Local news

උඩුදුම්බර සුළු භූකම්පනයක්.!

උඩුදුම්බර සුළු භූකම්පනයක්.!

අද (08) පස්වරුවේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට භූ චලනයක් සිදුව ඇත. මෙම සුළු භූ චලනය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ.  අද සවස 05.05ට පමණ මෙම භූ චලනය සිදුව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙය සුළු කම්පනයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
Read More
හානියට පත් නිවාස වෙනුවෙන් ලක්ෂ 50ක් ලබාදීම ජනපති ප්‍රධානත්වයෙන්.!

හානියට පත් නිවාස වෙනුවෙන් ලක්ෂ 50ක් ලබාදීම ජනපති ප්‍රධානත්වයෙන්.!

'Rebuilding Sri Lanka' වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාසයක් වෙනුවෙන් නව නිවසක් ඉදි කරගැනීමට රජය විසින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (09) අනුරාධපුරයේදී පැවැත්වේ. ඊට අදාළ චක්‍ර ලේඛය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.
Read More
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි.!

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි.!

දස වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් (07) පස්වරුවේ රැස් විය. මින් පෙර පැවති සාකච්ඡාවල ප්‍රගතිය විමසීම මෙහිදි සිදු කෙරුණු අතර, උතුරේ ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් යොමු කරන ලද බොහෝ ගැටලුවලට සාධනීය විසදුම් ලබා දීමට පියවර ගෙන තිබෙන බව එහිදී සඳහන් කෙරිණි. එමෙන්ම මෙම කටයුතු සිදුකරගෙන යාමේදි තවදුරටත් පවතින බාධා සහ ගත යුතු පියවර පිළිබඳව ද එහිදී සාකච්ඡා විය. ත්‍රිකුණාමලය, මනෛයාවෙලි ප්‍රදේශයේ පවතින ‘සැන්ඩි බේ’ වෙරළ තීරය මහජනතාවට බාධාවකින් තොරව භාවිත කිරීමට අවස්ථාව ලබා දීම සහ ධීවර ගැටලුවලට විසඳුම් ලබා…
Read More
අද සිට මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන රියදුරන්ට වැඩ වරදී.!

අද සිට මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන රියදුරන්ට වැඩ වරදී.!

සියලුම මාර්ගවල මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි. මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන භාවිතා කරන රියදුරන්ට එරෙහිව අද (08) දිනයේ සිට නීතිය ක්‍රියාමක කරන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි. රසායනාගාරයේ සිදුකෙරෙන පරීක්ෂණයකින් විනාඩි තුනකින් මත්ද්‍රව්‍ය 12ක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතින බවත් අදාළ ප්‍රතිඵලය රියදුරුවරයාට මුද්‍රණය කර ලබාදිය හැකි බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි. අමාත්‍ය බිමල් රත්නායක අද (08) දින පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරයි.
Read More
ජනතාව වෙනුවෙන් පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමිගෙන් ඉඩම් පරිත්‍යාගයක්.!

ජනතාව වෙනුවෙන් පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමිගෙන් ඉඩම් පරිත්‍යාගයක්.!

දිට්වා සුළි කුණාටුවෙන් දේපළ හානි වූ ජනතාව නඟාසිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව සියඹලාපිටිය, යට්ටෝගොඩ, යටහලෙන රජමහා විහාරාධිපති, සාම විනිසුරු, ජාතික මානව හිමිකම් අධ්‍යක්ෂක, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විශාරද පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමිපාණන් වහන්සේ විසින් ඉඩම් පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය. මේ අනුව උන්වහන්සේට අයත් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියඹලාපිටිය ප්‍රදේශයේ පිහිටි අක්කර දහයක පෞද්ගලික ඉඩම් කොටසක් මෙලෙස පරිත්‍යාග කළ අතර, අදාළ ලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත (07) පස්වරුවේ භාර දෙනු ලැබීය. දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබෙන බවත්, ඒ අනුව ඉඩම් පරිත්‍යාග කිරීමට කැමති…
Read More
පවතින තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කරයි.!

පවතින තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කරයි.!

පවතින තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි සංවිධානය සඳහන් කරයි. පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගෙන මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ⁣ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කරයි. අදියර දෙක යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දෙකැටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය, නුවරඑලිය දිස්ත්‍රික්කයේ මතුරට සහ හගුරන්කෙත ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වෙත අවධානයෙන් සිටින ලෙස නිවේදන නිකුත් කර ඇති බවද ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කරයි.
Read More
අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්.. ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න.!

අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්.. ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත. මෙම පද්ධතිය නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළුවීමට බොහෝදුරට හැකියාව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිකුත් කර ඇති රතු නිවේදනය අනුව, නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි මෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය. මුලතිව්,…
Read More
අලුත්ම වෙනසකින් එළියට එන මෝටර් රථ රක්ෂණ කාඩ්පත.!

අලුත්ම වෙනසකින් එළියට එන මෝටර් රථ රක්ෂණ කාඩ්පත.!

මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය නවීකරණය කිරීම හා ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පතක් හදුන්වාදීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන ඇත. මෙතෙක් භාවිතා වූ රක්ෂණ කාඩ්පත් වෙනුවට, දුරකථන අංකය හරහා ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ ආරක්ෂිත ලෙස රක්ෂණ තොරතුරු වෙත ප‍්‍රවේශ වීමට රක්ෂණ ඔප්පු හිමියන්ට හැකියාව පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හා රක්ෂණ සමාගම් විසින් එම ක‍්‍රමය නිරීක්ෂණය සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ් යන්ත්‍ර 500ක් ප්‍රධානය කර ඇත.
Read More
උසස් පෙළ ඉතිරි විෂයන් පැවැත්වෙන්නේ මෙහෙමයි.!

උසස් පෙළ ඉතිරි විෂයන් පැවැත්වෙන්නේ මෙහෙමයි.!

කල්දැමුණු 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභා⁣ගයේ ඉතිරි විෂයන් ගැන විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ දැනුම්දීමක් කර ඇත. ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභා⁣ගයේ ඉතිරි විෂයන් එළැඹෙන (12) වනදා සිට යළි ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය. උසස් පෙළ විභාගය එළැඹෙන (12) වනදා සිට ජනවාරි (20) වන දින දක්වා පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය. ඒ අනුව මධ්‍යස්ථාන 2,086කදී විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මක වේ.
Read More
ගැඹුරු පීඩන අවපාතය හෙට දිවයිනට ඇතුළු වෙයි.!

ගැඹුරු පීඩන අවපාතය හෙට දිවයිනට ඇතුළු වෙයි.!

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පීඩන අවපාතය හෙට (09) පස්වරුවේදී හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුල් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක සඳහන් කරයි. එම පීඩන අවපාතය මේ වනවිට දිවයිනේ නැගෙනහිර වෙරළේ පොතුවිල් ප්‍රදේශයට ගිනිකොණ දිශාවෙන් කිලෝ මීටර 350ක් පමණ ඇතින් ස්ථානගත වී ඇති බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක සඳහන් කරයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මේ බව සඳහන් කරයි.
Read More