Local news

යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා.!

රුපියල් කෝටි 86ත් 90ත් අතර මුදලක් විදේශ රැකියා ආයතන විසින් වංචා කර ඇති බැවින් නැවත වරක් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. විදේශ රැකියා ආයතන දෙකක් හේතුවෙන් 640කට වැඩි පිරිසක් අගතියට පත් වී ඇති බවත් එම පිරිසට අවශ්‍ය නීති සහාය මුදල් අය කිරීමකින් තොරව ලබාදෙන බවත් ඔවුන් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනෑම අවස්ථාවක තමා පෙනී සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරයි. නුගේගොඩ, ගංගොඩවිල උසාවිය අසලදී අගතියට පත් පාර්ශ්වයන් විසින් පැවැත්වු සාමකාමී විරෝධතාවක් හා…
Read More

මාතලේ හංදියෙන් බෝම්බ 3ක්.!

අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අනුරාධපුර, මාතලේ හංදිය ප්‍රදේශයේදී හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් සිය භාරයට ගෙන තිබේ. එහිදී අදාළ හිටපු කමාන්ඩෝ සෙබළාද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අති බව සඳහන්. එම බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් වෙත භාරදී ඇති බව්ද සඳහන්.
Read More

ඉබ්බාගමුවෙන් කෝටි 28ක් මතුවෙයි.. සැකකරුවෙක් අත්අඩංගුවට.!

රුපියල් කෝටි 28කට අධික මුදලක් හා වාහන දෙකක් සමඟ අවුරුදු 40ක් වන ඉබ්බාගමුව ප්‍රදේශයේ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (19) දින නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර නීති විරෝධි ලෙස උපයාගෙන ඇති බවට සැකකරන රුපියල් විසි අට කෝටි තිස්තුන් ලක්ෂයක (රුපියල් 283,300,000.00) මුදලක් හා වාහන දෙකක් සමඟ සැකකරුවෙකු මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන ඇත. විදෙස්ගතව සැඟව සිටින බවට සැක කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ මෙම සැකකරු දුරකථන මඟින් සම්බන්ධතා පවත්වමින්, එම ජාවාරම්කරුගේ උපදෙස් අනුව මොහු විසින් මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉහත මුදල් එකතු කර ඇති බවට හා අදාල වාහන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිළදී ගෙන…
Read More

මහින්දානන්ද සහ නලින් සිර දඬුවමට එරෙහි වෙයි.. අභියාචනා විභාගයට සූදානම්.!

රජයට රුපියල් මිලියන පනහකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම විය. ඒ අනුව සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස (09) වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කර ඇත. මෙම පෙත්සම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලිගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ අභියාචනා පෙත්සම් විභාගය සඳහා…
Read More

පොලීසියෙන් විශේෂ දුරකථන අංක 47ක්.!

ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරතුරු ලබාදීමට හැකියාව ලැබෙන පරිදි පොලීසිය විසින් දුරකථන අංක හඳුන්වා දී ඇත. ඒ අනුව 2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් මෙම දුරකථන අංක හඳුන්වා දී ඇත.
Read More

රට පුරා වෛරස් රෝග ව්‍යාප්තියක්.. රෝග ලක්ෂණ මෙන්න.!

මේ දිනවල පවතින ශිත, වියළි කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ගම්පහ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ සඳහන් කරයි. උණ, කැස්ස, සෙම්පතිශ්‍යාව, උගුරේ වේදනාව, අධික හිසරදය, මාංශපේශීවල ඇතිවන වේදනාවත්, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණත් මෙහිදී ඇති වෙන්න පුළුවන් බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ සඳහන් කළේ, "මේ දවස්වල පවතින ශීත වියළි කාලගුණයත් සමඟ වෛරස් රෝග කිහිපයක පැතිරීම වැඩි වෙන්න පුළුවන්. අපේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසට අදාළව තමයි මේ වෛයිරස් බොහෝ දුරට බලපෑමක් ඇති කරන්නේ. සාමාන්‍යයෙන් මේ වෛරස් රෝග පෙර පාසල් වයසේ පසුවන කුඩා දරුවන් අතර…
Read More

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන මෝදිට ලියුමක් යවයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් ඒ සඳහා මැදිහත් වන්නැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව, එම රාජ්‍ය නායකයන් දෙදෙනාට පෞද්ගලිකවම ලිපි යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත. තවද ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට  සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරයි.
Read More

රටේ ආර්ථික අපරාධවල ශාපයට රටටම මුහුණ දෙන්න වෙලා.!

හොරකම් කරලා, නාස්ති කරලා රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටටම මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි. එම අභියෝග මැඩගෙන හොරකමින්, දූෂණයෙන් තොරව රටෙහි සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යාම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි. අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ, "හොරකම් කරලා, නාස්ති කරලා රට විනාශ කරපු නිසා, රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටටම මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. අපි ඒ අභියෝග මැඩගෙන, හොරකමින්, දූෂණයෙන් තොරව සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා. කොළඹ නගරයේ ඉතාමත්ම කාර්ය බහුල ව්‍යාපාරික ස්ථාන, ජනාධිපති ලේකම් කාර්යාලය, හෝටල් විශාල සංඛ්‍යාවක්…
Read More

චන්ඩි මර්වින්ගේ නඩුවට දින නියම වෙයි.!

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව නඩුව ගොනු කර ඇත. ඒ අනුව සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (19) දින කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.  කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන ඇත. අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කර…
Read More

අසල්වැසි ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්.!

ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් ප්‍රදේශයේ රික්ටර් මාපක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව ඇත. කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් මෙම භූකම්පනය හටගෙන ඇති අතර එය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. එරට වේලාවෙන් අද (19) පෙරවරු 11.51ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More