Local news

ලක්ෂ්මන් යාපාට වැඩ වරදී.. දින නියම කරයි.!

ලක්ෂ්මන් යාපාට වැඩ වරදී.. දින නියම කරයි.!

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහි නඩුව එළඹෙන පෙබරවාරි මස (10) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරයි. අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබුවෙිය.
Read More
ගිනි අවියක් සහ අත් බෝම්බයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට.!

ගිනි අවියක් සහ අත් බෝම්බයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට.!

ගිනි අවියක්, පතුරම් හා අත් බෝම්බයක් සමග සැකකරුවෙකු මාළඹේ, තලාහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කළ වැටලීමකදී T56 ගිනි අවියක්, එම පතරොම් ගැබක්, එම ජීව පතරොම් 10ක් හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය වසරේ නොවැම්බර් (14) වැනිදා බොරැල්ලේදී කාන්තාවකට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකරු බවද පොලීසිය සඳහන් කරයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 27 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය සඳහන් කරයි.
Read More
දිවයිනෙන් පිටත්ව යන අමෙරිකා තානාපතිනිය ජනපති හමුවෙයි.!

දිවයිනෙන් පිටත්ව යන අමෙරිකා තානාපතිනිය ජනපති හමුවෙයි.!

මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි (16) වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග්, ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූවාය. ජූලි චන්ග් සිය ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය. එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ඇය ඉටු කළ කාර්යභාරය වෙනුවෙන්ද මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත් වූ සාකච්ඡාවලදී ඇය ලබා දුන් සුවිශේෂී සහාය ඇගයීමට ලක් කළාය.…
Read More
Apple පසුකරමින් Google සමාගම තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමට.!

Apple පසුකරමින් Google සමාගම තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමට.!

Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට (12) දින ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම මෙලෙස ඉහළ මට්ටමකට ළඟා වූයේ මේ වසරේ මේ දක්වා සිය කොටසක වටිනාකම 6% කින් ඉහළ යාම හේතුවෙනි. Nvidia, Microsoft සහ Apple සමාගම් වලට පසුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගිය ලෝකයේ සිව්වන සමාගම බවට Alphabet සමාගම පත්ව ඇත. පසුගියදා Alphabet සමාගම 2019 වසරෙන් පසු පළමු වරට Apple සමාගම පසු කරමින් වෙළෙඳපොළ වටිනාකම අනුව ලෝකයේ දෙවන වටිනාකම වැඩිම සමාගම බවට පත්ව ඇත. කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ Alphabet සමාගමේ දැඩි හා පැහැදිලි…
Read More
කථානායකවරයා ගැන අසත්‍ය පුවතක්.!

කථානායකවරයා ගැන අසත්‍ය පුවතක්.!

රටේ ඇතැම් මාධ්‍යවල පළවන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත. “පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සිගරට් පාවිච්චි කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත” යන මැයෙන් පළවන පුවත අසත්‍ය පුවතක් බව පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය සඳහන් කරයි. අදාළ අසත්‍ය පුවත කිසිදු පදනමකින් තොරව පලකර ඇති බවට කථානායකවරයා දැනුම් දී ඇති බවද පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය අවධාරණය කරයි. කථානායකවරයා කිසිදු අවස්ථාවක එවැනි සේවක පිරිස් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ට උපදෙසක් ලබාදී නොමැති බවද පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය අවධාරණය කරයි. මෙවැනි තත්ත්වයන් වර්ධනය වීමට ඉඩදීම සම්බන්ධව කථානායකවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දෝෂාරෝපණය කර…
Read More
කෙහෙළිය ඇතුළු දරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය.!

කෙහෙළිය ඇතුළු දරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය.!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබීය. අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි පෙබරවාරි මස (13) වනදා කැඳවන ලෙස⁣ට නියෝග කර ඇත. අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප හා දීමනා තමන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු…
Read More
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට අතර පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 12 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස්කරගැනීමට සමත් විය. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 12 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 146ක් පමණයි.
Read More
මනුෂ්‍ය ඝාතනයක් වළක්වාගනිමින් ගිනිඅවියක් සමග සැකකරුවන් 2ක් අත්අඩංගුවට.!

මනුෂ්‍ය ඝාතනයක් වළක්වාගනිමින් ගිනිඅවියක් සමග සැකකරුවන් 2ක් අත්අඩංගුවට.!

අනාවරණය කරගත් තොරතුරක් අනුව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්, එම ජීව පතරොම් 06ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36ක් හා යතුරුපැදියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මට්ටක්කුලිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා මොවුන් සූදානම්ව සිට ඇති බවට වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත. 2026.01.09 වන දින රාත්‍රියේ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 800 ක් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සැකපිට ත්‍රීරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී අනාවරණය වූ තොරතුරු මත ඉහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු අනාවරණය ඇත. මට්ටක්කුලිය,…
Read More
ඉලක්කය ඉක්මවා කප් ගැසූ තැපෑල.!

ඉලක්කය ඉක්මවා කප් ගැසූ තැපෑල.!

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත 2025 වර්ෂයට අදාලව ලබාදුන් ආදායම් ඉලක්කය ඉක්මවා ආදායම් ඉපයීමට සමත් වූ බව තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි. මහා භාණ්ඩාගාරය විසින් 2025 වර්ෂයට ලබාදුන් ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ඇති බවද තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි. පසුගිය වර්ෂයේදී තැපැල් දෙපාර්තුමේන්තුවට එම සේවාවට අදාලව විවිධ වෘත්තීන් සදහා නව බදවා ගැනීම්, ස්ථීර කිරීම් රාශියක් සිදුකළ බවද තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි. ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378ක් සදහා ස්ථීර පත්වීම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බවද තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි.
Read More
⁣ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් ගත් තීරණය.!

⁣ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් ගත් තීරණය.!

සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ඩ්‍රෝන යානා නියාමනයක් සිදුකරන බවත් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කරයි. වාණිජමය වටිනාකමක් සහිත සියලු ඩ්‍රෝන යානා ලියාපදිංචි කළ යුතු බවත් පුද්ගලයින් ගෙනයන ඩ්‍රෝන යානා සහ පුද්ගලයින් රහිත ඩ්‍රෝන යනා විදිමත්ව ගුවන් ගත කිරීම සඳහා රෙගුලාසි හඳුවා දීලා තියෙන බවද එහි අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කරයි. අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ, "සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ ඩ්‍රෝන යානා නියාමනයක් සිදුකරනවා. ඇත්තටම ගත්තොත් මෙහි කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයින් ගෙනයන ඩ්‍රෝන යානා සහ පුද්ගලයින් රහිත ඩ්‍රෝන යනා. මේවා සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය…
Read More