Local news

පළමු ජය වාර්තා කළ සිංහ පෝතකයින්.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවති පළමු තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කරගැනීමට සමත් විය.අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 143ක් පමණි.
Read More

ලි⁣ට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්.!

ලිට්‍රෝ ගෑස් සමාගම පෙබරවාරි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව පෙබරවාරි මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.පෙබරවාරි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත පරිදි..ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 (ගෘහස්ථ) ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690කි.ලිට්‍රෝ කිලෝග්‍රෑම් 5 (ගෘහස්ථ) ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482කි.ලිට්‍රෝ කිලෝග්‍රෑම් 2.3 (ගෘහස්ථ) ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694කි.
Read More

අද සිට විශේෂ ප්‍රවාහන සේවා.!

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ අතර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. මෙහිදී මහජනතාවට ගංගාරාම විහාරස්ථානයට පැමිණීම සඳහා පහත ස්ථානවල සිට විශේෂ බස් රථ සේවාවක් සපයා ඇත. *පැරණි එම්.ඕ.ඩී. භූමියේ රථගාල (M.O.D. PARK) *ලේක් හවුස් වටරවුම අසල රථගාල *කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැක. *කොටුව දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පිටකොටුවට…
Read More

ජනපති අනුරගේ නිදහස් දින පණිවිඩය.!

78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතකය. ලාංකිකයන් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වීමු. අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට සන්නාමගත කිරීමට අපි සමත් වීමු. අප ලද සාර්ව ආර්ථික ප්‍රතිලාභ ලංකාවේ සියලු පළාත්වල සියලු ජාතීන්ට අයත් ප්‍රජාව වෙත ගලා යාමට සැලැස්වීම අපගේ ඊළඟ ප්‍රධාන අරමුණ වේ. එය සිදු නොකර, අලුතින් ගොඩනැඟෙන සංවර්ධන ක්‍රියාදාමයේ සැබෑ රිද්මය සාක්ෂාත්…
Read More

78 වන නිදහස් දිනය අදයි.!

78 වන අභිමානවත් නිදහස් දිනය අද (04) දිනට යෙදී ඇත. “ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ පැවැත්වෙන 78 වන නිදහස් දින සැමරුම අද (04) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රදානත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන අතර දේශපාලන නියෝජිතයින්, ආරාධිතයන්, දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට එක්වීමට නියමිතය. සංහිදියාව, සංස්කෘතිය, ආගමික හා ජාතික වශයෙන් වැදගත්කම පිළිඹිබු වන අයුරින් උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත. 78 වන ජාතික දින සැමරුම් උළෙලේ ආචාර වෙඩිමුර උත්තමාචාරය අද (04) පෙරවරු 11.30ට ගාලුමුවදොරදී පැවැත්වීමට නියමිතය.
Read More

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය මෙන්න.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇත. දසුන් ශානක, පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ එෂාන් මාලිංග කණ්ඩායමට ඇතුළත් කර ඇත.
Read More

අපිව CIDයට ගෙනාවත් බය නෑ.. නාමල් – පද්මේ සබඳතා.?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (03) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත. සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සමග පැවති සබඳතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත. පසුගිය (26) වැනිදා නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණද, ඔහු ඒ වනවිට ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටියේය. මේ අතර තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ කිරින්දේ පැවති හමුවකදී සඳහන් කළේ, "ආණ්ඩුව හිතනවා නම් අපිව CIDයට ගෙනල්ලා. අපෙ අම්මාව CIDයට ගෙනල්ලා. අපෙ තාත්තව ගෙනල්ලා ගල් අගුරු මගඩිය යටගහන්න, ඒක වෙන්නේ නෑ. ආණ්ඩුව හිතනවා නම් අපි CIDයට ගෙනාවාම බය…
Read More

මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු.!

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට සහ තවත් අයෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇත. නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මන්ත්‍රීවරයාට සහ තවත් අයෙකුට වරෙන්තු නිකුත් කර ඇත.
Read More

STF සෙබලෙක් වෙඩි තබාගෙන සියදිවි නසාගනී.!

විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇත. කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳුවුරේ සෙබලෙකු විසින් එලෙස වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇත.
Read More

මහ බැංකුවේ සියලුම මුදල් දුන්නත් දොස්තරලාට මදි.!

මහ බැංකුව සතුව පවතින සියලුම මුදල් ලබාදුන්නත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලන වුවමනාවන් ඉටු නොවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි සඳහන් කරයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගවලට එරෙහිව තවමත් තම රජයක් මඟින් අවම බලය භාවිතා කර නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි සඳහන් කරයි. අවුරුදු සියයක් පමණ පැරණි වෘත්තීය සමිතියක් සහ දැනට පරිණත තත්ත්වයේ තිබිය යුතු වෘත්තීය සංගමයක් විසින් මෙතරම් අපරිමිතව ක්‍රියා කරන්නෙ කෙසේද යන්න තමාට ගැටළුවක් ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි සඳහන් කරයි.
Read More