26
Jan
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව මාර්තු (23) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) දින නියෝග කළේය. මෙම නඩුව මීට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අතර මෙම නඩුව විභාගයට ගන්නා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර නොතිබීම හේතුවෙන් මාර්තු (23) වනදා යළි කැඳවන බව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා නිවේදනය කළේය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන විත්තියේ සාක්ෂි කැඳවීමකින්…
