Local news

නව චක්‍රලේඛයක් නිකුත් කරයි.!

හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන සැලසීම අරමුණින් ආපදාවෙන් බලපෑමට ලක්වූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සවිබල ගැන්වීමට අදාළ නව චක්‍රලේඛයක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථාවත් කිරීමට නිකුත් කරන ලද පසුගිය වසරේ අගෝස්තු මාසයේ නිකුත් කළ වක්‍රලේඛයට සමගාමීව මෙය නිකුත් කර ඇත. ඒ අනුව කර්මාන්ත අමාත්‍යාශයේ හා ව්‍යාපාරයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රුපියල් ලක්ෂ 2ක්, ලියාපදිංචි නොවූ ගෘහස්ථව ස්ථිර ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන වෙළඳ ව්‍යාපාරයකට රු. 50,000/- ක්, ලියාපදිංචි…
Read More

මීළග ජනාධිපති නාමල් නෙමෙයි.. අද්දැකීම් තියෙන සජිත්.!

මීළග ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂට අවස්තාවක් නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සඳහන් කරයි. දැනට පේන තෙක්මානයේ ඉන්නේ සජිත් ප්‍රේමදාස බවත් ඔහුට අද්දැකීම් ගොඩක් තියෙන බවද මන්ත්‍රී ජගත් විතාන සඳහන් කරයි. මන්ත්‍රී ජගත් විතාන සඳහන් කළේ, "නාමල් රාජපක්ෂ ඉතින් ජනතා විමුක්ති පෙරමුණ වගේ තව ගොඩක් කල් යනවා. සියයට 3 නේ ඉන්නේ දැන්. 3 නේ හිටපු කට්ටියට අවුරුදු 30ක් විතර ගියානේ බලයට එන්න. දැනට පේන තෙක්මානයේ ඉන්නේ, පොදු විපක්ෂයත් පිළිගන්නවා. UNP එකත් පිළිගන්නවා සජිත් තමයි ඉන්නේ. ඉතිං එයාට අද්දැකීම් ගොඩක් තියනවා." කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මේ බව සඳහන් කරයි.
Read More

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු තැනටම.!

සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 5 දෙනාට එරෙහිව පවතින නඩුව අද (30) කැඳවිය. ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 5 දෙනා එළැඹෙන (13) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර, අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත සැකකරුවන් මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළේය.
Read More

රජයට කෝටි ගණනක පාඩුවක් කළ රාජිතට එරෙහි පැමිණිල්ලට දුන් නියෝගය.!

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අද (30) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ජූලි (10) නැවත කැඳවීමට දින නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් නියෝග ක‍ළේය.
Read More

ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට.!

41වන ලෝක විවාහක රූ රැජින තරගය අද (30) දින පෙරවරුවේ අවසන් වු අතර අවසන් තරගයේ කිරුළ හිමිකර ගැනීමට තායිලන්ත තරගකාරිය සමත්විය. අමෙරිකාවේ පැවති ලෝක විවාහක රූ රැජින තරගයේ අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්විය. ඒ අනුව අමෙරිකාවේ තරගකාරියට මෙහි දෙවන ස්ථානය හිමිවු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ්ට එහි තෙවන ස්ථානය හිමිවිය. මෙම ලෝක විවාහක රූ රැජින තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියහ.
Read More

පොලීසියෙන් විශේෂ නිවේදනයක්.!

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පෙබරවාරි (04) වනදා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
Read More

එකම පවුලේ සාමාජිකයින් 11කට මරණ දඬුවම.!

එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිරිස විසින් කැසිනෝ, ගණිකා මඩම්, පුද්ගල පැහැර ගැනීම්, මුල්‍ය වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි දූෂිත ක්‍රියා රැසක් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිං පවුල ලෙස කුප්‍රකට මෙම චීන ජාතිකයින් විසින් මියන්මාරයේ ලාක්කායිං නගරයේ දූෂිත ක්‍රියාකාරම් සහිත කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 2023 වසරේදී මියන්මාර බලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන චීනයට භාරදී ඇත.
Read More

ගුවන් යානයක් කඩා වැටී සියලුම දෙනා මරුට.!

කොලොම්බියාවේ ගුවන් යානයක් කඩා වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සැටෙනා ගුවන් සේවයට අයත් කුඩා මගී ගුවන් යානයක් ඊසානදිග කොලොම්බියාවේ නොර්ටේ ඩි සැන්ටැන්ඩර් පළාතේ දුරස්ථ ප්‍රදේශයකදී අනතුරට ලක්වී ඇත. බීච්ක්‍රාෆ්ට් 1900 ටර්බෝප්‍රොප් යානය කුකුටා සිට ඔකානා දෙසට පියාසර කරමින් සිටියදී ගුවන්ගත වී ටික වේලාවකට පසුව ගුවන් ගමනාගමන පාලනය සමඟ සම්බන්ධතාව විසන්ධි වී ඇත. කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ මගීන් 13 දෙනෙකු මියගොස් ඇති අතර එම අනතුරින් කිසිවෙකු දිවි ගලවා නොගත් බව එරට ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More

දරුවන්ට සහය වෙන්න ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්.!

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතින්, හදිසි ආපදා තත්ත්වයකදී ළමුන්ට සහය වීම සඳහා ගුරුවරුන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන ඇත. ගුරුවරුන් විසින් ළමයින් වෙත කළ යුතු සහ නොකළ යුතු දෑ යන කාණ්ඩ දෙකක් ඔස්සේ එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. පාසල් ළමුන් නිල ඇඳුම් සපත්තු සහ වෙනත් පාසල් උපකරණ නොමැතිව පැමිණිය ද ළමුන් වෙනස් කොට නොසැලකීම, ළමුන් සඳහා සවන් දීම, පාසල තුළ ආරක්ෂාව හා රැකවරණය ලැබිය හැකි ස්ථානයක් බවට පත් කිරීම, ළමුන්ට අනාගතය පිළිබඳ සුභවාදී බලාපොරොත්තු ලබා දීම, ළමුන් සඳහා සහකම්පනයෙන් යුතුව ක්‍රියා කිරීම…
Read More

රොහාන් ඕලුගලට අධ්‍යක්ෂ තනතුරක්.!

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත. කෙහෙල් බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, ඉෂාරා සෙව්වන්දි ඇතුළු විදෙස් ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිසක් පසුගිය කාලසීමාව තුළ මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම්වලට සෘජුව දායකත්වය ලබා දුන්නේ, රොහාන් ඕලුගලයි. රොහාන් ඕලුගල මේවන විට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටී.
Read More