Local news

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට මොකද වෙන්නේ.? රජයෙන් තීරණයක්.!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට මොකද වෙන්නේ.? රජයෙන් තීරණයක්.!

ආණ්ඩුව රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්කගතව තිබූ බැවින් රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. එවැනි සමාජීය පරිවර්තන සිදුකිරීමේදී සුළුතර පිරිසකගේ ප්‍රතිවිරෝධතා මතුවිය හැකි බවත්, කෙසේ වුවද ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තාවකාලිකව අත්හිටුවීමෙන් අසාධාරණයට ලක්වූ සිසුන් හට ඉක්මනින්ම සාධාරණයක් ඉටුකිරීමට කටයුතු කරන බවත් වෙනසක් කරා අධ්‍යාපනය රැගෙන යන මෙම ගමනේදී ඒ සඳහා ජනතාවගේ පිළිගැනීම අතිශය වැදගත් බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරි…
Read More
සංවිධානාත්මක අපරාධකරු ‘ගම්පහ බබාට’ දුන් නියෝගය.!

සංවිධානාත්මක අපරාධකරු ‘ගම්පහ බබාට’ දුන් නියෝගය.!

කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය, සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර හෙවත් ගම්පහ බබා අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර හෙවත් ගම්පහ බබා ලබන (28) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත. ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන, ඉෂාරා සෙව්වන්දි සමග සිටියදී නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග මත පෑලියගොඩ පොලීසිය භාරයේ රඳවා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇත.
Read More
අමානුෂික ලෙස වද දුන්න පොලිස් පරීක්ෂක වසර 7ක් සිරගෙට.!

අමානුෂික ලෙස වද දුන්න පොලිස් පරීක්ෂක වසර 7ක් සිරගෙට.!

2020 වර්ෂයේ හම්බේගමුව පොලිස් ස්ථානයේදී පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීම හා කෲර ලෙස වද හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 7ක සිර දඬුවමක් නියම කර ඇත. මොනරාගල මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර විසින් මෙම නියෝගය ලබාදී ඇත. මෙම පුද්ගලයාට වසර 7ක සිර දඬුවමට අමතරව රු. 10,000/- ක දඩයක් නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් මාස 06ක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් ද නියම කර ඇත. මෙලෙස සිර දඬුවම් නියම වූයේ මේ වන විට සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් පරීක්ෂකවරයෙකුට වේ.
Read More
ජින්තුපිටියේ වෙඩි තැබීමක්.!

ජින්තුපිටියේ වෙඩි තැබීමක්.!

අද (16) රාත්‍රියේ වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය විථිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති අතර එහිදී එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර එම වෙඩි තැබීමේ සිද්ධියේදී කුඩා පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකු සුළු තුවාල ලබා ඇත.
Read More
ජනපති අනුර නාගදීපයට.!

ජනපති අනුර නාගදීපයට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (16) නාගදීප රජමහා විහාරය වෙත ගොස් එහි විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. අද උතුරේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගීවන අතරතුර ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර විහාරාධිපති හිමියන් මෙහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ. ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී විහාරස්ථානයට පැමිණ සිටි ජනතාව සමඟද සුහද කතා බහක නිරත විය.
Read More
සැගවී සිටින පාතාල කෙරුමෝ 95කට රතු නිවේදන.!

සැගවී සිටින පාතාල කෙරුමෝ 95කට රතු නිවේදන.!

මේ වනවිට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 කට එරෙහිව මේ වනවිට රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි. අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, "2024 වසරේදී අපිට පුළුවන් වුණා රතු නිවේදන හරහා සැකකරුවන් 10 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න. ඒ වගේම 2025 වසරේදී අපිට හැකියාව ලැබුණා සැකකරුවන් 11 දෙනෙකු ගෙන්වා ගන්න. ඒ වගේම 2024-2025 වසරේ අපිට උදර්පන නීතිය හරහා සැකකරුවන් 21 දෙනෙක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා.  ඒ වගේම මේ වන විටත් රටෙන් බැහැරව සිටින, සැඟව සිටින සහ විදේශගතව සිට ජාලගත අපරාධ මෙහෙයවන අපරාධකරුවන් රාශියක් අපි හඳුනාගෙන…
Read More
ආරක්ෂාවට දෙකයි.. ජනපති තල් අරන මැදින් දුවයි.!

ආරක්ෂාවට දෙකයි.. ජනපති තල් අරන මැදින් දුවයි.!

යාපනය පලාලි ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටිනා ජනපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ පමණක් ආරක්ෂාව යටතේ එම ප්‍රදේශයේ මහා මාර්ගයක ඇවිද යමින් ව්‍යායාමය නිරත වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි අවධානයට ලක්ව තිබේ. ජනාධිපතිවරයා සැහැල්ලු ඇඳුමකින් සැරසී මහා මාර්ගය ඔස්සේ ඇවිද යන ආකාරයත් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් එක් පුද්ගලයෙක් පමණක් ජනපතිවරයා සමග ගමන් ගන්නා ආකාරයත් එම වීඩියෝවේ දැක්වෙයි. ඒ අතරින් ගිනි අවියක් අතැතිව පවතින්නේ එක් හමුදා නිලධාරියෙක් අත පමණි. එහිදී මාර්ගය අසල සිටි පුද්ගලයෙකු ජනාධිපතිවරයාට "Good Morning" සර් යනුවෙන් පවසමින් සුබ පතා ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා දෙමළ භාෂාවෙන් "නාන් පෝයිට්ටු වාරේන්" යනුවෙන්…
Read More
අද සිට සියලුම ගොවීන් Online.!

අද සිට සියලුම ගොවීන් Online.!

මෙරට සියලුම ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිලිවෙලක් අද (16) දින ආරම්භ වන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කරයි. ඒ අනුව WWW.FAMERNET.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි වීම සිදු කළ හැකි බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය සහය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හා කෘෂිකර්ම නිෂ්පාදන හා පර්යේෂණ සහයක නිලධාරීන් මාර්ගයෙන් ලබාගත හැකි බවද කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කරයි.
Read More
ඩුබායි හැංගිලා හිටපු පාතාල අපරාධකරුවන් ලංකාවට කුදලාගෙන එයි.!

ඩුබායි හැංගිලා හිටපු පාතාල අපරාධකරුවන් ලංකාවට කුදලාගෙන එයි.!

ඩුබායි හි සැගවී සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව සිටි කාන්තාවක් විශේෂ පොලිස් නිලධාරීවරුන් විසින් අද (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය. දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද (16) අලුයම 05.20ට පමණ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය. 52 හැවිරිදි රවීන් චමින්ද වීරසිංහ නොහොත් පුංචා නැමති ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී නැමැත්තා කඳාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වන්නෙකි. අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සදහා…
Read More
කිරි තේ මිල අඩු කරයි.!

කිරි තේ මිල අඩු කරයි.!

කිරිපිටි මිල අද (16) දිනයේ සිට අඩු කිරීමට ගෙන ඇති තීරණය අනුව කිරී තේ කෝප්පයක මිල අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි ඒ අනුව අද (16) දිනයේ සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් දහයකින් අඩු කීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read More