20
Jan
මේ දිනවල පවතින ශිත, වියළි කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ගම්පහ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ සඳහන් කරයි. උණ, කැස්ස, සෙම්පතිශ්‍යාව, උගුරේ වේදනාව, අධික හිසරදය, මාංශපේශීවල ඇතිවන වේදනාවත්, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණත් මෙහිදී ඇති වෙන්න පුළුවන් බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ සඳහන් කළේ, "මේ දවස්වල පවතින ශීත වියළි කාලගුණයත් සමඟ වෛරස් රෝග කිහිපයක පැතිරීම වැඩි වෙන්න පුළුවන්. අපේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසට අදාළව තමයි මේ වෛයිරස් බොහෝ දුරට බලපෑමක් ඇති කරන්නේ. සාමාන්‍යයෙන් මේ වෛරස් රෝග පෙර පාසල් වයසේ පසුවන කුඩා දරුවන් අතර…
