Local news

අද දිස්ත්‍රික්ක කිහිපයකට වැසි.!

අද (23) දින සවස් කාලයේදී සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More

ICC – බංග්ලාදේශ අර්බුදය දුරදිග යයි.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යෑම පිළිබඳ අවසන් තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) දැනුම් දී ඇත. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා නොකරන බවට පෙර සිටි දැඩි තීරණයේ එලෙසින්ම සිටින බවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතය විසින් ICCයට දැනුම්දී ඇත. බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය, බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ රජයේ ක්‍රීඩා උපදේශකවරයා අතර ඩකා නුවරදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ICCය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් සඳහන් කර ඇත.
Read More

පස් කන්දක් කඩා වැටී පුද්ගලයින් 3ක් මරුට.!

අහංගම, පැලැස්ස ප්‍රදේශයේ ඉදිකිරිම් වැඩ බිමක සේවය කරමින් සිටි තිදෙනෙකු එම ස්ථානයේ තිබු පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යටවී මියගොස් ඇති බව අහංගම පොලීසිය සඳහන් කරයි. මෙම ස්ථානයේ විදේශිකයෙකු විසින් සංචාරක නිකේතනයක් ඉදිකරණු ලබන අතර මෙම සේවකයින් එහි කම්කරුවන් ලෙස සේවය කර ඇත. එම ස්ථානයේ වැඩ කරමින් සිටියදී ඒ අසල ඉහලින් තිබූ පස් කන්දක් කඩා වැටිමෙන් මෙම තිදෙනා පස් කන්දට යටවි ඇති බව පොලීසිය සඳහන් කරයි.
Read More

චීනයෙන් නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් ලංකාවට.!

විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් ලංකාවට කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් සඳහන් කරයි. මෙලෙස ලබාදීමට සැලැසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවද චීන තානාපති චී වොන් හොංග් සඳහන් කරයි. ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම තීරණය ගත් බව චීන තානාපති චී වොන් හොංග් සඳහන් කරයි. අද (22) මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී චීන තානාපතිවරයා මේ බව සඳහන් කරයි.
Read More

හෙට සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්.!

හෙට (23) දින උදෑසන 8.00 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව එම සංගමය සඳහන් කරයි. කෙසේ වෙතත් මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය සඳහන් කරයි.
Read More

රනිල් ළගට ගිය රමේෂ් නැවතත් පොහොට්ටුවට.!

පසුගිය ජනාධිපතිවරයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වු හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත් කර ඇත. ඊට අදාළ පත්වීමේ ලිපිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අතින් පක්ෂ කාර්යාලයේදී අද (22) ලබාගෙන ඇත.  තවද රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෞඛ්‍ය වෘත්තියකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසද පත්වීම් ලැබීය. 
Read More

Rebuilding Sri Lanka අරමුදලට මිලියන 25ක්.!

‘Rebuilding Sri Lanka’ අරමුදලට COLOMBO STOCK EXCHANGE (GL 12) වෙතින් රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ඊට අදාළ චෙක්පත COLOMBO STOCK EXCHANGE (GL 12) හි සභාපති දිමුතු අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක සහ ජ්‍යෙෂඨ උප සභාපති කුසල් නිශ්ශංක විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙනු ලැබීය.
Read More

මහනුවර මැණිකෙට වටිනාකමක් නොමැති බව තහවුරු වෙයි.!

මීට දින දෙකකට පෙර, මහනුවර ගලහා දෙල්තොටවත්ත කල්ලන්තැන ශ්‍රී මුතුමාරි අම්මන් දේවාලයේ අසල සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය දැනුම් දී තිබේ. කළුගලක නිල් පැහැති මැණික් ගලක් සේ දිස්වෙන පාෂණයක් එහිදී ප්‍රදේශවාසීන් හඳුනාගෙන තිබූ අතර පසුව එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය විසින් සිදුකරන ලදී. කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසා ඇත්තේ, පර්වතයේ ධාරක පර්වතයක් තුළ  "Labradorite" ලැබ්‍රඩෝරයිට් නම් ඛනිජය කුඩා ප්‍රමාණයක් තැන්පත් වී ඇති බවය. ලැබ්‍රඩෝරයිට් ඛනිජය අර්ධ වශයෙන් වටිනාකමක් උසුලන මැණික් පාෂාණයක් ලෙස වර්ගීකරණය කර ඇති බව එහි සඳහන් වේ. නමුත් එම පාෂාණය සඳහා ඉහළ වාණිජ…
Read More

මෑත කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය නුවරඑළියෙන්.!

අද (22) දිනයේ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථාන වලින් වාර්තා වූ උෂ්ණත්ව අගයන් අනුව මෙය වාර්තා කර ඇත. මෑත කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය මෙය වන අතර බණ්ඩාරවෙල උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක් ලෙසත්, බදුල්ලේ 15.1ක් ලෙසත්, කටුගස්තොට 15.9ක් ලෙසත් උෂ්ණත්වය සටහන්ව ඇත.
Read More

නීතිය ක්‍රියාත්මකයි.. අහඹු පරීක්ෂණයෙන් 10ක් මාට්ටු.!

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනයේ යෙදෙන රියදුරන්, රිය සහයකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් සේවයේ යෙදවීම ඊයේ (21) දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම්පළේදී ආරම්භ කළේය. රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් පරීක්ෂණය සඳහා යොමුකළ දුරගමන් හා කෙටිදුර බස් රථ රියදුරන් 59 දෙනෙකු අතරින් 10 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් ලෙස හඳුනාගැනීමට හැකි වු බව පොලීසිය සඳහන් කරයි. එම වාර්ථා අනුව ඉන් 08 දෙනෙකු භාවිතා කර ඇත්තේ ගංජා වන අතර දෙදෙනෙක් හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට අනාවරණය වු බවද පොලීසිය සඳහන් කරයි.
Read More