Local news

පාස්කු විමර්ශන ආරම්භ කිරීම වැඩක් නෑ.. පරණ විමර්ශන තියෙනවා.!

By Reporter.lk on (LK time) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව යළිත් විමර්ශන පැවැත්වීම රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන වාර්තා රැසක් පවතින බවත් ජාත්‍යන්තර පරීක්ෂණ ආයතන පවා මේ පිළිබඳව සිය නිගමන ලබාදී ඇති බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය (FBI) මෙන්ම බ්‍රිතාන්‍ය බුද්ධි අංශ පවා මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් කළ යුතු දෙයක් නොමැති බවට ප්‍රකාශ කර ඇති පසුබිමක නැවතත් පරීක්ෂණ පැවැත්වීම පලක් නැති ක්‍රියාවක් බවද රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කරයි.
Read More

ඉරානය වෙනුවෙන් චීනය එයි.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඉරානයට චීනයේ සහාය හිමිවන බව චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී, ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සමග පැවති දුරකථන සාකච්ඡාවකදී සඳහන් කර ඇත. ඉරානය සමග තිබෙන මිත්‍රත්වය චීනය අගය කරන බවත් ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය සහ ජාතික ගෞරවය ආරක්ෂා කර ගැනීමට චීනයේ සහාය හිමිවන බවද චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී සඳහන් කර ඇත.
Read More

ඉරාන න්‍යෂ්ටික මිසයිල.? ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.!

By Reporter.lk on (LK time) ඉරානයේ ගැටුම තවත් සති හතරක් හෝ පහක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති නමුත් එක්සත් ජනපදයට ඊට වඩා බොහෝ දුරයාමට හැකියාව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත. ටෙහෙරානයේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙය අමෙරිකාවට සහ විදේශයන්හි ස්ථානගත කර ඇති අපගේ හමුදාවන්ට ඉතා පැහැදිලි, දැවැන්ත තර්ජනයක් බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
Read More

මැදපෙරදිග වෙනුවෙන් රුසියාව එනවා.. පුටින් අනතුරු අඟවයි.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා ඇත. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායල ප්‍රහාර කලාපීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බැවින් මැදිපෙරදිග කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාව සක්‍රීය මැදිහත්වීමක් සිදුකිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කර ඇත. ගල්ෆ් කලාපයේ ප්‍රබල රාජ්‍ය නායකයින් සිව්දෙනෙකු සමඟ දුරකථන සාකච්ඡාවල නිරත වෙමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ බව සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඉරානයට පහරදීම සඳහා තම රට කඳවුරක් ලෙස භාවිතා නොකරන බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල…
Read More

ඉරාන උත්තරීතර නායකයාගේ බිරිඳ ඝාතනය කරයි.!

By Reporter.lk on (LK time) ඉරාන උත්තරීතර නායක අල් කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේදී ඝාතනය කර ඇතැයි ඉරාන රාජ්‍ය රූපවාහිනී නාළිකාව තහවුරු කර ඇත. අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය සහ මුණුපුරා ඝාතනය කළ අතර කමේනි සහ ඔහුගේ බිරිඳට දරුවන් හය දෙනෙක් සිටියි.
Read More

එමිරේට්ස් ගුවන් ගමන් නවතී.!

By Reporter.lk on (LK time) මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති යුදමය තත්ත්වය මත මැදපෙරදිග කලාපීය ගුවන් සීමාවන් කිහිපයක් වසා දැමීම හේතුවෙන් එමිරේට්ස් ගුවන් සේවය ඩුබායි රාජ්‍යයේ සිට සිදුකරන සියලුම මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇත. එමිරේට්ස් ගුවන් සේවය සිය සේවාව ඩුබායි රාජ්‍යයේ සිට සහ ඩුබායි දක්වා සිදුකරන සියලුම මෙහෙයුම් මාර්තු (03) වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේලාවෙන් පස්වරු 03:00 දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව එමිරේට්ස් ගුවන් සේවය සඳහන් කරයි.
Read More

ඉන්ධන පෝලිමේ ගිනිගත් යතුරුපැදිය.!

By Reporter.lk on (LK time) ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හලක් වෙත පැමිණ පෝලිමේ රැඳී සිටි යතුරුපැදියක් හදිසියේ ගිනිගැනීමකට ලක්ව ඇත. යාපනයේ, මරුදනාමඩම් මංසන්ධියේ ඉන්ධන පිරවුම්හලෙන් යතුරුපැදියට සම්පූර්ණයෙන්ම ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරුව මෙම ගිනිගැනීම සිදුව ඇත. හදිසි ගිනිගැනීමත් සමග වහාම ක්‍රියාත්මක වූ පිරවුම් හලේ සේවකයින් ගින්න පාලනය කිරීමට සමත්විය.
Read More

මහජන හදිසි තත්ත්වය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්.!

By Reporter.lk on (LK time) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පෙබරවාරි මස (28) වෙනිදා සිට ක්‍රියාත්මක වේ. දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මහජන ආරක්ෂාව, රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා සහ සැපයීම් පවත්වාගෙන යාම සදහා රට තුළ මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ විදුලි බලය, ඛනිජ තෙල්, සෞඛ්‍ය, ප්‍රවාහනය, ජල සැපයුම ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම ගිලන් රථ සේවා, බැංකු සහ රක්ෂණ සේවා කටයුතු ඇතුළු…
Read More

සෞදි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාර.!

By Reporter.lk on (LK time) සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ ඩ්‍රෝන යානා දෙක විනාශ කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ වෙතත් එම ප්‍රහාරය විනාශ කිරීමට උත්සහා කිරීමත් සමඟ සුන්බුන් විසිරීම හේතුවෙන් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන ඇති බවද සඳහන් කරයි. එම ගින්න හේතුවෙන් මේ වනවිට මෙහෙයුම් තාවකාලිව අත්හිටුවීමට කටයුතු කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More

ඉරාන නියමුවන් රහිත යානයකින් බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාර.!

By Reporter.lk on (LK time) ඉරානයේ නිෂ්පාදිත "ෂහෙඩ්" (Shahed) වර්ගයට අයත් නියමුවන් රහිත යානයකින් සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලයිඩ්ස් තොරතුරු අනාවරණය කර ඇත. ඉරානයේ නිෂ්පාදිත එම නියමුවන් රහිත යානයක් ඇක්‍රොටිරි (Akrotiri) ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැටී ඇති බව සයිප්‍රස් ජනාධිපතිවරයා සඳහන් කරයි. මෙම අනතුරින් දේපළවලට සුළු හානි සිදුව ඇති බවත් තමන් යුරෝපීය නායකයින් සහ අනෙකුත් රටවල නායකයින් සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බවද සයිප්‍රස් ජනාධිපතිවරයා සඳහන් කරයි.
Read More