසෙමින් ඔබට නොපෙනෙන්නේ, නාමල් රාජපක්ෂ තමන්ගේ විපක්ෂ දේශපාලන භූමිකාව හරි ලස්සනට කරන නිසා. ඒක තමයි ඒකට හේතුව. මම කියන්න උත්සාහ කළේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ දේශපාලන කාර්ය භාරය දැඩිව මතුවෙලා, දිලිසිලා පේන්නේ නැති හේතුව තමයි නාමල් රාජපක්ෂ දේශපාලනිකව විපක්ෂ දේශපාලනය ජාතික දේශපාලන කාර්යභාරය ඇතුලේ ඊට වඩා බොහෝ සෙයින් ඉස්සරහින් ඉන්න නිසා." ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න…
Read More
එජාප – සජබ දීගයට යෝජනා 6ක්.. නායකයින් මුහුණට මුහුණ.!

එජාප – සජබ දීගයට යෝජනා 6ක්.. නායකයින් මුහුණට මුහුණ.!

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශපාලනික සාකච්ඡා දෙපාර්ශ්වයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමග සාකච්ඡා කිරීමට තීරණය වී ඇත. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී (07) මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තිබෙන කටයුතු ඉදිරියට ගෙන යාමට එකමුතුව කටයුතු කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එකඟතාවය පල කර ඇත. පළමු පියවර හැටියට එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් අතර ඒකාබද්ධ වැඩපිළිවෙලකට එකඟවීමට තීරණය කර ඇත. අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් සහ සමගි ජන බලවේගයෙන් ප්‍රකාශ වූ කරුණු සැළකිල්ලට ගනිමින් පහත යෝජනා කිහිපය…
Read More
ඉදිරි පැය 12 තුළ වැස්ස වැඩි වෙයි.!

ඉදිරි පැය 12 තුළ වැස්ස වැඩි වෙයි.!

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි බලපෑම හේතුවෙන් අද (08) දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි.
Read More
දෙකයි පනහේ කටුස්සෝ.. ඕනම මැතිවරණයක් අංක එකට දිනනවා.!

දෙකයි පනහේ කටුස්සෝ.. ඕනම මැතිවරණයක් අංක එකට දිනනවා.!

පොදුජන පෙරමුණ ආණ්ඩුවක් ආපු දවසක හරියටම නීතිය ක්‍රියාත්මක කරන බවත් අපේ ආණ්ඩුව තියන කාලයේ හදිසි නීතිය සාධාරණ විදිහට පාවිච්චි කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි. අපි ආණ්ඩුවට අභියෝග කරන බවත් ඕනම මැතිවරණයක් තියන්න ලංකාවේ අංක එකට ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුව බවද හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි. හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කළේ, "අපි ආණ්ඩුවට අභියෝග කරනවා ඕන පනතක් දාලා, කල් ගන්නත් පුළුවන් ආණ්ඩුවට, තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුවට තියනවා. අපි ආණ්ඩුවට අභියෝග කරනවා, ඕනම මැතිවරණයක් තියන්න ආණ්ඩුව පරාදයි. ඕනම මැතිවරණයක් තියන්න ලංකාවේ Number 01, අංක එකට ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුව. දෙකයි පනහේ කටුස්සෝ කියලානේ අපිට කියන්නේ. දැන් ඒ දෙකයි…
Read More
දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක් අරඹයි.!

දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක් අරඹයි.!

මෙරට දරුවන් සඳහා එකම ප්‍රමිතියකින් යුතු මුල් ළමාවිය සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික වැඩසටහන යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 12 ක එකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන වැඩසටහ පිළිබඳ දැනුවත් කිරීම උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (07) පැවති මාධ්‍ය…
Read More
විදෙස් සංචිත ඩොලර් බිලියන 6.82ක් දක්වා ඉහළට.!

විදෙස් සංචිත ඩොලර් බිලියන 6.82ක් දක්වා ඉහළට.!

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි. පසුගිය 2025 නොවැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේදී 13.1%ක ඉහළ යාමක් බවද සඳහන් කරයි.
Read More
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්.!

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්.!

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් Upendra Dwivedi, අද (07) දින කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමු විය. ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ප්‍රමුඛ දූත පිරිසක් මෙරට නිල සංචාරයක් සඳහා ඊයේ දින ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙහිදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිය කාර්යාලය වෙත පැමිණි ජෙනරල් Dwivedi ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව දෙපාර්ශවය අතර සුහද සාකච්ඡා පැවැත්විණි. එහිදී අසල්වැසි රටවල් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික, සංස්කෘතිකමය සහ ශිෂ්ටාචාරමය සබඳතා දෙපාර්ශවය විසින්ම යළිත් තහවුරු කරන ලදි. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලු ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්, මෑතකදී ඇති වූ දිව්වා සුළි කුණාටුව හේතුවෙන්…
Read More